කේ බුද්ධික කුමාරසිරි
දක්ෂිණ අධිවේගී මාර්ගයට අතුරුගිරිය පිවිසුමෙන් ඇතුල් වී කොට්ටාව දෙසට ධාවනය කළ තී‍්‍රරෝද රථයක් අද (14) දහවල් කොට්ටාව පිවිසුම ආසන්නයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී මාර්ග රථ වාහන පොලිසිය පවසයි.
මෙම තී‍්‍රරෝද රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමෙන් මාර්ගයට ඇතුළු කිරීමට පැමිණීමේදී එහි සිටි ආරක්ෂක නිලදාරීන් ඊට විරෝධය පා නැවත හරවා යන ලෙස පවසා තී‍්‍ර රෝද රථය හරවා ගැනීම සඳහා ආරක්ෂක කඩුල්ල විවෘත කල අවස්ථාවේදී මෙම තී‍්‍ර රෝද රථය දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කර කොට්ටාව දෙසට ධාවනය කර ඇති බවද එම පොලිස් ඒකකය පවසයි.
පසුව දක්ෂිණ අධිවේගී මාර්ග රථ වාහන අංශයේ නිලධාරීන් වහා කී‍්‍රයාත්මක වී තී‍්‍ර රෝද රථය ලූහු බැඳ ගොස් කොට්ටාව පිවිසුමට ආසන්නයේදී තී‍්‍ර රෝද රථය නවත්වා අත් අඩංගුවට ගැනීමට කටයුතු කළ බවද පොලිසිය කියයි.
දක්ෂිණ අධිවේගී මාර්ග රථ වාහන පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගත් මෙම තී‍්‍ර රෝද රථය සහ එහි රියදුරු හෝමාගම පොලිසියට භාර දී තිබේ.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ තී‍්‍රරෝද රථයක් ධාවනය කරලා
asiri Wednesday, 14 February 2018 11:03 AM
පොහොට්ටු පොරක් වැඩ අල්ලලා වගේ...
සාරාසී Wednesday, 14 February 2018 11:39 AM
පැරදුණු කෙනෙක් වෙන්නත් බැරි නෑ...
SanathWednesday, 14 February 2018 11:47 AM
පොහොට්ටු නොවෙන අපි නම් දැන් භය වෙලයි ඉන්නේ.
BamunuarachchiWednesday, 14 February 2018 02:52 PM
මොකද බැංකු වංචාවට සම්බන්ධයිද?
sahanWednesday, 14 February 2018 12:17 PM
එජාප කාරයො ඒ අයගේ ලොක්කෝ වගේම තමයි. කිව්වොත් මොකක් හරි අදාල නැති කතාවක් තමයි..
BamunuarachchiWednesday, 14 February 2018 02:10 PM
ඔබ හරියට හරි
susantha Wednesday, 14 February 2018 11:36 AM
කුජිත වෙන්න පැරදිලා ලජ්ජාවට හැංගෙන්න යන අලියෙක්, සීනුවක්, බුලත් කොළයක්ද දන්නෙත් නැහැනේ!
lalWednesday, 14 February 2018 12:51 PM
මේ ඡන්දෙට ඉල්ලපු අයගේ සහ දිනපු අයගේ පැටිකිරිය අහපුවාම සදාකාලිකවම හැංගෙන්න හිතෙනවා. මහරගම දිනපු අය මහරගම පස්පාගලාවත් නැතිලු. ඔන්න අපේ ඡන්ද දායකයොයි, පක්ෂ නායකයොයි වැඩකරලා තියෙන හැටි.
BamunuarachchiThursday, 15 February 2018 12:58 AM
පැරදුන අයගේ පැටිගිරිය දන්නා නිසා ඔවුනට ඡන්දය දෙන්න සිතුවේවත් නැත
htadis Wednesday, 14 February 2018 11:42 AM
මොනවටද සැකපිට අත් අඩංගුවට ගන්නේ... වරද පැහැදිලිවම පේන්න තියනකොට?
