IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


තව්හීත් ජමාත්-ජමාතෙයි මිල්ලතු සංවිධාන තහනම් කරයි

(හර්ෂණ තුෂාර සිල්වා)
 
ජාතික තව්හීත් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි යන සංවිධාන දෙක ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
 
2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පියවර ගෙන තිබේ. 
 
එම පියවර සහ ක්‍රියාමාර්ගවලට අනුව එම සංවිධානවලට අයත් සියලු දේපළ මෙන්ම එම සංවිධානවල ක්‍රියාමාර්ග අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.

මෙරට ක්‍රියාත්මක වන සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරම් ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පියවර ගනු ලැබ තිබේ. 

මේ අතර ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. 140කට ආසන්න පිරිසක් සිටින බවත් ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල කළ ජාතික තව්හීත්  ජමාත් සංවිධානය තහනම් කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා පැවැසීය.
 
ජාතික තව්හීත් ජමාත් සංවිධානය ඇතුළු අන්තවාදී සහ ත්‍රස්තවාදී සංවිධානවලට එරෙහිව පියවර ගැනීමට දැනට තිබෙන නීති ප්‍රමාණවත් නොවන බැවින් ඉදිරියේදී නව අණ පනත් ගෙන එමින් එවැනි සංවිධානවලට එරෙහිව පියවර ගන්නා බව ජනාධිපතිවරයා එහිදි පැවැසීය



අදහස් (5)

තව්හීත් ජමාත්-ජමාතෙයි මිල්ලතු සංවිධාන තහනම් කරයි

ruwan Sunday, 28 April 2019 10:12 AM

යුද්ධයෙන් පස්සේ LTTE වත්කම් නැතිවුණා වගේ මේ සංවිධානවලට අයත් මුදල් දේපල දේශපාලකයින් අතට පත් නොවේවායි පතමි..

:       24       229

චන්දා Sunday, 28 April 2019 11:17 AM

ජනාධිපති මාධ්‍ය අංශය 2019-04-27 දින නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය අනුව. තවුහීත් ජමාත් ඇතුළු සංවිධාන තහනම් කර නැත. "තහනම් කිරීමට පියවර ගනු ඇත" යනුවෙන් කීම තහනම් කිරීම නොවේ. මෙවන් බොරු ප්‍රචාර කරමින් ජනපති සිරිසේන හා ආණ්ඩුව රටේ ජනතාවගේ හැඟීම් මත පාවෙමින් කරන තුච්ඡ දේශපාලනය පිළිකුළෙන් යුතුව හෙලාදැකිය යුතුය. මේ අතර, පොදුවේ සියළු විද්‍යුත් මාධ්‍යය විසින් මෙය ප්‍රචාරය කළේද තහනම් කර ඇති බව කියමිනි. අද කාලයේ මාධ්‍යවල අවිචාරය හා මුග්ධබව තේරුම් ගැනීමටද මීට වඩා සාධක අවැසිද?

:       2       208

Perakum Sunday, 28 April 2019 11:39 AM

ඒ විතරක්ද? තව්හීද් ජමාද් නායකයා යයි කියාගන්න කෙනෙක් ආණ්ඩුවේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා පෙන්නුවේ...

:       1       193

සැවොම සිනාසෙති Sunday, 28 April 2019 12:24 PM

දැන් නිව්ස් බැලුවම හිතෙන්නේ රටේ හැම තැනම ආයුධ රැස්කරමින් මේ අන්තවාදීන් සිට ඇති බවයි.

:       0       124

Ranga Sunday, 28 April 2019 02:06 PM

තව්හිඩ් ජමාත්ට ඉස්සෙල්ල යූ ටියුබ් , ෆේස් බුක් තහනම් කරා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 54 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 45 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 68 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 260 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 426 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


බුද්ධිමය දේපල පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 05 146 0

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 766 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site