(ටෝනි කරුණානායක)
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ
උප පොලිස් පරික්ෂකවරයා ගේ නිවස පරික්ෂා කළ මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරින් එම සැකකරු ගේ නිවස තුළ තිබූ රුපියල් 940,000ක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා උපයෝගි කර ගත් නවින පන්නයේ ජිප් රථයක් පොලිස් බාරයට ගෙන තිබේ.
මිනුවන්ගොඩ වේරගොඩමුල්ල ප්‍රදේශයේ පිහිටි එම නිවසේ තිබූ සැටලයිට් යන්ත්‍රයක් සහ සැකකරුට අයත් ක්‍රෙඩිට් කාඩ් 04ක්ද පොලිස් බාරයට ගෙන ඇත.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නාකොටික් නිලධාරියාගේ නිවසින් ලක්ෂ 10 ක්-ජීප් රියක් පොලිස් බාරයට
Maheshn Sunday, 28 June 2020 01:59 PM
හැමතැනම ඔය වගේ නිලධාරින් තමයි ඉන්නේ.. පේනවනේ සල්ලි උඩ නිදාගෙන ඉඳලා තියෙන්නේ..
Prabha Sunday, 28 June 2020 03:11 PM
ශ්‍රී ලංකා පොලීසිය පමණක් නොව ගුවන් තොටුපළ, රේගුව, එකීනොකී සියලුම ආයතන දූෂිතයි.
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 28 June 2020 03:56 PM
පේනවා නේද ?...වැඩ. රස්සාවට අමතරව නිලලත් රාජ්‍ය අපරාධකාරයෙක්.. පඩියට අමතරව තවත් විශාල ආදායම් මාර්ගයක්.. ඒත් රටට කොඩිවිනයක්.. හොඳ ඉවක් ඇතිව මේ අපරාධවල සොයාගැනීම සුළුපටු දෙයක් නොවේ. එයට අනේක වාරයක් ස්තූතියි ..!!! අපද මේ ලංකාදීපය දුන් අවස්ථාව නිසා, මේ සම්බන්ධව නොයෙක්විට අපේ රටට හා ජනතාවට ආදරයෙන් සාර්ථක උපාය මාර්ග පෙන්වා දුන් බව සිහිගන්වන්නේ ඉතා සතුටිනි..
ජයන්ත මිලානො Sunday, 28 June 2020 04:36 PM
මිනුවන්ගොඩ නම් ඉතින් මීගමුවේ අරයගේ නෑයින් වෙන්න අැති.. බයවෙන්න දෙයක් නැහැ. උඩින් අැවිත් ඉඹගත්තා වගේ. ඔය කේස් එකත් විසිවෙයි...
alwis Sunday, 28 June 2020 09:35 PM
නාකොටික් යන එකට සිංහල වචනයක් නැහැ වගේ... අපේ බස නැතිකරන්නේ අපිමයි...
Indhika Monday, 29 June 2020 01:26 AM
බොහොම කණගාටුදායක ප්‍රවෘත්තියක්.. පුද්ගලිකව දන්න පුද්ගලයෙක් මොහු... කිසිම සැකයක් නැතිව දේශපාලන පලි ගැනීමක් මෙය. ලංකාවේ ලොකුම කුඩු තොගේ ඇල්ලුවේ මොහු...
කමල් Monday, 29 June 2020 01:55 AM
අපි මෙච්චර කල් හොරාගේ අම්මාගෙන් නොවැ පේනඅහලා තියෙන්නේ...
Bamunuarachchi Monday, 29 June 2020 02:25 AM
"නාකොටික් නිලධාරියාගේ නිවසින් ලක්ෂ 10 ක්- ජීප් රියක් පොලිස් බාරයට" ඇයි හත් දෙයියනේ නාකොටික් නිලධාරියාට ලක්ෂ 10ක පරණ ජීප් එකක් පාවිච්චි කරන්න බැරිද? ලක්ෂ 10ක් කියන්නේ මහා ගාණක් නොවෙයි නේද?
pradeep Monday, 29 June 2020 03:09 AM
නවීන පන්නයේ ජීප් රියක්...?
PUROHITHA ABEWIKKRAMA Monday, 29 June 2020 03:28 AM
අනේ ඇයි..? මේ කියන නිලධාරිතුමාට නමක් නැද්ද? තරහා ගන්න කාරි නැහැ. දැනගන්න ක්‍රමයක් නැති හින්දයි ඇහුවේ...
Lakmal Monday, 29 June 2020 03:50 AM
නවීන පන්නයේ ජීප් රියක්... අපි නම් දන්නේ 32 ඩෑශ් පෙජරෝ අවුරුදු 30ක් විතර පරණයි කියලා...
sl Monday, 29 June 2020 05:09 AM
තවම හාල්මැස්සෝ....
සේන Monday, 29 June 2020 06:12 AM
වැටත්, නියරත් ගොයම් කා නම්.., කාට පවසන් ඒ අමාරුව.
නිමල් Monday, 29 June 2020 08:32 AM
නවීන පන්නයේ ජීප් රථය 32- වුණේ කොහොමද?
Amare Monday, 29 June 2020 08:58 AM
නවීන පන්නයේ 1980 පළාත් සභා පැජරෝවක්..
Nimal Thursday, 02 July 2020 07:15 AM
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැමෝම භාවිතා කරන්නේ මේ පැජරෝ ජීප්නේ... ඒවා ඔක්කොම නවීන පන්නයේ ඒවා... ඒ නිසයි මේ ජීප් එකත් නවීන පන්නයේ කියලා තියෙන්නේ...
sampath Thursday, 02 July 2020 04:59 PM
මේ පළාත් සභා මොඩ්ල් එක 1988 ඉන්දු ලංකා ගිවිසුමෙන් පස්සේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට ගෙනාවේ දැන් මේ වගේ ජීප් එකක් ලක්ෂ 25ත්, 30ත් අතර යන්නේ... මේක 10කට දෙනවා නම් ලොකු දෙයක්.. අනෙක මේවා දැන් අවුරුදු 30කට වඩා පරණයි. මටනම් හිතෙන්නේ මේක කානිවල් එකක්ද කොහේද?