IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


'නියෝජ්‍ය ඇමැතිකමක් දුන්න බව මට කියලා නෑ'

ප්‍රසාද් මුතුකුඩ    

                                                           
යහපාලන රජයෙන් නියෝජ්‍ය ඇමැති තනතුරක්  ලැබු බව නිල වශයෙන් දැනුවත් නොමැති බව බුද්ධික පතිරණ මහතා කටුනායක ගුවන්තොටුපලේදී පැවසීය.


2020 ඔලිම්පික් තරගාවලිය සඳහා  ශ්‍රී ලංකා නියෝජනය වෙනුවෙන් සත්කාරක නගරය ලෙස  සහ  රුපියල් ලක්ෂ 3000 වටිනා ගිනි නිවන රථ  ගුවන් හමුදාවට  සහ රජයේ ආයතන වෙත ලබාදීම  සඳහා වු ගිවිසුමකට අත්සන් තැබීම වෙනුවෙන්  ජපානයේ හෂීමා නගරයේ  පැවති උත්සවයකට  සහභාගි වී නැවත දිවයිනට පැමිණි අවස්ථාවේදී ගුවන්තොටුපලේ විශේෂ අමුත්තන්ගේ කුටියේ දි  පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා  මේ බව පැවසීය.


එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.


‘‘ඇමැති තනතුරු නොලැබුණාය කියා  එයින් සැලී පැත්තකට වැටෙන්න බලාපොරොත්තු වන්නේ නැති බව මා මුලින්ම්ම කිව යුතුයි වසර තුනක්  එක එක විදියේ  දෙවල් අසා තිබුණා  කම්මලේ  ඉන්න බල්ලට  හෙන ගැහුවාට දැනෙන්නේ නැහැ වගේ මෙයත්  මට  සාමාන්‍ය දෙයක්  තනතුරු නොලැබීම අභියෝගයක් ලෙස  සළකා  රටේ මහජනතාවගේ  ගැටළු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී  හඬක් නගා එයට  පිළියම් ලබාදීමට නිතරම  අපි  පක්ෂයක් ලෙසත්  මහජන නියෝජිතයන් ලෙසත් නිතරම කටයුතු කරනවා  සිව් වතාවක් මාගේ ජයග්‍රහණය වෙනුවෙන්  කටයුතු කළ මාතර සිටින  අහිංසක ජනතාව මතක් කළ යුතුයි.  

අද මේ රටේ  සමහර දේශපාලකයින් ඡන්ද කුට්ටිය  ගැන හිතලා  වැඩ පෙන්නන  තත්වයක් උදා වෙලා පක්ෂ නායකත්වය තනතුරු නොදි  වැඩ කරලා පෙන්නන්න දීපු අභියෝගය බාරගෙන  එදා ලේ වලින්  සහතික කර  පක්ෂයේ අභිවෘදිය වෙනුවෙන් කටයුතු  කලා  තවද ජාත්‍යන්තර  සම්බන්ධතාවය  හැමවිට  තබාගෙන  කටයුතු කළ  බැවින් ජාපානයේ  අප මේ කළ සංචාරය ඉතා සාර්ථකයි රුපියල් ලක්ෂ 3000 වැඩි ආධාර  අප රටට ලැබුණා  

රජයක් ලෙස ජනතා සුභසාධන  කටයුතු  නොපිරිහෙලා අප කළ යුතුයි  හෂීමා නගරයේ බළධාරින්  සමඟ අපේ තිබෙන  මිත්‍රශීලි  සම්බන්ධතාවය ඉතා ප්‍රබලයි ඒ නිසා  අප රටෙන් එහි යන ක්‍රීඩකයන්  ඇතුළු පිරිසට සත්කාරක නගර  අනුග්‍රහය  ලැබී තිබෙනවා මෙහිදී ක්‍රිඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා  මහතාව මතක් කළ යුතුයි  එතුමා අද  ක්‍රිඩා අමාත්‍යංශය ගොඩනගන්න කැපවෙලා කටයුතු කරනවා ජපාන රජයෙන් අද අපිට  ලැබුණූ  මේ සියළු දේට අපි ස්තුති කළ යුතුයි.   



