IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


දඹුල්ලේ විකුණාගන්න බැරි එළවළු ටොන් 50 ක් අලින්ට දමයි

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් ඊයේ (03) රැගෙන විත් විකුණා ගැනීමට නොහැකි වූ එළවළු ටොන් 50කට අධික ප්‍රමාණයක් වල් අලින්ගේ ආහාරය සඳහා දඹුල්ල දිගම්පතහ රජයේ රක්‍ෂිතයට ගෙන ගොස් දමා ඇත.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියා සිටියේ ඊයේ (3) අලුයම් කාලයේ සිටම නගර සභාවේ සේවකයන් යොදවා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි නොවී ගොඩගසා තිබූ එළවළු විශාල ප්‍රමාණයක් මෙසේ වල් අලින්ගේ කෑමට ගෙන ගොස් දැමූ බවය.
මෙසේ ඉවත දැමූ එළවළු බොහොමයක් පරිභෝජනයට ගත හැකි තත්ත්වයේ පැවති බවද ඔහු සඳහන් කළේය.

අලෙවි නොවීම නිසා මෙසේ ඉවත දැමූ එළවළු තොගයට තක්කාලි, වම්බටු, අමු මිරිස්, මාළු මිරිස්, වට්ටක්කා, කැකිරි, පිපික්‍ද්ක්‍දා, නෝකෝල් ආදිය ඇතුළත් විණ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානට මේ දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබෙන අතර ගැනුම්කරුවන් හිඟවීමත් එළවළුවලට මිලක් නොමැතිවීමත් නිසා මෙසේ එළවළු ඉවත දැමීමට සිදුවී ඇත.

කෙසේවෙතත් බොහෝ ව්‍යාපාරිකයන් කියාසිටියේ පසුගිය දිනවල පැවති වර්ෂාපතනය නිසා මේ තත්ත්වය උද්ගත වී ඇති බවය.
ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීන් කියා සිටියේ තම අස්වැන්න සඳහා නිසි මිලක් නොලැබීම නිසා ඒවා අලෙවි කර ගැනීමට නොහැකි වී ඇති බවය. දවස පුරාම ආර්ථික මධ්‍යස්ථානයේ රැඳී සිටියත් එළවළු අලෙවි නොවන නිසා ඒවා කුණු බක්කියට දමා හිස් අතින් නිවෙස්වලට යෑමට සිදුවී ඇති බවද ඔවුහු පැවසීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරෑවුල මහතා පැවසුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සේවා මධ්‍යස්ථානය මෙන්ම නිලධාරීන්ද සිටියද එළවළු වගාකිරීමේ ක්‍රමවේදයක් නොමැතිවීම මේ තත්ත්වයට හේතු වී ඇති බවය. කෘෂිකර්ම උපදේශක කාර්යාලයක් පැවතියද එය තිබෙන්නේ නමට පමණක් බවද ඔහු සඳහන් කළේය.

මේ අතර දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා මෙම එළවළු සහ පලතුරු දඹුල්ල දිගම්පතහ රජයේ රක්‍ෂිතයට ගෙනැවිත් දමන ස්ථානයට ගොස් නිරීක්‍ෂණය කිරීමෙන් පසු කියා සිටියේ ඊයේ පමණක් එළවළු ටොන් 50ක් පමණ ඉවත් කළ බවය. ගොවීන්ට මේ දිනවල බරපතළ ප්‍රශ්න රැසකට මුහුණපාන්නට සිදුව තිබෙන බවත් ඉතා අඩු මුදලට අළෙවි කරනවාට වඩා සිය අස්වැන්න වන අලින්ට ලබාදීමට ඔවුන්ට සිදු වී තිබෙන බවත් ඔහු කීය.

මේ ස්ථානයට පැමිණි දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය දයන්ත වීරසේකර මහතා පැවැසුවේ වල් අලින්ගේ ආහාර රටාව වෙනස්වීම හේතුවෙන් මිනිසුන්ට වැළඳෙන අධිරුධිර පීඩනය සහ දියවැඩියාව ආදී රෝග වැළඳීමෙන් වල් අලින්ද විනාශ වීමේ තර්ජනයකට ලක් වන බවය.

 



අදහස් (12)

දඹුල්ලේ විකුණාගන්න බැරි එළවළු ටොන් 50 ක් අලින්ට දමයි

ravi Thursday, 04 October 2018 04:38 AM

මෙතන එළවලු වලට වැඩිය තියෙන්නේ ප්ලාස්ටික් අනේ මෙහෙමත් දන් දීමක් ..!

