(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සෙවීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් එම ප‍්‍රහාරය පිළිබද නඩු කටයුතුවලට බලපෑමක් හෝ අගතියක් නොවන බවට කතානායකවරයා තීන්දුවක් ලබාදෙන්නේ නම් තමන් එම කාරක සභාව හමුවේ සාක්‍ෂි ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
මෙම කාරක සභාව පත්කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුවලට මෙන්ම නඩු පැවරූ අයට අගතියක් වන බව නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබූ බව කී ජයසේකර මහතා ජනාධිපති ලේකම්වරයා විසින් එය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කර ඇතත් මෙතෙක් එය සභාගත කිරීමට කතානායකවරයා පියවර ගෙන නැතැයිද සදහන් කළේය.
ෙඑය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කාරක සභාවෙන් කිසිම අගතියක් නොවන බවට කතානායකවරයා තීන්දුවක් දුනහොත් තමා එය හමුවට ගොස් සාක්‍ෂි ලබාදෙන බව කී ජයසේකර මහතා තමන් වරදක් කර නොමැති අතරම මේ හමුවේ කීමට කරුණු තිබෙන බවද කීවේය.
පාර්ලිමේන්තු තේරීම කාරක සභාවට සහභාගී නොවීමෙන් තමන් කිසිම වරදක් කර නොමැති බව කී මන්ත‍්‍රීවරයා ඒ තුළින් තමා පාර්ලිමේන්තු වරප‍්‍රසාද හා ස්ථාවර නියෝග ආරක්‍ෂා කර ඇති බවත් ප‍්‍රකාශ කළේය.
මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (2) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
මෙම විශේෂ කාරක සභාව මගින් කරන්නේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වගකිවයුත්තන් සෙවීම නොව චෝදනා ඇති රිෂාඞ් බදියුදීන්ට මහතා වැනි අය සුද්ද කිරීම බව ද හෙතෙම සදහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන බව කී දයාසිරි ජයසේකර මහතා එය පරාජය කරවීමට නම් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායමේ සියලු දෙනා ඒකරාශී කරගත යුතු බව ද කීවේය.
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘නඩු කටයුතුවලට අගතියක් නොවන බවට තීන්දුවක් දෙනවා නම් පාර්ලිමේන්තු කාරක සභාවට යනවා’
Silva Tuesday, 02 July 2019 04:12 PM
පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ටාධිකරණයටත් වඩා උත්තරීතරයි. එහෙම තීන්දුව දුන්නෙත් ඔබතුමන්ලගේම අනුර බණ්ඩාරනායක කථානායකතුමා. එම නිසා නීතිපතිටවත් අධිකරණයටවත් පාර්ලිමේන්තු කටයුතු මෙහෙයවන්න බැහැ. ඔයත් නීතිඥයෙක්ලු නේද?
ranjith Tuesday, 02 July 2019 11:23 PM
එහෙම නම් ඕකට යන්නේ නෑ කියලා මහලොකුවට කෑ ගැහුවේ දැන් බයවෙලාද?
සිසිල් සුදේශ් Wednesday, 03 July 2019 02:26 AM
මෙහෙමත් නීතිඥයෙක්! ඔය කතාව කලින් කතානායක තුමා එක්ක කරල එන්න කියපු දවසේ යන්න තිබුණා නේද. දැන් දඬුවම් ලැබෙයි කියල බයේ බොරු කතා කියනවා.