IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


නිදහස් දින සැමරුම් වියදම් අඩුවෙයි

(ඩයනා උදයංගනී)
පෙර වසරවලට සාපේක්‍ෂව මෙවර නිදහස් දින සැමරුම් ජාතික උළෙලේ වියදම් අඩු කර ඇතැයි රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ලංකාදීපයට අද(3) පැවසීය.
 
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම පියවර ගෙන ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව පවත්වන ප‍්‍රථම නිදහස් දින සැමරුම ද මෙය වේ.
 
මෙවර නිදහස් දින ත‍්‍රිවිධ හමුදා ආචාර පෙළපාලියේ කාලය ද පෙර වසරවලට සාපේක්‍ෂව පැයකින් පමණ අඩු කර ඇති බව වාර්තා වේ.
 
මීට පෙර වසරවලදී දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පැවැත්වූ නිදහස් දින සැමරුම් උත්සව මෙවර නොපැවැත්වෙන බව ද රාජ්‍ය ඇමතිවරයා කීවේය.
 
එම උත්සව වෙනුවට දිස්ත‍්‍රික්ක, ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශ, ග‍්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් හා ආයතන මට්ටමින් රුක් රෝපණ වැඩසටහන් සංවිධානය කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙන බව ද ලසන්ත අලගියවන්න මහතා ස`දහන් කළේය.
 
මෙවර නිදහස් දින සැමරුම 2008 වසරෙන් පසු යළිත් නිදහස් චතුරස‍්‍රයේදී පැවැත්වීමේ ප‍්‍රධාන අරමුණ වන්නේ ජනතාවට සිදුවන හිරිහැර අඩුකිරීම බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
 
මීට පෙර වසරවල නිදහස් දින සැමරුම් උළෙලේ පෙරහුරු ආදිය සදහා ගාලූ මුවදොර පිටිය ඉදිරිපිටින් මාර්ගය වසා තැබීම නිසා ජනතාව දැඩි පීඩාවකට පත්වූ බව ද හෙතෙම කීවේය.
 
මෙවර උත්සවය සදහා මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ආරාධිතයින් 2,500කට පමණ ආරාධනා කර තිබෙන බව කී අලගියවන්න මහතා සාමාන්‍ය ජනතාව 1000 කට පමණ නිදහස් චතුරඝ්‍රය අසල ක‍්‍රීඩා පිටියේ සිට එය නැරඹීමේ පහසුකම් සපයා තිබෙන බවද ප‍්‍රකාශ කළේය.

 



අදහස් (1)

නිදහස් දින සැමරුම් වියදම් අඩුවෙයි

රවින් Monday, 03 February 2020 01:25 PM

ඇයි මේ පරණ තැටි ආපහු ආපහු වාදනය කරන්නේ? පහුගිය දිනවල ප්‍රවෘත්ති තිබුණා නේද මෙවර වියදම 30% කින් අඩුකරනවා කියලා...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 4 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 30 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 61 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 103 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 898 0

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


‘‘ලෙඩ සතුන් මසට විකුණනවාලු‘‘
2025 මාර්තු මස 14 320 0

හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 217 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 508 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site