IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


දම්වැල් කියත් සඳහා බලපත්‍ර ගැනීම අනිවාර්ය කිරීමට යයි

(විනීතා එම් ගමගේ)


ගස් කැපීමට යොදාගන්නා දම්වැල් කියත් සඳහා බලපත‍්‍ර ලබා ගැනීම මාර්තු 15 වැනිදා සිට අනිවාර්ය කිරීමට කටයුතු කර ඇතැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.
 
එම කියත් සතු සියලූ දෙනා ඒ පිළිබඳව මේ මස 15 වැනිදා  සිට මාර්තු පහළොස්වැනිදා දක්වා ළඟම ඇති පොලිසියට වාර්තා කළ යුතු බවත් මාර්තුමාසය තුළ ඒ සඳහා බලපත‍්‍ර නිකුත් කරනු ඇති බවත් සිරිසේන මහතා කීය.
 
 මාර්තු 15 වැනිදායින් පසු දම්වැල් කියත් පාරේ ගෙන ගියත් ගස් කැපීමට භාවිතා කළත් බලපත‍්‍ර නැත්නම් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
 
රටේ ඇති වනාන්තර ප‍්‍රමාණයෙන් සියයට 1.5 ක් සෑම වසරකම හැම වසරකම අඩු වන  බවත් සවස දකින ගස උදේ දකින්නට නැති බව බොහෝ දෙනෙක් තමන් සමඟ පවසන බවත් පැවසූ ජනාධිපතිවරයා දම්වැල් කියත් තහනම ද වසර ගණනාවක් තිස්සේ ජනතාව කළ ඉල්ලීමක් යැයි ද කියා සිටියේය.
 
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ අදහස් පළ  කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (11) පැවති සම්මන්ත‍්‍රණයක් අමතමිනි. ග‍්‍රාමශක්ති ජාතික මෙහෙයුම් වැඩ සටහන පිළිබඳව දැනුවත් කිරීම සඳහා එම සම්මන්ත‍්‍රණය පැවැත්විණි.
 
  



අදහස් (16)

දම්වැල් කියත් සඳහා බලපත්‍ර ගැනීම අනිවාර්ය කිරීමට යයි

Nuwan Monday, 11 February 2019 10:55 AM

අතිසාරේට අමුඩේ ගැසීම කලාවක් නම් ලංකාවේ දේශපාලනය පිකාසෝට වඩා ඉහල තැනක තියෙන්නේ.

:       1       234

Sumithh Monday, 11 February 2019 11:24 AM

ගොඩක් වැදගත්.. සපුරා තහනම් කරන්න.

:       31       28

Raveendra Monday, 11 February 2019 11:28 AM

අපි මෙසේ යෝජනා කරමු. කැලේට යන අහිංසක හාදයින්වත් ලියාපදිංචි කරමු. එ්කත් නරකම නැහැනේ... මොකද ශරීර අවශ්‍යතාවයන්ට යන පුද්ගලයාවත් ගස්වැල් වලට ආදරෙන් "කියත් දම්වැල් අරගෙන" යන මිනිසාවත් හඳුනාගන්න පුළුවන්... හෙට, අනිද්දාම කියයි රජරට බලපත්‍ර ගාස්තු ගෙවා කියත්, දම්වැල් මුදලින් ලබා ගන්න කියා...

:       1       17

Nuwan fernando Monday, 11 February 2019 11:36 AM

බදියුදීන්ලා දම්වැල් කියතෙන් නෙමේ සිරෝ කැලෑ කපන්නේ.. ඩෝසර් කරලා..

:       0       113

ravi Monday, 11 February 2019 11:39 AM

කොපමණ නීති දැම්මත් වැඩක් නැහැ.. ඒවා ක්‍රියාත්මක කරන අය.. නීතිය පාවා දෙන්නේ නම්..!!!

:       0       23

Ruwan Monday, 11 February 2019 12:57 PM

ගස් කැපුවට කමක් නෑ... කියතට ලයිසන්ස් තියෙනවා නම්...

