IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


තහවුරු කළ බුද්ධි තොරතුරුත් නොසලකා හැරියා

(දසුන් රාජපක්ෂ)

යහපාලන ආණ්ඩුව යටතේ පත්කළ හිටපු ආරක්ෂක ලේකම්වරුන් දෙදෙනෙකු විසින් තහවුරු කරගත් බුද්ධි තොරතුරු ලබා ගැනීමට කටයුතු නොකළ බව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂ සාක්ෂිකරුවකු පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද (09) ප්‍රකාශ කළේය.

බුද්ධි සේවා ප්‍රධානී අධ්‍යක්ෂ කාර්යාලය මගින් සම්බන්ධීකරණය කළ බුද්ධි තොරතුරු ලබා ගැනීමට කටයුතු නොකළේ  2017 වසරේ සිට 2019 වර්ෂය දක්වා කාලයන්හි ආරක්ෂක ලේකම්වරුන් ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න සහ හේමසිරි ප්‍රනාන්දු  යන මහත්වරුන් බව එම විශේෂ සාක්ෂිකරු ජනාධිපති කොමිසමට දැනුම් දුන්නේය.

සම්බන්ධීකරණය කළ බුද්ධි තොරතුරු ආරක්ෂක ලේකම්වරුන් අතට පත් නොවීම මගින් ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වූ බවද එම විශේෂ සාක්ෂිකරු පවසා සිටියේය.

ඉහත කී ආරක්ෂක ලේකම්වරුන් දෙදෙනාට බුද්ධි තොරතුරු සම්බන්ධීකරණය කර දැනුම් දීමට තමා අවස්ථා ගණනාවකදී උත්සහ කළ  ද ඊට අවකාශ නොලැබුණු බවද එම විශේෂ සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.

මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කාර්යාලයේදී අද (09) පැවැත්විණි.

 

 



අදහස් (6)

තහවුරු කළ බුද්ධි තොරතුරුත් නොසලකා හැරියා

sudath Thursday, 09 July 2020 12:40 PM

යහපාලන ආණ්ඩුවේ වැඩ දැන් තමයි එළියට එන්නේ...

:       702       673

Indunil Thursday, 09 July 2020 01:05 PM

ඔය ඊනියා ආරක්ෂක ලේකම්වරු කලේ තමන්ට භාර දුන්නු රාජකාරිය... ඒ තමයි "රටේ අනාරක්ෂාව තහවුරු කිරීම"... ඒක එම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය... දඬුවම් ලැබිය යුත්තේ අර දැන් පණ කඩාගෙන දුවන පොලිස්පතිටවත්, මේ ඊනියා ආරක්ෂක ලේකම්වරුන්ටවත් වඩා, ප්‍රතිපත්ති හදපු අයටයි.. හැබැයි ඉතිං ඒක මලාට වෙන්නේ නෑ. මොකද මිනිස්සුන්ට තාම ඒ අය වීරයින් නිසා. මේ පාරත් ඉහළින්ම දිනවා පාර්ලිමේන්තු එවනවා නියතයි!

:       0       81

de silva Thursday, 09 July 2020 02:48 PM

සුදත්, යහපාලන ආණ්ඩුවේ ආරක්ෂක ඇමැතිකම සහ විධායක ජනාධිපතිකම බාරව සිටි පුද්ගලයා දැන් ඉන්නේ පොහොට්ටුවේ.

:       552       728

peirisFriday, 10 July 2020 01:37 AM

හරියටම හරි. ඔහුගේ වාර්තාවම දේශපාලනය දිහා බැලුවාම හොඳින්ම තේරුම් ගතහැකි... ප්‍රහාරය වෙන්නට ඉඩදීලා මගහැරීම සැලසුම් කරපු දෙයක් බව... එවක විපක්ෂයේ බලයට ගේන්න කරපු යටිකූට්ටු කුමන්ත්‍රණ... පව් මැරිච්ච අහිංසක මිනිස්සු...

:       0       0

samarageFriday, 10 July 2020 06:42 AM

ආරක්ෂක ඇමැතිට යටින් සිට කටුව ගැහුවේ අගමැති සහ කල්ලියයි.

:       0       50

sharm warn Friday, 10 July 2020 03:20 AM

බුද්ධි අංශවලින් දුන්න තොරතුරු නොසලකා හැරියා කියන එක මුළු රටම දන්නවා. මේ කොමිසම පොඩි ටෙලිනාට්‍යයක් විතරයි. ඡන්දෙ ඉවර වෙනකල් මේක යාවි. ඊට පස්සේ ගියවතාවේ වගේම මහා පතරංග ජාතකේ වගේ වාර්තාවකුත් දේවි. එතැනින් සේරම ඉවර වේවි. වැරැදි කාරයොත් නැහැ, දුන් දඬුවමකුත් නැහැ... කියලා කියයි. මෙහෙමත් පාලකයින් ඉන්න රටක්...

:       1       40

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 672 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 186 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 553 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 137 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1842 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 186 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site