IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


දකුණු දිග අහසේ විශාල ආලෝකයක් සමග ශබ්දයක්

(සිරංගිකා ලොකුකරවිට සහ අමල් වික්‍රමරත්න)

විශාල එළියක් විහිදුවාගෙන අහසේ වේගයෙන් යම් වස්තුවක් ඇදී ගිය බවත් මහ ශබ්දයක් සමග වහළ මතට සහ ගස් මතට දුහුවිලි වැටෙන්නාක් මෙන් දැණුනු බවත් පිටබැද්දර ප්‍රදේශවාසීහු පවසති.

මෙම ආලෝකය නෙළුව, තවලම, හක්මන, දෙනියාය වැනි ප්‍රදේශවල ජනතාව විසින් දැක ඇති අතර බොහෝ දෙනකුගේ මතය වන්නේ උල්කාපාතයක් කඩා වැටෙන්නට ඇති බවයි.

ගාල්ල ,හබරාදුව, පිටබැද්දර,අකුරැස්ස ප්‍රදේශවලටද මෙම ශබ්දය ඇසුණු බව වාර්තාවෙතත් සිද්ධියක් දුටු කෙනෙක් හෝ සිදුවීමක් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැතැයි ප්‍රදේශවාසීහු කියති.



අදහස් (24)

දකුණු දිග අහසේ විශාල ආලෝකයක් සමග ශබ්දයක්

Ruwantha ranganath Wednesday, 18 October 2017 05:24 PM

ඇඹිලිපිටිය අපිත් දැක්කා මේක...

:       13       69

Dammini Fonseka Wednesday, 18 October 2017 05:28 PM

මෙය කඩා වැටීමට නියමිතව තිබුණු අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටසක්ද දන්නේ නෑ..

:       63       31

Dammini Fonseka Wednesday, 18 October 2017 05:31 PM

එය චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක දෙයක් වත්ද?

:       102       30

ජගත් ලියනගේ Wednesday, 18 October 2017 05:31 PM

අර මනුස්සයා බඩු එවලා වත්ද? සම්බාධක එහෙමත් දැම්ම නේ ...

:       5       423

Malith Wednesday, 18 October 2017 05:37 PM

අපි ඉන්නේ කොළඹ.. අපිත් එළියක් දැක්කා 8.30ට විතර..

:       1       23

Pubudu Wednesday, 18 October 2017 05:38 PM

ටොන් 8ක් බරැති චීනයේ ටන්ගොන් 1 නමැති අභ්‍යාවකාශ මධ්‍යස්ථානයද පාලනයෙන් තොරව පෘථිවිය වෙත කඩාවැටීමට ඉතා අසන්න බව පසුගියදා වාර්තා විය. කඩා වැටෙන දිනයක් වේලාවක් හෝ ස්ථානයක් පිළිබඳව පැවසීමට නොහැකි බව චීන අභ්‍යාවකාශ එ්ජන්සිය පවසා ඇත. මෙම ශබ්දය හා ආලෝකය ඊට සම්බන්ධයක් තිබිය හැකිය.

:       24       169

Dhammika gamage Wednesday, 18 October 2017 05:44 PM

මම දැක්කා 8.45ට විතර ඉතාමත් දීප්තිමත් එළියක් වල්ගයක් සහිතව. පොළවට අඩි 50ක්, 60ක් විතර උසින් පොළවට සමාන්තරව වේගයෙන් ගියා. මම දැක්කේ ගාල්ල, කරාපිටියට ආසන්න හිරිඹුර ප්‍රදේශයේදී...

:       5       19

sahanThursday, 19 October 2017 09:09 AM

අනේ බයිලා කියන්න එපා සද්දේ ගාල්ලට ඇහුණට.....අඩි පනහක්, හැටක් උඩින් ඕක ගියා නම් පුදුමයි....ඔයා වයින් ස්ටෝස් එකෙන් බාගයක් අරගෙන පාරේ අයිනේ තියාගෙන ගහල යනකොට නේද ඕක උනේ, ඔය ඇල්කොහොල් මතට හිතෙන දේවල්.......

:       0       30

පිටිගල මිලානෝ Wednesday, 18 October 2017 05:55 PM

ලංකාවේ ගම්වල සමහරුන්ට එක එක කාලවල අභූත දෝෂ හැදෙනවා එක රැල්ලට. ලංකාවේ මිනිස්සු මානසික අසහන හැටියට වෛද්‍ය ප්‍රතිකාර ගන්න යන්නේ පිස්සු හැදුනම විතරයි.

:       605       3

dasunThursday, 19 October 2017 03:17 AM

පිටිගල කියන්නෙත් ගමක් නේද. නැත්නම් ඉතාලියට ගියාම බටහිර භූත දෝෂයක් හැදුනද තමුන්ගේ මුල අමතක වෙන්න. ඔය පැත්තේ හොඳ මානසික වෙද්දු නැත්නම් ලංකාවට ඇවිත් බේතක් අරන් යන්න. මේ නම් නියම මල්ලේ පොල් ලියලා තියෙන්නේ.

