( රංජිත් රාජපක්ෂ )
ඇදිරි නිතිය පනවා තිබියදි හැටන් මහෙස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශයට අයත් නොර්වුඩ් සහ කොටගල යන නගර වල මත්පැන් අලෙවි සැල් දෙකක් කඩා එහි තුල තිබු මත්පැන් බෝතල් සොරාගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා එ පිලිබද ලබන මස 04 දිනට අධිකරණයට කරුණු වාර්ත කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ස්ට්‍රොස්කි මහතා (15) දින හැටන් පොලිස් අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කළේය.
නොර්වුඩ් සහ දිඹුල පොලිස් ස්ථාන විසින් එම පොලිස් බල ප්‍රදේශ දෙකට අයත් කොටගල සහ නොර්වුඩ් පොලිසියට අයත් පුලියාවත්ත ප්‍රදේශයේ පසුගියදා මත්පැන් අලෙවිසැල් කඩා එහි තුල තිබු මත්පැන් බෝතල් සොරාගෙන ගොස් ඇති බවට එම පොලිස් ස්ථාන විසින් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත (15) දින කරුණු වාර්තා කර තිබු අවස්තාවේ මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත්කළේය.
විවෘත අධිකරණයේදි මහෙස්ත්‍රාත්වරයා අවධාරණය කර සිටියේ ඇදිරි නිතිය පනවා තිබියදි අපරාධයක් සිදු විමට කිසිදු ඉඩක් නොමැති බවයි.
මත්පැන් අලෙවි සැල් කඩා කිසියම් පිරිසක් විසින් මත්පැන් බෝතල් රැගෙන ගියේ නම් එම මත්පැන් බෝතල් වතුකරයේ ඉතා අධික මිලකට අලෙවි කරන බවත්, මේ තුලින් වතු කම්කරුවන්ගේ පවුල් අතර ආරවුල් ඇති වි ඔහුන්ආර්ථික වශයෙන්ද ගැටළු රැසකට මුහුණපාන බවයි.
ඇදිරි නිතිය පනවා තිබියදි ආරක්ෂක අංශ නිලධාරින් රාජකාරියේ යෙදි සිටින අවස්තාවල මෙවැනි අපරාධ සිදු විමට කිසිසේත් ඉඩම නොමැති බවත්, මෙවැනි සිදු විම් තුලින් නිතිය හැල්ලුවට ලක් වන බවද මහෙස්ත්‍රාත්වරයා අවධාරණය කර සිටියේය.
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස
බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නොර්වුඩ් - කොටගල මත්පැන් අලෙවිසැල් කැඩීම සම්බන්ධ විමර්ශනයක් ඉල්ලයි