අදහස් (9)

'නියෝජ්‍ය ඇමැතිකමක් දුන්න බව මට කියලා නෑ'

සතයපාල Monday, 18 June 2018 07:08 AM

මෙයත් කටට එන එක ඔහේ දොඩවනවා ඇරෙන්න ප්‍රයෝජනවත් අදහසක් හෝ මතයක්. ඉදිරිපත් කරණ අයෙක් නොවෙයි. පක්ෂයේ අභයන්තර ගැටලු ඇතුළේ සාකච්චා කරලා විසදා ගන්න ඒවා රටට කීයළා වැඩක් නැහැ.

:       161       96

Hafeel Monday, 18 June 2018 07:16 AM

සාමානයෙන් මම දේශපාලකයින්ට ගරු කියන වචනය භාවිතා කරනවා. නමුත් ඔබ ඒ වචනයට ඉතා සුදුසුයි. ගරු මන්ත්‍රිතුමනි, කිසිම ඇමතිකමක් හෝ නියෝජ්‍ය ඇමතිකමක් නොමැතිව, සිව් වතාවක් මාතර දිස්ත්‍රික් ජනතාව ඔබව දිස්ත්‍රික්කයේ පළමුවැනියා හැටියට පත්කළා. මාතර දිස්ත්‍රික්කයේ කැබිනෙට් ඇමතිකම දරන අයව පසුකරගෙන, ඔබව ජනතාව ඉහළින් ජයග්‍රහණය කරනවා. ඒ ඔබව ජනතාව හදවතින්ම දන්නවා. රටේ අවාසනාව තමයි තාම පාලකයින් සුදුස්සන්ට සුදුසු තැන නොදීම සහ ජනතාවත් දිගින් දිගටම සුදුස්සන්ට බලය නොදීම.... නමුත් කණගාටුයි, ඔබගේ නායකයා ඔබෙන් පළිගැනීම පිළිබඳව... කවදා හෝ ඔබව ජනතාව සුදුසු ආසනයේ වාඩිකරාවි...

:       70       120

රජින්දMonday, 18 June 2018 09:07 AM

හෆීල්, ඔබ මෙයාට 'ගරු' කියල කියන එකෙන්ම පෙනෙනවා ඔබේ දේශාපාලන දැක්ම. රටේ ජනතාව දහදිය මහන්සියෙන් උපයන සල්ලි වලින් ගෙවන බදුවලින් යැපිලා... තව අපේ මුදල් කොල්ල කාපු අයගෙන් තවත් සල්ලි අරගෙන මෙයාල ගෙවන සුපිරි ජීවිතය ගැන නොදැන ඔයා මේ කතා කරන්නේ.

:       83       39

RaveendraMonday, 18 June 2018 09:38 AM

ඔබගේ අදහස් සමග එකගවිමට නොහැකි බව පළමුව සදහන් කිරීමට කැමැත්තෙමු. මක්නිසාදයත් මේ කිසිවකු ගරු සේවයක් නොකරන්නෝය. වැටුප් මෙන්ම අනෙකුත් සියලුම දමනා ලබමින් ඔබෙත් මගෙත් අපගේ බදුමුදල්වලින් සුර සැප විදින අම්බරුවන් රෑනක්වීමය. ඔබට හැකිනම් මේ " 225 න් එක් නමක් පෙන්වන්න" කිසිදු මුල්‍යමය දෙයක් හෝ කිසිදු ආකාරයක මහජන මුදල් වියදම් කිරීමකින් තොරව තමන්ගේම පුද්ගලික මුදල් වියදම් කරමින් මහජන සේවයට පැමිණෙන කෙනෙකුගේ නමක් ?? ඉරහදමෙන් අපට නම් විස්වාසයි ඔබට එසේ නමක් සොයා ගැනීමට නොහැකි බව. එබැවින් මෙම අම්බරුවන් හට ගරු යනවදගත් වචනය කිසිසේත්ම සුදුසු නැති බව බාලන්සේ ඉගෙන ගන්න ළදරුවකුට උනත් පැහැදිලි වෙන කරුණකි.අපගේ මෙම අදහස් වලින් ඔබට යම් සිත්තවුලක් ඇති උනිනම් අප කණගාටු වන්නෙමු.

