( රොමේෂ් මධුෂංඛ)
මුලතිව් නයාරුහි සිටි සංචාරක් ධීවරයින් හේතුවෙන් ධීවර වාඩිවලට ගිනි තැබීමෙන් හා පැවති විරෝධතාවන් වලින් අනතුරුව දකුණු පළාතේ සිට නයාරුවල මසුන් ඇල්ලීමට පැමිණි ධිවරයින් සිය ධීවර ආම්පන්න රැගෙන නැවත දකුණු පළාත් වෙත මේ වන විට පිටත්වීම ආරම්භ කර තිබේ.
මුලතිව්හි සංචාරක ධීවරයින් ඉවත්වන අවස්ථාවන්හි දැඩි පොලිස් ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඉවත්වීමට සිදුව ඇත්තේ පසුගියදා සංචාරක ධීවරයින්ගේ වාඩි ගිනි ගැනීමෙන් පසුව සංචාරක ධීවරයින් ඉවත්වීමේදී ගැටුමක් ඇති වේ යැයි යන අවදානම හේතුවෙනි.
නයාරු ප්‍රදේශයේ සංචාරක ධීවර කර්මාන්තයේ යෙදී සිටි ධීවරයින් පළවා හරින ලෙසත් සංචාරක ධීවරයින් විසින් සිදු කරන තහනම් දැල් ආම්පන්න යොදා සිදු කරන ධීවර කටයුතු නවතන ලෙසටත් පසුගියදා මුලතිව් ධීවරයින් විරෝධතා වැඩසටහන් පැවැත්වු අතර, අදාළ විරෝධතාවයන්ගෙන් අනතුරුව පසුගිය 13 වැනිදා නයාරු ප්‍රදේශයේ සංචාරක ධීවරයින් නැවති සිටි ධීවර වාඩි වෙතද කිසියම් පිරිසක් ගිනි තබා තිබුණි.
නයාරු ධීවර වාඩිවලට ගිනි තැබීමෙන් ධීවර වාඩි 8 ක් සහ බෝට්ටු 2 ක් ගිනිගෙන විනාශ වි ඇති අතර, ධිවර වාඩිවල තිබු දැල් ආම්පන්න තොගයක්ද ගින්නට හසු වී විනාශ වි තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් මහතා පැවසූවේ දකුණු පළාතේ සිට නයාරු වෙත ධීවර ජනතාව පැමිණ ධීවර කටයුතු සිදුකිරීම හේතුවෙන් මුලතිව් ධීවර ජනතාවට අසාධාරණයක් සිදුව ඇති බවත් දකුණේ ධීවරයින්ට මසුන් ඇල්ලීමට විශාල ප්‍රදේශයක් පවතින බැවින් අදාළ සංචාරක ධීවරයින්ට ඇති වු ගැටළුව හමුවේ නයාරු ප්‍රදේශයේ නැවති සිටි ධීවරයින් ඉවත් කරන ලෙසට තමන් ඉල්ල සිටි බවයි.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නයාරු මුහුදේ මසුන් මැරීමට ආ දකුණේ ධීවරයෝ ආපසු යති
කෝමාරිකා Friday, 17 August 2018 07:04 AM
ශෝගම් සමුළුවක් තියාගන්න වුවමනාවට උතුරු පළාත බන්දේසියක තියලා විග්නේශ්වරන් නමැති ජාතිවාදියව මහඇමති කරන්න. ඔය උතුරු පළාත් සභාව 2013 පිහිටෙව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයායි. හොඳයි උන්දැගේ දේශප්‍රේමී බව!
samanFriday, 17 August 2018 08:59 AM
ඉතින් ඔච්චර ඕනෙකම තියනවා නම් පැය විසිහතරෙන් ඔය පළාත් සභාව විසුරුවලා දාන්න ඉන්න ජනපතිට බලය තියනවනේ....
krishantha Friday, 17 August 2018 07:29 AM
පත්තරේ දැම්මනේ..දැන් දකියි. සිංහ රැලක වුණත් නායකයා හැටියට අහවල් ජාතියේ කෙනෙක් දැම්මොත් වෙනදේ දන්නවනේ....
nuwan Friday, 17 August 2018 08:06 AM
උතුරු දකුණ කියලා ලේබල් ගහලා තමයි ඕවා පටන් ගන්නේ. කොඳු නැති පාලකයන්ගේ වැරදි තමයි මේවා...
sarath perth Friday, 17 August 2018 09:02 AM
දැන් සතුටුද.....?
prabha Friday, 17 August 2018 11:37 AM
කෝ දැන් ඔය විරෝධය ඉන්දියාවෙන් එන ධීවරයන්ට?