:       0       0

Suranga Thursday, 04 October 2018 05:03 AM

අලින්ට පොලිතින් මලු පිටින්ම කන්න දානවා.......... අලි මැරෙන්නේ දියවැඩියාව හින්දා නෙමෙයි..වෙන හොයා ගන්න බැරි ලෙඩ වලින්..

:       0       1

ලුම්බිණි Thursday, 04 October 2018 05:04 AM

මේ ප්ලාස්ටික් මලු එක්ක සතුන්ට දමාපු එක හරි වැරදියි. වනසත්ව අධිකාරීන් මොකද මේකට මොකුත් කරන්නේ නැත්තේ?

:       0       82

Kumar (Gulf) Thursday, 04 October 2018 05:43 AM

මේ අලි මේවා කාලා ගොවියෝ වවන එළවලු කන්න පුරුදු වෙනවා, අනික මේ මලු හා පොලිතීන් සමඟ එලවලු කාලා අලි මැරෙනවා, නිලධාරි නිදිද මේවා බලන්නේ නැද්ද?

:       0       3

kalpa Thursday, 04 October 2018 06:17 AM

මම හිතන්නේ මෙලෙස සිදුවන්නේ එකම තැනකට එලවලු වෙළඳාම කේන්ද්‍ර ගතවීම කියල. ගොවීන්ට තවත් මෙවැනි ස්ථාන කීපයක් දුම්රිය ස්ථාන ආශ්‍රිතව ඇතිකර දුම්රිය මගින් එලවලු අනෙක් ප්‍රදේශ වලට ගෙනයාමට ක්‍රමයක් ඇතිකළොත් ගොවීන්ටත් පාරිභෝගිකයාටත් සෙතක් සැලසේවි. එවිට නාස්තියත් නැතිවේවි.

:       0       5

kap Thursday, 04 October 2018 06:35 AM

මිනිස්සු කන්න නැතුව ඉන්නවා .......... මෙතන එලවලු ටොන් 50 විසි කරනවා.

:       1       4

J de Mel Thursday, 04 October 2018 06:37 AM

මේ අලි ඇතුන් ගේ බඩට ප්ලාස්ටික් යෑම නිසා ඉක්මනින් මිය යනු ඇත

:       0       3

isurandi Thursday, 04 October 2018 06:38 AM

අනේ මන්දා කරන වැඩක් හරියට කරන්නේ නැතිකමයි මෙතන ප්‍රධානම ගැටලුව. ඔය ප්ලාසිටික් මලු අයින් කරලා දැම්මනම් නේද හොඳ.

:       0       11

sarath Thursday, 04 October 2018 06:40 AM

දඹුල්ලේ ඉන්න බහුතරයක් අලි කන්නේ මේ පොලිතින් එක්ක තියෙන එළවලු. හරිම දුක හිතෙනවා. මිනිස්සු මේ තරම් පහත් තත්වයකට වැටිලා තිබීම ගැන.

:       0       13

banda Thursday, 04 October 2018 07:53 AM

මේක ජාතික අපරාදයක් පොලිතින් කාල අලි මැරෙනවා නේද ?

:       0       4

රවින් Thursday, 04 October 2018 07:58 AM

1970 - 80 දශකයේ රජය සතු ශීතකරණ ගබඩා රටේ විවිධ පළාත්වල තිබුණා . එම ගබඩා ප්‍රතිසංස්කරණය කලානම් මෙම ප්‍රශ්නයට සුළුවෙන් හෝ උපකාරයක් වියහැකිය.

:       0       0

Nandalal DE SILVA - France Thursday, 04 October 2018 08:16 AM

පහුගිය රජය කාලේ අපට නිතර අහන්න ලැබුණේ "ජනාධිපති මන්දිරේ" දිගට හරහට දීපු "දන්සැල්" ගැන පමණයි ! දැන් ඒ දන්සැල් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දක්වා දීර්ඝවීම ගැන ඒ පළාතේ ජීවත්වන අලින් එළවලු වගාකරන ගොවීන්ට හොඬවල් ඔසවා පින්දෙනවා නොඅනුමානයි ! එමෙන්ම අපි කන බොන විදියටම එම කෑම වර්ග අසුරනයන්ගෙන් ඉවත්කර බෙදා දුන්නොත් අලින්ට වැළදෙන අජීර්ණ, අධිරුධිර පීඩනය සහ දියවැඩියාව ආදී රෝග වැළඳීමෙන් වගේ රෝග වලින් ඔවුන් මිදෙනවා ඇත !

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 104 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1124 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 319 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 168 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 104 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 781 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site