:       1       138

amaThursday, 19 October 2017 04:09 AM

ඔය දන්නා දෙයක් කතා කරන්න. මේක කොළඹ හිටපු අපිත් දැක්කා.

:       0       10

දිලාන් Thursday, 19 October 2017 04:35 AM

ඔබතුමා දැන් ජීවත් වෙන්නේ දියුණු ශිෂ්ඨ සම්පන්න සමජයකනේ....... ඉතින් මේ වගේ තැනකට ඇවිල්ල ප්‍රතිචාර දක්වන එක මෝඩකමක් කියල හිතෙන්නේ නැද්ද?

:       0       30

Anton Austria Thursday, 19 October 2017 09:03 AM

ඔයාට ලොකුයි වගේ නේද ? මිලානෝ හිටිය කියල....අනේ හලෝ ඔහේ ඉන්න 90 % ක්ම ඉතාලි අයගේ ගෙවල් පරිසිදු කරන්නේ එහේ. ගොන් කතා කියන්න එපා. තාමන් ඉපදුන රටට ගරහන මිනිස්සු.

:       1       41

W.N sampath Wednesday, 18 October 2017 05:56 PM

මම දුටුවේ විශාල නිල් ආලෝක ධාරාවක් පොළව මට්ටමේ සිට අඩි 400 තරම් ඉහල අහසේ සිරස් අතට ගමන් කර අතුරුදන් වී ගිය ආකාරයයි. මේ ආලෝකය කොතරම් දීප්තිමත්ද කිවහොත් රාත්‍රී කාලයේ ගස්වල මුදුන් පවා දැකගැනීමට හැකිවිය. ඉන් තත්පර 30 ක් වගේ කාලයකට පසු විශාල පිපුරුම් හඬක් දකුණු දෙසින් ඇහුණා. අපි ගාල්ලේ තවලම ප්‍රදේශයෙන්...

:       0       41

Asanka Sampath Kalawana Wednesday, 18 October 2017 06:09 PM

මේ සේවාව ඉතා වටිනවා

:       1       603

bandula Thursday, 19 October 2017 12:43 AM

ඔන්න දැන් නම් ලෝක විනාසය ළඟයි වගේ , කට්ටිය කටවල් පරිස්සන් කරගෙන හිටියොත් හොඳයි වගේ

:       0       15

Kamal Thursday, 19 October 2017 01:21 AM

දකුණේ අපිට පිහිට වෙන්න දෙවියෝ ඇවිත්.. සාදු සාදු සාදු.

:       0       8

ධම්මික Thursday, 19 October 2017 01:41 AM

හොරණ මමත් දැක්ක නිල්පාට ආලෝක ධාරාවක්.

:       1       10

jayath Thursday, 19 October 2017 03:12 AM

කව්ද මේකට මේ උල්කාෂම ,උල්කාපාත කියන අය මේක ෂුවර් එකටම පිටසක්වල යානයක් අපේ"යහපාලනෙන් " උපදෙස් අරගෙන යන්න ආපු එකක් ඔන්න බලන්න හෙට අනිද්දම අපේ උතුමෙකුගේ ශ්‍රී මුකයෙන් සත්‍යය වදාරවී ! එතකන් ඉන්න ඉවසීමෙන්

:       0       122

sahan Thursday, 19 October 2017 08:12 AM

ඔය කියන ශ්‍රී මුඛය ඇත්තේ කොහිද? දන්තාචාර්යෙක් ළඟද. මුඛය උඩ වාඩිවී කතාකරන්නෝ ඉඳීවිද?

:       0       48

Susantha Thursday, 19 October 2017 08:32 AM

මමත් ඊයේ 8.30 පමණ දෙමටගොඩ දී මෙය දුටුවා ......මම හිතනවේ කාටහරි යවන ලද ආලෝක සංඤාවක් කියලා...

:       0       1

Kumari Thursday, 19 October 2017 10:51 AM

ලංකාවට කිට්ටු රටවල පත්තර බැලුවොත් දකින්න පුළුවන් එ් රටවලත් ඕක දැකල කියල.

:       0       1

kumar (galf) Thursday, 19 October 2017 11:48 AM

අර පරණ කොටින්ගේ කුරුම්බැට්ටි ගුවන් යානයක්වත් දන්නේ නෑ!

:       0       1

minipe Thursday, 19 October 2017 03:45 PM

හනිකව අහසට දෙසට දෑත් යොමුකර වදින්න. මේකනම් දේවතා එළියක්.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4728 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 106 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 112 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 158 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 875 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 264 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site