BamunuarachchiWednesday, 14 February 2018 02:17 PM
මොනවා කරන්නද නොදන්නාකම ගැන... පොලිසිය කිසිවෙකු වරදකරු කියා තීන්දු කරන්නේ නැත. ඒක කරන්නේ උසාවියෙන්... උසාවියෙන් තීන්දුව දීලා දඬුවමත් නියම කරනවා. රටේ නීති ක්‍රීයාත්මක වෙන හැටිත් ටිකක් ඉගෙන ගෙන ඉන්න ඕනේ මොකද නීතිය නොදැනීම නිදහසට කාරණාවක් නොවෙයි.
Raveendra Wednesday, 14 February 2018 11:48 AM
ගමේ ගවමඩුවට තේරුණු අලුත් "අම්බරුවෙක්" වියයුතුය. උපරිමයෙන් දඬුවම් කළ යුතුමයි.
ඩී. ජයදේව Wednesday, 14 February 2018 12:00 PM
මෙවැනි මහත්වරුන්ව දැන්ම බැඳ දැමුවේ නැත්නම් ලොකු සමාජ පිළිලයක් වෙනවා.
රුක්මාල් Wednesday, 14 February 2018 12:04 PM
බොහෝ පැටලිලි සහිත ප්‍රකාශයකි... පොලීසිය මීට වඩා වෘත්තීය මට්ටමක් දැක්විය යුතුයි...
නුමා Wednesday, 14 February 2018 12:33 PM
ලංකාවේ ඡන්දෙ දාන්නෙත් මේ වගේ තමයි. ඉදිරිය ගැන හිතන්නේ නැහැ. ෆේස්බුක්, ඉන්ටර්නෙට් එකේ දවස පුරාම හිටියත්, අධිවේගී මාර්ගයකින් හිතුමතේ එළියට යන්න බැහැ කියන එක තේරුම් ගන්නේ නැහැ. අන්න ඒ වගේ තමා, උගත් වුණත් සාමාන්‍ය දැනීම නැහැ. අද කනබොන විදිහ තමා හිතන්නේ...
Neelaka Wednesday, 14 February 2018 01:13 PM
සිත නිවන කතා බොහෝමයි.....!!!
Bamunuarachchi Wednesday, 14 February 2018 02:25 PM
මෙයා කා සමග හෝ ඔට්ටුවක් අල්ලලා තිබුණාද බලන්න අධිවේගී මාර්ගයේ යනබවට... එහෙම නම් දඩය ගෙව්වාට පාඩු නැහැ. ඔට්ටුව දිනලා නිසා මොකද මෙයා අතුරුගිරියේ ඇතුල් වෙලා කොට්ටාවෙන් පිට වෙලා .
boora Wednesday, 14 February 2018 03:15 PM
නියම පොහොට්ටුවෙක් වෙන්න ඇති. දැන් ඉතින් දිනුව නිසා ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඕවා හැදුවේ කාගේත් සල්ලිවලින් නේද?
wije Wednesday, 14 February 2018 04:30 PM
අනේ මන්දා මටනම් මෙතන වෙන මොනවාහරි දෙයක් තියෙනවා කියලා හිතෙනවා. ත්‍රී රෝද රථය හරවන්න ආරක්ෂක කඩුල්ල විවෘත කරන්නම ඕනෑද ඇයි ත්‍රී රෝද රථය පොඩ්ඩක් පස්සට අරගෙන හරවන්න බැරිද. අනෙක ත්‍රී රෝද රථයක් හරවගන්න තරම්වත් ඉඩක්නැති පිවිසුමක්ද අතුරුගිරියේ තියෙන්නේ. අනේ මන්ද ඉතින් මේවා දන්නේ දෙවියෝ තමයි.
නුමාWednesday, 14 February 2018 10:50 PM
විජේ අධිවේගී මාර්ගයකට ඇතුල් වෙලාම නැහැ වගේ. අධිවේගී මාර්ගයේ ප්‍රවේශපත්‍ර කවුළුව ළඟට ගිය පසු ආපසු හරවා ගන්නට තැනක් නැහැ. වාහන නොමැති වෙලාවක් බලා දොරටුව විවෘත කර දෙනවා හරවා ගන්නට (මමද වරක් යායුතු පැත්ත වැරදීමෙන් මෙවැනි අවස්ථාවකට මුහුණ දුන්නෙමි). එසේ ඉඩ දෙන්නේ හරවාගන්නට මිසක, ඉදිරියට යන්නට නොවේ.
