IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


නාමල් ඇතුළු තිදෙනකුට ඇප

(මනෝප‍්‍රිය ගුණසේකර)

හෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු පුද්ගලයින් පස්දෙනාගෙන් අධිකරණයේ පෙනී සිටි තිදෙනකු රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද(28) නියම  කළේය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කොට සිටින ඒත් අධිකරණයට ඉදිරිපත් නොවී විදේශගතව සැඟවී සිටින බව කියන විත්තිකරුවන් දෙදෙනාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විනිසුරුවරයා යළිත් වරක් සිතාසි නිකුත් කළේය.

අධිකරණයේ පෙනී නාමල් රාජපක්‍ෂ මහතා, පවිත‍්‍රිකා සුජානි බෝගොල්ලාගම සහ ගුවන් සේවිකාවක් වු නිත්‍යා සේනානී සමරනායක යන අයට මෙලෙස ඇප නියම කෙරිණි.

අධිකරණයට ඉදිරිපත් නොවී විදේශගතව සැගවී සිටින බව කියන ඉන්දික ප‍්‍රභාත් කරුණාජීව  සහ ඔරනෙල්ලා ඉරේෂා සිල්වාට යළිත් වරක් සිතාසි නිකුත් කෙරුණු අතර විත්තිකරුවෙකු ලෙස නම් කොට සිටින ගවර්ස් කෝපරේටඞ් ලිමිටඞ් ආයතනය  වෙනුවෙන්  කිසිදු  නීතීඥ  නියෝජනයක් සිදුවුයේ  නැත.



අදහස් (5)

නාමල් ඇතුළු තිදෙනකුට ඇප

athula Wednesday, 28 June 2017 11:21 AM

ආ මේවට ඇප දෙන උසාවිය අර රටේ බුද්ධිමත්ම ශිෂ්ෂ්‍යයින්ට සලකන්නේ අමානුෂික විදිහට.... මේවා අවභාවිතාව නිසා නොවේද? වෙන්නේ... මේවා නිසා තමයි අද වෙනකොට රටේ සල්ලි නැහැ කියන්නේ... සල්ලි කොහෙන්ද පුළුවන් තරම් විනාශ කරලා ඉතුරු ඒවා පිට රටවල හංගල මේවා හොයන්න එපා... එතකොට කාට කියන්නද?

:       17       112

kumar (galf) Wednesday, 28 June 2017 12:30 PM

මේ රුපියල් මිලියන 30 ක් කියන්නේ මෙයාගේ සම්භාරයෙන් කජු ඇටයක් වගේ දෙයක්. අඩුගානේ ඩොලර් මිලියන 30 ක් කීවානම් යාන්තන් හිතාගන්න පුළුවන් තරම් වටිනාකම් තියෙනවා...

:       33       162

Siva Wednesday, 28 June 2017 02:02 PM

හොද වැඩක් කරලා වගේ හිනාවෙන්නේ... මොකද?

:       35       105

srimala Thursday, 29 June 2017 06:00 AM

මේ කට්ටියට ඇප මිසක් වෙන දෙයක් නෑ..

:       0       0

Nandalal DE SILVA - France Thursday, 29 June 2017 04:40 PM

මෙවැනි විශාල මුදල් මංකොල්ලයකට චෝදනා ලබා සිටින අයට රක්ෂිත බන්ධනාගාරවල දොරවල් වැහෙන්නේ මොකොද ? මේ කල්ලිය ඇතුලේ කුප්‍රකට නමක් තිබෙන පුද්ගලයෙකුත් ඉන්නා නිසාද ? සිතාසි නිකුත් කල පමණින් විදේශ ගතවී සිටින අනිත් යුගල ඊළඟ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණයට භාර වෙයිද ????? හිතන්න අමාරුයි !!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 619 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 174 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 504 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 123 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1742 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site