IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය උණුසුම් වෙයි

(කාංචන කුමාර ආරියදාස)

 

දඹුල්ල ආර්ථික  මධ්‍යස්ථානයට ගොවීන් රැගෙන ආ එළවළු එහි පැමිණි එළවළු මිලට ගන්නා ව්‍යාපාරිකයන් මිලදී නොගැනීම නිසා  අද(10 ) පෙරවරුවේ සිට එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති විණි.

අද(10)  සිට වහාම ක්‍රියාත්මක වන පරිදි එළවළු මිලදී ගත් ව්‍යාපාරිකයන්ගේ ලොරි රථවලට එළවළු පැටවීමේදී පොදු රථගාල භාවිත කළ යුතු බවත් රථගාලෙන්  පිට එළවළු   පැටවීම නොකළ යුතු බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය විසින්  තීන්දු කර තිබිණි.

ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයින් එම තීන්දුවට විරෝධය පළ කරමින් එළවළු මිලදී ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් කියා සිටියේ ආර්ථික  මධ්‍යස්ථානය තුළ එළවළු පැටවීම සඳහා වෙනම මංතීරුවක් පවතින බවත් එය ව්‍යාපාරිකයන් විසින් අත්පත් කරගෙන තිබෙන බවත්ය.  වාහන නැවතුම්පලක සිට එළවළු පැටවීමේදී අධික වියදමක් දැරීමට සිදුවන බවත් දුර බැහැර ප්‍රදේශවලට එළවළු ප්‍රවාහනය කිරීම සඳහා සැලකියයුතු කාලයක් ගතවීම හේතුවෙන් එළවළු අලෙවි කිරීමට නොහැකි තත්වයක් උදා වන බවත් ඔවුහු පැවසූහ.

මේ හේතුවෙන් උදෑසන සිටම්‍ මේ වනතුරු ම එළවළු මිලදී ගැනීමක් සිදුනොවීය.  එනිසා ගොවීහු කෑකෝ  ගසමින් ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ නියෝජිතයන් හමුවීමට කාර්යාලයට ඇතුළු වී වෙළෙඳ සංගම් නියෝජිතයන් සමඟ සාකච්ඡාවක්  පැවැත්වූහ.

ව්‍යාපාරිකයන් විසින් තමන්ට විවිධ අක්‍රමිකතා සිදුකරන්නේ යැයි ගොවීහු චෝදනා කළහ. ව්‍යාපාරිකයන් කියා සිටියේ මෙම තීරණයට එළැඹියේ ගොවීන්ගේ මෙන්ම එළවළු මිලදී ගැනීමට එන ව්‍යාපාරිකයන්ගේ ද සුබසිද්ධිය උදෙසා බවයි .   

කෙසේවෙතත් එළවළු මිලදී නොගන්නේ නම් ගොවීන්ගේ එළවළු ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ ව්‍යාපාරිකයන් විසින් වැඩි මිලකට මිලදී ගන්නා බව ව්‍යාපාරිකයෝ කීහ. එයට ගොවීන්ගේ අනුමැතිය ලැබිණි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇති වූ මෙම උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. එළවළු මිලදී ගැනීමට පිටතින් පැමිණි ව්‍යාපාරිකයන් එළවළු මිලදී නොගත් අතර ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයන් එළවළු මිලදී ගන්නා බව සඳහන් කළ ද තවමත් එය ඉටු වී නැත. එළවළු විකුණාගත නොහැකි ගොවීහු තවදුරටත් තම නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානය තුළ තබාගෙන සිටිති.



අදහස් (5)

දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය උණුසුම් වෙයි

susantha Wednesday, 10 October 2018 09:14 AM

හැමෝම බලන් ඉන්නේ නොවිඳින දුක් විඳගෙන, ණය බරින් මිරිකීගෙන, ගොවිතැන් කරන අසරණ මිනිස්සුන්ගේ රීරි මාංශය හූරන් කන්න. පොළොවෙන් මතුවෙන බින්කුන්ඩෝ එහෙම නැතිනම් ආර්ථික ඔස්තාර්ලා කියලා තමන්ට කියාගන්න පාලකයින්ට මේවා ගැන වගේ වගක් නෑ. ඇමතියන්ට, මන්ත්‍රීයන්ට, පළාත් සභා, ප්‍රාදේශීය සභාවල ඉන්න හොරුන්ට ඕනේ කොහොමද තමන්ගේ කොමිස් කුට්ටි කඩාගන්නේ...? කොහොමද වාහන පර්මිට් අරන් විකුණා ගන්නේ? කාගේ ඉඩමක්ද බලෙන් අල්ල ගන්නේ, කාගෙන්ද කප්පන් කන්නේ වගේ දේවල් විතරයි. ඉතින් මෙහෙම රටක කවදා සාමාන්‍ය මිනිහෙක්ට සාධාරණයක් වෙයිද?

:       17       127

tommy Wednesday, 10 October 2018 11:58 AM

මේ කූට අතරමැදියා පරයා, ගොවීන් තමන්ගේ ඵලදාව කෙලින්ම පාරිභෝගිකයාට අලෙවි කිරීමට මගක් ඇතිවෙනතුරු මේ ප්‍රශ්නය පවතී. පවතින රජයන් සැමවිටම වෙළෙඳුන්ගේ පැත්ත ගන්න බැවින් එවැනි සේවාවක් ගොවීන්හට රජයෙන් ලැබෙයි කියා සිතිය නොහැක. සැමවිටම පීඩාවට පත්වන ගොවීන් මේ සඳහා සංවිධානය වේ යයි සිතමි...

:       0       21

lal Wednesday, 10 October 2018 01:58 PM

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කියන්නේ තනිකරම හොර මාෆියා ගුහාවක්. ගොවීන් හූරා කන තැනක්.

:       0       0

wasantha Wednesday, 10 October 2018 02:54 PM

වෙළෙඳ ගොවීන් ඔහොම තමයි. වෙළඳ මාෆියාව කොහෙත් එකයි.

:       0       0

OMG Wednesday, 10 October 2018 03:08 PM

හැම තැනම හොරකම සහ සූරා කෑම. වැඩි කලක් යන්න මත්තෙන් ගොවියෝ, සාමාන්‍ය ජනයා නීතිය අතට ගනීවි. එතකොට විසදුම් නම් දේවි එකට. නමුත් ඇත්ත ප්‍රශ්නයට උත්තර නැහැ. කොහෙද තමන්ගේ ගොඩ වඩා ගන්න එපාද? මේවට වෙන් කරන්න තත්පරයක්වත් කාලය නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 18 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 27 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 316 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’
2025 පෙබරවාරි මස 05 301 0

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’
2025 පෙබරවාරි මස 05 152 0

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි
2025 පෙබරවාරි මස 05 176 0

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site