(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරුන් සහ නියාමකවරුන් හෙට (05) පෙරවරු 8.00 සිට සෙනසුරාදා (06) පෙරවරු 8.00 දක්වා පැය 24ක වර්ජනයක යෙදෙන බව රියදුරු සහ නියාමක සංගම් පවසයි.
සයිටම් ආයතනයට එරෙහිව හා විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව මෙම වැඩවර්ජනය කරන බවද එම සංගම් කියයි.
මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් මෙම වර්ජනයට එක් නොවන බව ද එම සංගම් පවසයි.
ලංගම සහ පෞද්ගලික බස් රථ වර්ජනයකින් තොරව සාමාන්‍ය පරිදි ධාවනය වන බව ලංකා පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි.
ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ ද සාමාන්‍ය පරිදි ධාවනය වන බව ලංගම ජාතික සේවක සංගමයේ ලේකම් රංජිත් විජේසිරි මහතා පවසයි.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දුම්රිය රියදුරෝ, නියාමකවරු හෙට පැය 24 ක වර්ජනයක
mahinda Thursday, 04 May 2017 11:56 AM
ජනපති තුමනි, ඔබගේ නිහඬ හා ලිහිල් පිළිවෙතින් රටම අමාරුවේ වැටෙන බවයි දැනෙන්නේ. දුක් විඳින්නේ ජනතාවයි, දේශපාලකයන් තමන්ගේ වාසියට වැඩ. ලෝකයම ජය ගත්තට රට ගොඩ ගන්න බැරිනම් පලක් තියේද?
lanka Thursday, 04 May 2017 12:21 PM
මේ අය හේතුවක් නැතුව වර්ජනය කරනවා. දුම්රිය සේවයේ කිසිම දියුණුවක් තියනවද? මේවා පුද්ගලික අංශයට පවරලා හොද දුම්රිය සේවයක් හදන්න.
parakkrama Thursday, 04 May 2017 12:50 PM
දුම්රිය රියදුරන්ගේ හා නියාමකවරුන්ගේ උපාධිවලට සයිටම් ආයතනයේ උපාධිය කොයිතරම් දුරට බලපානවාද , මේගොල්ලන්ගේ පැත්තෙන් බලනකොට එම ආයාතනය නිසා ඒ අයට හෝ මහජනතාවට හෝ සිදුවන අසාධාරණය හා පාඩුව කුමක් දැයි මා නොදන්නා නිසා කවුරුන් හෝ තේරුම් කර දුන්නොත් ලොකු පිනක්.
දිලංක Thursday, 04 May 2017 04:23 PM
ලංකාවේ නෙමේද ඉන්නේ ..ලෙඩ උනහම හොර දොස්තරලගෙන් බෙහෙත් ගන්න වෙන නිසානේ මහත්තයෝ ඒ ගොල්ලෝ සහය වෙන්නේ .....දැන් මට පින අයිති වෙයිද ..පහදලා දුන්නට
athuraFriday, 05 May 2017 03:21 AM
මේකෙන් එන්නේ හොර දොස්තරලා නම් සර් ජෝන් එකෙන් එන්නෙත් හොර දොස්තරලානේ. ඔයාට පින අයිති වෙන්න විදිහක් නැහැ. ඕක වැරදි පහදා දීමක් නිසා...
NihalFriday, 05 May 2017 05:41 AM
මොනවා දැනගෙනද නිලංකා කතා කරන්නේ? කව්රුහරි කියන දෙයක් කියල බොරු වීරයෙක් වෙන්න හදනවද? හරියට කරුණු සොයා බලන්න...
ජයරත්න Thursday, 04 May 2017 02:20 PM
ජනාධිපතිතුමා විහිළුවට කියපු දේ වුනත් සලකා බලන්න කාලේ හරි වගේ.
sena Thursday, 04 May 2017 03:03 PM
ගාල කඩාගත්තා හරක් තමන්ගේ ඉඩමත් කාලා අනුන්ගේ ඉඩමත් කනවාලු.
දිලංක Thursday, 04 May 2017 04:25 PM
ජයරත්න මල් ශාලාවේ කට්ටියට නම් ජනාදිපති විහිලුවට කියපු ඒවා උනානම් කැමති ඇති
sene Thursday, 04 May 2017 06:40 PM
හේතුවක් නැතුව? ලංකාවේ නෙවේද ඉන්නේ? . සයිටම් එකට විරුද්ධව ගෙන යන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවැරුමට සහය පල කරලා රජයට බල කිරීමක් කරන්න කියලයි මේක පවත්වන්නේ...
sana Friday, 05 May 2017 03:36 AM
මේ අය හැම දේකටම තලන්නේ අහිංසක ජනතාව... ලොකු මිනිස්සු යන්නේ තමන්ගේ වාහනවල... ජනාධිපතිතුමනි හමුදාව ඉන්දියාවට යවලා ට්‍රේන් පදවන්න පුහුණු කරන්න. එතකොට මේ ගැටළුව ඉවරයි...
පෙරුමාල් Friday, 05 May 2017 04:24 AM
දැන් මේගොල්ලො කියන්නෙ සයිටම් එක දුම්රිය දෙපාර්තමේන්තුව යටතට ගේන්න කියලද?
sudesh Friday, 05 May 2017 04:39 AM
ඔබලාට තුති
sudesh Friday, 05 May 2017 04:50 AM
අනාගතයේ දුම්රිය රියදුරන්ගේ හා නියාමකවරුන්ගේ දරුවන්ටත් යන්න තියෙන්නෙ රජයේ වෛද්‍යවිද්‍යාල විතරයි. ඒවා රැක ගැනීම ඔවුන්ගේ වගකීමක්. ඒක තේරුම් ගැනීම ජාතියේ පිනක්. මේක නොතේරෙන අයත් ඉන්නවා. කිසිම දේශපාලන පක්ෂයකට අයිතියක් නෑ...අපේ ඡන්දයෙන් ගිහිල්ලා සල්ලිකාර කීපදෙනෙකුගේ අවශ්‍යතා ඉටුකිරීමට....