IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


දෙමළ ජාතික සන්ධානය මහවිරු සාමාජිකයා සමරයි

 (රොමේෂ් මධුෂංඛ)
කොටි සංවිධානය පැවති සමයේදී සයිනයිඩ් කා මිය ගිය පළමු මහවිරු සාමාජිකයා වූ පොන් සිවකුමරන් මිය ගොස් අදට (05) වසර 44 ක් පිරීම නිමිත්තෙන් ඔහු සිහිකරමින් උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ඇතුලු පිරිසක් විසින් පහන් දැල්වීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.


යාපනය උරුම්පිරායි පොදු වෙළඳසැල ඉදිරිපිට පිහිටි පොන් සිවකුමරන් මහවිරුවාගේ පිළිරුව ඉදිරිපිටදී අද උතුරු පලාත් මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ඇතුලු පිරිසක් පහන් දල්වා මිය ගිය මහවිරුවා සිහි කිරීමේ වැඩසටහනට එක්ව සිටියහ.


යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යාපනයේ පිහිටි බැංකු මංකොල්ල කන කාල වකවානුවේදී යාපනය කෝපායි ප්‍රදේශයේ පිහිටි බැංකුවක් මංකොල්ල කන බවට යාපනය පොලීසිය තොරතුරු ලැබීමෙන් පසුව පොලීසිය විසින් අදාල බැංකුව වටලන අවස්ථාවේදී බැංකුව මංකොල්ල කමින් සිටි පොන් සිවකුමරන් නැමත්තා පොලීසියට හසුවීමට ආසන්න අවස්ථාවේදී ඔහු සමීපයේ තිබූ සයිනයිඩ් කරලක් කා මිය ගොස් ඇත.


මේ හේතුවෙන් සයිනයිඩ් කා මිය ගිය පළමු මහවිරු ශිෂ්‍ය සාමාජිකයා වශයෙන් පොන් සිවකුමරන් නැමත්තාගේ පිළිරුවක් උරුම්පිරායි ප්‍රදේශයේ ඉදිකොට තිබූ අතර යුද්දය අවසන් වීමෙන් පසුව ආරක්ෂක අංශ විසින් අදාල පිළිරුව ඉවත් කළද 2017 වසරේදී එම්.කේ.සිවාජිලිංගම් ඇතුලු පිරිසක් විසින් නැවත මෙම පිළිරුව ඉදි කළේය.     



අදහස් (1)

දෙමළ ජාතික සන්ධානය මහවිරු සාමාජිකයා සමරයි

ජගත් ලියනගේ Tuesday, 05 June 2018 10:49 AM

හැට දෙලක්ෂයෙ අපිට අත කපා ගන්න හිතන්නේ මේවා දකින කොට .

:       181       116

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 60 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 120 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 106 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 229 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 107 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 880 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 91 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site