IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘ධීවර වරායන් ඔක්කොම කෝටි 169කට බදු දෙන්න සූදානමක්‘

( මුදිතා දයානන්ද )

රටේ සියලුම ධීවර වරායන් අවුරුදු 30ක කාලයක් සඳහා රුපියල් කෝටි 169කට බදුදීමට ආණ්ඩුව සියළු පිඹුරුපත් සකසා අවසන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.

“මේ ජාතික අපරාධය වැලැක්වීමට ගත හැකි සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගැනීමට සුදානම් “යැයි හේරත් මහතා කියයි.
 
පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි අද (12) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කීය.

“අපේ රටේ දැනට ධීවර වරායන් 20ක් තිබෙනවා. තවත් 10ක් හදන්න මූලික කටයුතු සිදුකර තිබෙනවා. එහෙම ගත්තාම ඔක්කොම 30ක්. රටේ භූමි ප‍්‍රමාණය වගේ අට ගුණයක් විශාල සාගර සම්පතක් තිබෙනවා. එය හරියට භාවිතා කරනවා නම් රටේ ආර්ථිකය ගොඩදාන්න ධීවර කර්මාන්තයට විතරක් හැකියාව තිබෙනවා.

රාජිත සේනාරත්න මහතා ධීවර ඇමතිව සිටියදී ලක්ෂ 17කට මාසිකව බදු දිය හැකි යැයි තක්සේරු කළ මෝදර ධිවර වරාය වසර 25ක් සඳහා 125 000කට බදු දී රජයට කෝටි 47ක පාඩුවක් කළා. එයම ඉදිරියට ගෙන යමින් වත්මන් ධිවර ඇමති මහින්ද අමරවිර මහතා රටේම තිබෙන ධීවර වරායන් හා නැංගුරම් පොළවල් සියල්ල පෞද්ගලික සමාගම්වලට බදු දීමට පසුගිය වසරේ ඔක්තෝබර්වල කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ජනාධිපතිත් ඇතුළු කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා. දැනටමත් ත‍්‍රීකුණාමලයේ කොඞ්බේ වරායේ  හා කල්පිටිය වරායේ මිනුම් කටයුතු ආරම්භ කරලා. මෙයින් රට ආර්ථික වශයෙන් අගාදයකට යනවා පමණක් නොව ධිවර පවුල් ආර්ථික වශයෙන් කඩා වැටෙනවා. වරාය සේවකයන්ට රැකියා නැති වෙනවා. විශාල ප‍්‍රශ්න රැසක් ඇති කරනවා. ඒ නිසා මේ උත්සාහය පරාජය කළ යුතුයි. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.



අදහස් (5)

‘ධීවර වරායන් ඔක්කොම කෝටි 169කට බදු දෙන්න සූදානමක්‘

sam Tuesday, 12 September 2017 10:38 AM

ඔබ තුමන්ලා කරපු "ජාතික අපරාධ " වලින් රට මුදා ගන්න තරුණ ජීවිත හැට දහසක් බිලි දුන්න බව නම් මට මතකයි.

:       125       65

lalithsjm Tuesday, 12 September 2017 11:22 AM

අනේ මොවුන්ගේ කතා රටට ආදරේ කළ අයව පන්නා ගෙන, රට විකුණන අයට පාර හදල දුන්නා.

:       31       227

Hafeel Tuesday, 12 September 2017 11:26 AM

මම නං කියන්නේ පාර්ලිමේන්තුවත්, කැබිනට් මණ්ඩලයත් හොඳ සමාගමකට බදු දෙනවන හොඳයි. අධිවේගී මාර්ගයත් පුද්ගලික සමාගම්වලට බදු දෙනවයි කියනවා. හම්බන්තොට වරාය ණය බර සහ ආදායම් මාර්ග නොමෙති නිසා බදු දීම ගෙන සාදාරණ හේතු තියනවා. මේක නං හෙන අපරාධයක්.

:       1       29

amaravira Tuesday, 12 September 2017 07:46 PM

ධීවර වරායන් විතරක් නෙමෙයි මම නම් කියන්නේ සියලුම රාජ්‍ය ආයතන සහ දේපොළ පෞද්ගලීකරනය කරන එක තමයි ඉතාම හොඳ .. අඩු තරමේ සේවය හරි ඉක්මනින කාර්යක්ෂමව මිනිස්සුන්ව රස්තියාදු නොකර කෙරෙයි .. අනික තමයි රජයේ ආයතනයකින් වැඩක් කරගද්දී වියදම අඩු වුනාට අල්ලස් දීමට සිදුවෙන නිසා අනිත් පසින් බලද්දී වියදම වැඩි වෙලා . මිනිස්සුන්ට එක තේරෙන්නේ නැහැ . පුද්ගලික කරණය කළහොත් සියලු ආයතන සහ සේවාවන් මගින් ඉතා ඉක්මනින් සේවය සිදු වෙනවා අනිවාර්යයි .. සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් ගත්තොත් ජනතාවට නොතේරුණත් පුද්ගලික කරණය මගින් ඉතාම වාසියක් සියලුම කාර්යන් මගින් සහ වියදම පැත්තෙන් සිදුවෙනවා .. උදාහරණයක් ලෙස රජයේ ධීවර වරායකට අලුතෙන් බෝට්ටුවක් දමාගැනීමට අල්ලස වශයෙන් ඉතාම විශාල මුදලක් ගෙවන්න වෙනවා . ඊට අමතරව මාසික ගාස්තුව ගෙවන්න වෙනවා . පුද්ගලීකරණය මගින් මම හිතන්නේ නැහැ කිසිසේත්ම එවැනි විශාල මුදලක් ගෙවන්න වෙයි කියල .

:       0       0

සෙනෙවි Wednesday, 13 September 2017 06:16 AM

කතාව විතරයි බ්ම් මට්ටමේ කිසිම සටනක් මෙහෙයවන පාටක් නෑ .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලසන්ත ඝාතනය ගැන නීතිපති මතය අධ්‍යනයට
2025 පෙබරවාරි මස 05 159 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


ගම් - නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
2025 පෙබරවාරි මස 05 168 0

ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුකර උණෙන් ඌරන් 1600ක් මැරිලා
2025 පෙබරවාරි මස 05 147 0

රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ


බදුල්ල නගරය ආශ්‍රිත වැසියන්ට මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 344 1

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 201 2

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 248 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site