:       1       3

RaveendraMonday, 18 June 2018 09:38 AM

හෆීල් මයා වෙත, ඔබගේ අදහස් සමඟ එකඟවීමට නොහැකි බව පළමුව සඳහන් කිරීමට කැමැත්තෙමු. මක්නිසාදයත් මේ කිසිවකු ගරු සේවයක් නොකරන්නේය. වැටුප් මෙන්ම අනෙකුත් සියලුම දීමනා ලබමින් ඔබේත්, මගේත් අපගේ බදුමුදල්වලින් සුර සැප විඳින අම්බරුවන් රෑනක් වීමය. ඔබට හැකිනම් මේ "225 න් එක්කෙනෙක් පෙන්වන්න" කිසිදු මුල්‍යමය දෙයක් හෝ කිසිඳු ආකාරයක මහජන මුදල් වියදම් කිරීමකින් තොරව තමන්ගේම පුද්ගලික මුදල් වියදම් කරමින් මහජන සේවයට පැමිණෙන කෙනෙකුගේ නමක්... කියන්න. ඉරහඳ මෙන් අපට නම් විශ්වාසයි ඔබට එසේ නමක්වත් සොයා ගැනීමට නොහැකි බව... එබැවින් මෙම අම්බරුවන්හට ගරු යන වදනත් වචනය කිසිසේත්ම සුදුසු නැතිබව බාලංශයේ ඉගෙන ගන්න ළදරුවකුට වුනත් පැහැදිලි වෙන කරුණකි. අපගේ මෙම අදහස්වලින් ඔබට යම් සිත්තැවුලක් ඇති වුනිනම් අප කණගාටු වන්නෙමු.

:       0       4

kalani Monday, 18 June 2018 07:38 AM

අනෙකුත් නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දී ආඩම්බරයෙන් පිටව ගියත් ඉතා සරල පැවතුම් ඇති, නිතර මඳ සිනා පලකල වෙසෙසින්ම ජනතාව ගැන සිතන කුඩා සිරුරින් යුත් මන්ත්‍රීවරයා දක්නට නොවිය. ඔබ රට වෙනුවෙන් ජපානයට ගොස්ය. තනතුරු ඔබ වෙනුවෙන් නොවේද..?

:       0       10

රජින්ද Monday, 18 June 2018 07:44 AM

මෙයාව වහාම හිරේ දැමිය යුතුයි... මේ අය නියෝජනය කරන පක්‍ෂයේ පිරිවරක් මේ එළිපිටම කරලා තියෙන මුල්‍ය වංචාව මේ රටේ සාමාන්‍ය ජනතාවට දැවැන්ත වැරදි පූර්වාදර්ශයක් දුන්නා. පොඩ්ඩක් හිතන්න මේවගේ තුට්ටු දෙකේ දේශපාලකයින් නිසා ඉස්සරහට මීට වඩා භයානක වැරදි කරලා වුනත් කාටහරි කියන්න පුළුවන් 'මම දැනුවත්ව නෙමෙයි එක කලේ... ' 'මම දන්නේ නැහැ..' 'මට මතක නැහැ..' වගේ මෝඩ කතා. ඒ නිසා වැරදි පූර්වාදර්ශ ජනතාවට නොදීමට මේ රටේ අධිකරණය ක්‍රියාත්මකවිය යුතුයි.

:       16       3

de silva Monday, 18 June 2018 08:52 AM

බය නැතිව ඇත්ත කතාකරන ඔබ සහ රන්ජන් වැනි දේශපල්කයට ප්‍රධාන පක්ෂ දෙකේම නායකයෝ ඉඩක් දෙන්නේ නැහැ , නමුත් ජනතාව හැමදාම මනාපේ ගහල ස්තුතිය පලකරනවා ,

:       2       12

saman - male Monday, 18 June 2018 09:59 AM

ඔය තනතුරු දුන්නත් ගන්න එපා...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 395 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 140 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 152 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 596 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 200 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 633 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site