IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


දිනපතා සුපිරි මඟේ වාහන 90 ක් කාර්මික දෝෂවලට

සුමතිපාල දීයගහගේ
 
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී  වාහන 80-90 ත් අතර සංඛ්‍යාවක් දිනපතා කාර්මික දෝෂවලට ලක්වන බව පවසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු සහ මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයට වාහනයක් ඇතුළු කිරීමට පෙර වාහනයේ ඉන්ධන වතුර බැටරි ටයර් තිරිංග සහ පහන් ආදියේ තත්වය පරික්ෂාකර බලා රථය දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කරන මෙන්  රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
 
වාහනවල කාර්මික දෝෂ නිසා අතර මග නවතන මෙම වාහන හේතුවෙන් අනතුරු සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බවද ඒ මහතා පවසයි.
 
මේ පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කළ ඕපනායක මහතා මෙසේද කීය.
 
පාසල් නිවාඩු නිසා මේ දිනවල දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිනකට වාහන හැත්තෑ දහසත් අසූ දහසත් අතර ප්‍රමාණයක්  ධාවනය වෙනවා. මෙම වාහන අතර කාර්මික දෝෂ සහිත වාහනද ධාවනය වෙනවා. එවැනි වාහන අනූවක් පමණ දිනපතා කාර්මික දෝෂවලට ලක්ව පාරේ නවතා තබනවා. මෙය ඉතාම අනතුරුදායක තත්වයක්. ඒ නිසා වාහනයක් අධිවේගී මාර්ගයට ඇතුළු කිරිමට පෙර ඒවායේ ටයර් බැටරි වතුර තිරිංග ආදිය පරික්ෂා කර බලන්න.

මෙවැනි අඩුපාඩු සහිත වාහන අධිවේගී මාර්ගයට ඇතුළු කිරිම නිසා සෙසු රියදුරන්ද අපහසුවට පත් වෙනවා. විශේෂයෙන්ම කාර්මික දෝෂයකට ලක්වු වාහන හැකි තරම් අයින්කර නවතා තබන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා යයි ද ඕපනායක මහතා කීය.  



අදහස් (8)

දිනපතා සුපිරි මඟේ වාහන 90 ක් කාර්මික දෝෂවලට

de silva Tuesday, 28 August 2018 05:59 AM

ලංකාවට වාහන ගෙන්වන විට ගසන අධික බද්ධ නිසා මිනිස්සු පරණ විෂදුම් පිට කරන වාහන භාවිත කරන්න පෙලබිලා, එම වාහන කාර්මික දෝෂ නිසා මග නතර වෙනවා , කොළඹ වාහන තද බදයට එක හේතුවක් ගාට ගාට යන නිතර නිතර මග නවතින පරණ වාහන. ඒවා මග කැඩුනහම වාහනෙන් බැහැල පාරේ යන මනුස්සයෙක් දෙන්නෙක් කතාකරගෙන තල්ලු කරලා දමාගන්න විනාඩි 5 කට වැඩිය කාලයක් ගතවෙනවා. උදේ හවස කාර්යාල වෙලාවට මෙහෙම වාහන එකක් දෙකක්ක මග නතර වුනහම ට්‍රැෆික් එක නිකන්ම නිර්මාණය වෙනවා.

:       0       123

AsankaTuesday, 28 August 2018 07:41 AM

සහතික ඇත්ත, 200% , 300%ක් බදු ගෙවාගෙන ජපානයෙන් ගෙන්වන රිකන්ඩිශන් කියන වාහනත් එහෙ අනතුරුවලට, ගං වතුරට ලක්වුන ආර් ග්‍රේඩ් ඒවා හොරට හදල එවනවා , අපේ අය නොදැන ගන්නේ, එහෙම එකේ වසර 15 , 20 පරණ ඒවා මහමග නැවතීම ගැන කවර කතා ද , කෝ ඔතන කියල තියනවද අපේ එක ඇමතිකෙනෙක්ගේ සහරා වී 8 එකක් මග හිටිය කියලා.

:       0       8

රවින් Tuesday, 28 August 2018 06:09 AM

වැඩේ නතර කරන්න හරිම ලෙහෙසියි. කාර්මික දෝෂය අනුව දඩ මුදල් එවෙලේම අයකිරීම. වාහන බලපත්‍රය කොච්චර කල් වෙනවද? දුම් පරීක්ෂණයෙන් සම්මත්වී කොපමණ කල්ද?

:       43       18

Perera Tuesday, 28 August 2018 07:28 AM

ලංකාවේ ධාවනය වෙන වාහන බොහොමයක් කාර්මික අතින් ප්‍රමිතියකින් තොර ඒවා. වාණිජ වාහන වලට කාර්මික ප්‍රමිති පරික්ෂාවක කලත් එතන දූෂණය තියෙන නිසා අල්ලස් දීල අබලන් වාහන වලටත් ප්‍රමිති සහතික ගන්නවා. සාමාන්‍ය වාහන වලට දුම් පරික්ෂාව ඇරෙන්න ටයර්, විදුලි ආලෝක පද්දති, සංඥා ආලෝක පද්ධති, තිරිංග පද්ධති එහෙම කවදාවත් පරික්ෂා කරන්න නීතිගත ක්‍රමවේදයක් රටේ තාම නැහැ. ඉතින් අධි වේගී මාර්ග වල වේගයෙන් ගමන් ගන්න තරම් සුදුසු ප්‍රමිතියකින් බොහෝ වාහන නැහැ.

:       1       3

Bamunuarachchi Tuesday, 28 August 2018 07:41 AM

දැන් කියයි අධිවේගී පාරේ දෝෂ නිසා වාහන මගනවතිනවා මේකට මහින්ද මහතා වගකියන්න ඕනේ කියලා

:       2       18

ajith Tuesday, 28 August 2018 08:26 AM

බදු ගහන තරමට සාමාන්‍ය මනුස්සුයෙකුට අලුත් වාහනයක් ගන්න පුලුවන්ද. පරණ වාහන වැඩි වෙනකොට මග නවතින එකත් වැඩි වෙනවා.

:       0       50

sampath Tuesday, 28 August 2018 10:48 AM

වාහනයක් මොන වෙලාවේ කාර්මික දෝෂයක් ගෙන දෙයිද කියන්න බැහැ..... වෙඩිපුරම අධි වේගයේ නතර වෙන්නේ ඔය අලුත් වාහන එකට නිශ්චිත හේතු කියන්න බැහැ....... එත් කෙටි දුර ධාවනයවන වාහන එකවරම දිගු දුර ධාවනය වෙද්දී යම් යම් දෝෂ ඇති වෙන්න පුළුවන් කොහොම උනත් මේවා සාමාන්‍ය දේවල්..... මොබිලේ යුනිට් එකක් හදන්න මේවා එතනදීම අලුත් වැඩියා කරලා සාදාරණ ගනණක් ගන්න මේකට අවශ්‍ය තරුණයන් වෘත්තීය පුහුණු ආයතනවල ඉන්නවා

:       0       17

BamunuarachchiTuesday, 28 August 2018 10:59 PM

එහෙමනම් සව්දි අරාබියේ පාර පුරාම වාහන නැවතිලා තිබෙන්න ඕනේ. මගේ ඔෆිස් එක තිබුනේ අබ්කෙක් වල මගේ විලා එක තිබුනේ දමාම් වල දුර කිලෝමීටර් 85 යි. මම විනාඩි 30 න් කාර්යාලයට එනවා. එහෙ සාමාන්‍ය වේගය පැයට කිමි. 120 යි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 186 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 180 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 330 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1062 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 967 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1284 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 457 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site