IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


නොර්වේ සහය ඇතිව ලංකාවේ ධීවර කර්මාන්තය දියුණු කිරීමට යයි

(අංජුල මහික වීරරත්න)


නොර්වේ රාජ්‍යයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නවීකරණය කිරීමට, සංචාරක කර්මාන්තය දියුණු කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ අග්‍රාමාත්‍ය  අර්නා සෝල්බර්ග් මහත්මිය සමඟ ඒකාබද්ධ ප්‍රවෘති සාකච්ජාවකට සහභාගී වෙමින් පැවැසීය. 


ඔස්ලෝ නුවර රාජ්‍ය අමුත්තන්ගේ ශාලාවේදී මෙම ඒකාබද්ධ මාධ්‍ය හමුව පැවැත්විණි.


 ශ්‍රී ලංකාවේ නොදියුණු ප්‍රදේශ දියුණු කිරීම සඳහා දිගු කාලයක සිට නෝර්වේ රජයෙන් ලැබෙන සහයෝගය අගය කළ රනිල් වික්‍රමසිංහ මහතා, ඒ සහයෝගය තවදුරටත් උපරිම ලෙස ලබා ගැනීමට ක්‍රියා කරන බව සඳහන් කළේය. 


නෝර්වේ අගමැතිනි අර්නා සෝල්බර්ග් මහත්මිය මෙහිදී පැවසුවේ ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර අතීතයේ සිට පැවති සම්බන්ධතා මේ වන විට තවත් ශක්තිමත් වී තිබෙන බවයි. 


ශ්‍රී ලංකාවේ ඉලක්කගත තිරසාර සංවර්ධන අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා නෝර්වේ රාජ්‍යය උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන බවත්, නෝර්වේ රාජ්‍ය සතු නවෝත්පාදන දැනුම සහ තාක්‍ෂණය හුවමාරු කර ගැනීමට සූදානම් බවත් සෝල්බර්ග් මහත්මිය අවධාරණය කළාය. 



අදහස් (5)

නොර්වේ සහය ඇතිව ලංකාවේ ධීවර කර්මාන්තය දියුණු කිරීමට යයි

Bamunuarachchi Sunday, 07 October 2018 02:15 PM

ඔක්කෝටම ඉස්සෙල්ලා අර ඉන්දියන් කාරයෝ බුරුතුපිටින් ඇවිත් අපේ මාළු ටික බාගෙන යන එක නවත්තාගන්න. ඊට පස්සේ නොර්වේ එක ගෙන්වාගෙන ඉගෙන ගන්න.

:       67       169

Bamunuarachchi Sunday, 07 October 2018 02:19 PM

"දැනුම සහ තාක්‍ෂණය හුවමාරු කර ගැනීමට සූදානම් බවත්" මොනවද ඉතින් අපිට බිලිබා ගන්න හැටි කියල දීලා බැංකු මංකොල්ල කනහැටි අපෙන් ඉගෙනගන්න පුළුවන්. හැබැයි බිලිබාගන්න හැටි මහින්ද මහතාට නම් කියලා දෙන්න ඕනෙත් නැහැ...

:       48       129

lalith Sunday, 07 October 2018 04:27 PM

එක කාලෙකුත් ඔය වගේ ගිවිසුමක් ගහලා ඔය කට්ටිය අපේ මුහුදේ මාළු ටික අල්ලාගෙන ගියා නේද?

:       0       106

Amila Monday, 08 October 2018 01:32 AM

ඕකට මොකද පිටරට සහාය. වැඩක් තනියෙන් කරගන්න තියෙන නොහැකියාව තමයි. අපි අපිටම අාවේනික ක්‍රමයකට රට හදාගන්න ඕන වෙන රටවල් වලට ඕන විදියට නෙමෙයි. මාලු කල් තබා ගන්න ධීවර බෝට්ටු වලට සොලර් පැනල් හරහා ශීතාගාර පහසුකම් හදාගන්න අයිස් වෙනුවට, ගොඩ බිම මලු විකුණන අයටත් එවනි පහසුකම් දෙන්න, වැඩි පුර මාලු තියෙන කාලවලට ඒවා ටින් කරන්න හෝ කරවල වගෙ කරගන්න ක්‍රම හදගන්න, එහෙම නැතුව අර 2001 වගේ ජපන්නු ගෙනල්ලා අපේ මලු ටික විනාශ කරා වගේ දෙවල් කරන්න එපා.

:       0       0

indika Monday, 08 October 2018 03:36 AM

පිට අයගෙන් උදව් ඉල්ලගන්න පුළුවන් මානසිකත්වයක් එනකම් අපිට දියුණු වෙන්න ලේසි නැහැ.... නොර්වය මේ අතින් ඉහළින් ඉන්නේ. ඉතින් උදව් ගත්තම මොකද වෙන්නේ. ඒගොල්ලන්ට ලංකාවේ මාළු ඕනේ නැහැ. එම රට ස්වයංපෝෂිත මාළු වලින් සහ සල්ලි වලින්. අතිරික්ත ආදායමක් තියෙන රටක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 84 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 840 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 771 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 220 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 219 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 867 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site