:       0       88

sandy123Monday, 11 February 2019 01:25 PM

ඔබේ උපහාසාත්මක අදහසේ කෙතරම් බැරෑරුම් අර්ථයක් ගැබ් වෙලා තියෙනවද?

:       0       62

nisar Monday, 11 February 2019 01:37 PM

පොරවට බලපත්‍ර නැද්ද.

:       0       71

chandima Monday, 11 February 2019 01:50 PM

එතකොට පොරොවට කියතට එහෙමත් ලයිසන් ඕනද? ලයිසන් දෙනවා කියන්නේ මේ යාන්ත්‍රික කියත් වලටත් එන්ජින් නොම්මර චැසි නොම්මර තියෙන්න වෙයි වගේ.

:       1       40

Sapumal. Monday, 11 February 2019 05:15 PM

යාන්ත්‍රික කියත්වලට බලපත්‍ර දුන්නාට පරිසරය රැකෙනවා යයි සිතීම විහිළුවක්. මේ වැඩෙන් වෙන්නේ රජයට ආදායමක් ලැබීමයි. ඒ නිසා ගස් කපන්නා හා ලී මෝල් හිමියා ඒක ජනතාවගේ බිලට දානවා. තවතවත් කියත් මිලට ගෙන ඒ ඔක්කෝටම ලයිෂන් ගත්තාම නියමෙට පරිසරය සුරැකෙනවා. මේවා කැකිල්ලේ නඩු තීන්දු වගෙයි.

:       0       78

chandima Monday, 11 February 2019 06:38 PM

එව්වගෙන් ගස් කපන්නත් ඔපරේටර් බලපත්‍රයක් ඕනෑවෙයි නේද?

:       0       3

Sapumal. Tuesday, 12 February 2019 02:55 AM

කැත්තට පොරවට ආදී දේටත් තව කල් යනකොට ලයිෂන් ගන්න වේවි සමහරවිට.

:       0       3

ajithkaruML Tuesday, 12 February 2019 04:43 AM

ජනාධිපතිතුමා පරිසරය පිළිබඳව සිතා ගත් මෙම තීරණය ඉතා කාලෝචිතයි. රජයේ තේක්ක වගා වලින් පැය භාගයක් තුල ගස් 15 ක් විතර කපාගෙන මුල් කුට්ටිය පමණක් අරන් පනින හොරු පාවිච්චි කරන්නේ චෙන් ෂෝ හෙවත් දම්වැල් කියත්. වට අඩි 1.5 / 2.0 ප්‍රමාණයේ තේක්ක ගස් 15 ක් කපන්න විනාඩි 15-20 අතරේදී මේනිසා හැකි වෙලා තියෙනවා. පුත්තලම සෙල්ලන්කන්දල්, අට්ටවිල්ලුව, වන්නියගම තේක්ක වගා විනාශ උනේ මේ දම්වැල් කියත් නිසා බව කියන්නටම ඕනේ. වන නිලධාරීන් ඔත්තුව ලැබී පුත්තලමේ සිට යනවිට හොරු කඳන් පටවාගෙන සැතපුම් ගානක් දුර ගිහින්.

:       6       0

KumaraTuesday, 12 February 2019 09:57 PM

විල්පත්තුව කැපුවේ බණ්ඩි කියත් වලින් ද ?

:       0       9

මෝඩ මිනිස්සු Tuesday, 12 February 2019 04:47 AM

කොහොම හරි පොඩි මිනිහගෙන් ගාන කඩාගන්න තමයි බලන්නේ.................

:       0       2

de silva Tuesday, 12 February 2019 04:30 PM

පිටරටින් ගෙන එන දැව සදහා ගහන බද්ද නැති කලානම් මිනිස්සු වනාන්තර විනාශ කරන එක අඩු කරාවී, මේ ජාවාරම්කාරයෝ රජ වෙලා තිබෙන්නේ ලී වලට ලංකාවේ විශාල ඉල්ලුමක් තිබෙන නිසා

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 619 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 504 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 123 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1743 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site