BamunuarachchiThursday, 15 February 2018 12:52 AM
මේවා තමයි ඔලු කියන්නේ අපි මොනවා කියන්නද? මෙරටේ මිනිස්සු හිතන විදිහ තමයි
Nuwan Wednesday, 14 February 2018 04:42 PM
අතුරුගිරියේ ඇතුල්වෙලා කොට්ටාවෙන් පිටවෙලා අධිවේගේ ඉන්න පොලිසිය පයින් ගිහින් මෙවැනි අය අල්ලන්නේ .. හිනා කාල මැරෙනවා
RANJITH Wednesday, 14 February 2018 08:13 PM
මේ අය මොනවද කතාකරන්නේ. මහත්වරුනි මාතෘකාවට අදාලව කොමෙන්ට් දාන්න. අපේ කාලය කන්නේ නැතුව.
Bamunuarachchi Thursday, 15 February 2018 03:20 AM
නුවන් ඔබේ අදහස කියෙව්වාම මටත් හිනා කාල මැරෙනන හිතුණා. ඒ ඔබේ දැනීම ගැන. අධිවේගී මාර්ගයේ ඔබ ගොස් තිබෙනවා නම් දකින්න ඇති අධිවේගී මාර්ගයට ඇතුළුවන ස්ථානයේ සිටින පොලිස් නිලධාරියාට කිසිම වාහනයක් නැතිබව. ඉතුරු හරිය මම කියන්න ඕනේ නැහැනේ.
aslam Thursday, 15 February 2018 04:50 AM
ඔහු වීරයෙක් වෙන්න බලන්න ඇති.
Sudarshana kaluaggala Thursday, 15 February 2018 06:39 AM
ඔය පාර හදන්න සල්ලි වැඩිපුරම ගත්තේ පොඩි මිනිහගෙන් තමයි ඒත් ඒ මනුස්සයට පාරේ යන්න අයිතියක් නෑ.
Siri Thursday, 15 February 2018 02:33 PM
විජේ ! එහෙම අපහු හැරෙව්වොත් විරුද්ධ පැත්තට ධාවනය කරන්න වෙනවනේ. එතකොට හරි ජංජාලයක් වෙන්නේ! ඒකනේ දොරටුව ඇරලා අනිත් පැත්තට හරවන්න හැදුවේ. තේරෙන්නේ නැද්ද?
sampath Saturday, 17 February 2018 08:13 AM
මට පේන්නේ පිවිසුමේ අය නිදා ගෙන වගෙයි. වැරදි වාහනයක් අාවම ගේට්ටුව අැරලා දෙන්නේ මොන කෙනාද? උදාහරණයක් විදියට ගෙදරට හොරෙක් අාවම ගේ ඇතුළට දොර ඇරලා ගත්ත වගේනේ.. ඕනෙතරම් ඉඩ තියෙන්නේ ආපස්සට ගන්න.. මේක නම් නොසැලකිල්ල... ඒ ගේට්ටුවේ හිටපු අයට විනය ක්‍රියාමාර්ග ගන්න. අනික පොලිසියට ත්‍රීවීල් එක අතුරුගිරියේ ඉඳන් කොට්ටාවට එන කම් අල්ලන්න බැරිවුණා කියන්නේ මොන විහිළුවක්ද? ඒ කියන්නේ අධිවේගයත් අනාරක්ෂිත තත්වයට ඇදවැටිලා...
Sathyayaa Saturday, 17 February 2018 11:27 PM
දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කරන වෙලාවේ ජයඝෝෂා නගලා තාත්තලා, පුතාලා නවීන පන්නයේ බී.එම්.ඩබ්ලිව් වාහනයක නැගලා නියමිත වේග සීමාවත් උල්ලංඝනය කරලා රටට පෙන්වූ සංදර්ශනයේ ආනිසංශ තමයි මේ. කිව්වේ නම් අධිවේගය ජනතා අයිතියට පත් කළ බවයි. මේ ත්‍රී වීලර් කරුවාට අමතක වී ඇත්තේ "ජනතාව" අතර ඔහු අයත් වන පන්තිය කුමක්ද යන්නයි. ජනතාව කිව්වට හැමෝම ජනතාව නොවන බව ජනතාව දැන්වත් පසක් කර ගත යුතුයි.