(ඩයනා උදයංගනී)
ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරය අහිමි වුවහොත් එම තීන්දුව පාර්ලිමේන්තුවේ සිටින තවත් කිහිප දෙනෙකුටම බලපානු ඇතැයි ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසිබව හේතුවෙන් ඇයට පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරය දැරිය නොහැකි බවට අභියාචනාධිකරණය ලබා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් ඇයට ශ්‍රේෂ්ඨාධිකරණයට ද ඇපෑලක් ඉදිරිපත් කළ හැකි බව ද අමාත්‍යවරයා කීවේය.
එයින් ද ඇයට මන්ත‍්‍රීධූරය දැරිය නොහැකි බවට තීන්දුවක් ලැබුණහොත් පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසිභාවය ඇති තවත් කිහිපදෙනෙකුටම බලපානු ඇතැයි ද ඇමතිවරයා කීවේය.
අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ද්විත්ව පුරවැසිබව හිමි තවත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ඉන්නවා - දයාසිරි
mahinda Wednesday, 03 May 2017 12:07 PM
දන්නවා නම් ඉතින් කියන්නකෝ. මේ දේශප්‍රේමීන්ගෙන් අහන්න ඕනෙ.... ඇයි පුරවැසිකම් දෙකක්?
aravinda Wednesday, 03 May 2017 12:10 PM
මෙවැනි අය තවත් ඉන්නවා කීම විතරක් මදි. ඔබට මේ අයගේ නම් කිව හැකිද? එසේත් නැත්නම් ඔබ ඒ අය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවද?
Danuska Wednesday, 03 May 2017 12:27 PM
මහා බැංකුවේ හිටපු ලොක්කත් පිටරටනේ...
menna Wednesday, 03 May 2017 12:34 PM
ද්විත්ව පුරවැසිභාවය දෙන එක නැති කරලා දන්න. එක රටක පුරවැසිකමක් හොඳටම ඇති. ඉන්න අයට හොඳට සිංහල උගන්නල ගන්න. නඩු ඇහිල්ලත් සිංහලෙන්ම කරලා දෙන්න. අපිට සුළු ජාති ඉන්නවා කියල වර්ගීකරණයකුත් එපා. ජාතික කොඩියේ තියෙන කොළයි තැඹිලියි...ඉන්දියාවේ කොඩියේ පාට.... ඉන්දියාව අපිව මානසිකව යටත් කරගෙන ඉන්නේ. ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ, එක්සත් රාජධානියේ කොඩියේ ලකුණු තියෙනවා වගේ.... කොන්ද කෙලින් තියාගෙන පොළවේ පයගහල ජීවත් වෙන්න පුළුවන් රටක් හදල දෙන්න. පුරවැසිකම් දෙකකින් ලංකාවට හොඳක් වෙන්නේ නැහැ.
ජගත් Wednesday, 03 May 2017 01:44 PM
තවත් රාජපක්ෂ කෙනෙක් නේද ?
Susil Wednesday, 03 May 2017 02:52 PM
ගම්මන්පිල - ඕස්ට්‍රේලියාව, එහෙනම් කව්ද අනිත් අය?
lanka Wednesday, 03 May 2017 03:00 PM
ද්විත්ව පුරවැසිකම තියෙනවා කියන්නේ ලංකාවේ පුරවැසි කමත් තියෙනවනේ. එතකොට ලංකා පුරවසියෙක්ට තියෙන අයිතිවාසිකම් නැතිවෙන්න බැහැනේ. ගීත නම් මෙලො රහක් නැහැ තමයි. එත් මම කතා කරන්නේ පුරවැසි අයිතිවාසිකම් ගැන. නීතිය ගැටළුවක්ද? විහිළුවක්ද?
lalith Wednesday, 03 May 2017 04:07 PM
බලන්න ඕනේ ද්විත්ව පුරවැසියෙක්ද නැද්ද කියන එක නෙමෙයි, රටට වැඩක් ගන්න පුලුවන්ද? බැරිද? කියන එකයි. විදේශිකයෙක්ම උණත් වැටුපක් දීල මන්ත්‍රී ඇමති පුටුවල ඉන්දුවත් කමක් නැහැ. වැඩේ වෙනවා නම්. එත් ඉතින් පරම්පරාවේ පම්පෝරිය අහලවත්, රට හදන්න බාරදීලා නම් අපට මෙලො කපේක ඉස්සරහට යන්න ලැබෙන්නේ නැහැ.
ruwan kotuwelle Wednesday, 03 May 2017 04:15 PM
මේක දැන දැන නීති කැඩීමක් හා අයුතු වරප්‍රසාද විඳීමක්. ව්‍යවස්ථාවෙන් වැරදි බව දැන දැනත් ඇතුළට වෙලා යවනකන් සිටීම... එය බලාගන නිකන් සිටීම අගමැතිගේ හා ජනාධිපතිගේ වැරැද්ද...
sudesh Thursday, 04 May 2017 03:42 AM
මේක පුදුම දෙයක්, එහෙනම් මොකද නීතියානුකුලව පුරවැසිකම දෙන්නේ. මේකවත් තීන්දු දෙන අය දන්නේ නැද්ද.? දේශපාලන තීන්දුද?
SIRI Friday, 05 May 2017 03:14 AM
දයාසිරි, ඔයත් තව රන්ජන් කෙනෙක් වෙන්නේ නැතිව ඒ අයගේ නම් ටික කියන්න.