IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


‘නිව්යෝක් ටයිම්ස් වාර්තාවට අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂට කිසිදු මුදලක් චීනයෙන් ලැබී නෑ’


 
අනීෂා මානගේ
 
නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාවට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු මුදලක් චීනයෙන් නොලැබුණු බව හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි. 


නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද (1) තංගල්ල පරෙවිවැල්ල වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට අදහස් දක්වමිනි. 


මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට චීනයෙන් කිසිම මුදලක් ලැබුණේ නැහැ ඔය කියන ආකාරයට. අපි ඒක වගකීමෙන් කියනවා. මේ වන විටත් එෆ්සීඅයිඩී එකෙනුයි සීඅයිඩී එකෙනුයි අවුරුදු හතරක් පරික්ෂණ කළා. පිටරට සමාගම් නෙවේ.

ලංකාවේ සල්ලි දීපු අය ගෙනල්ලත් ප්‍රශ්න කළා. ගමේ දන්සැල් දීපු අයත් ප්‍රශ්න කලා. පොසොන් පෝයට වෙසක් පෝයට තොරණ බැඳපු අයත් ගෙනත් ප්‍රශ්න කළා. මුකුත් නෑ කියල තේරෙනකොට මඩ ගහන එකයි ආණ්ඩුව කරන්නේ.  


රාජිත සේනාරත්න ඇමැතිවරයා ප්‍රකාශ කළ දෙයින්ම පැහැදිලි නිව්යෝක් ටයිම්ස් එකට තොරතුරු යන්නේ කොහෙන්ද කියලා. ඊයේ පෙරේදා මම දැක්කා ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කියනවා සීඅයිඩී එකෙන්ලු දුන්නේ තොරතුරු ටික. ලියපු මාධ්‍යවේදිනිය සම්පූර්ණයෙන් ඒක ප්‍රතික්ෂේප කරල තිබුණා. හැබැයි ආණ්ඩුවේ ඇමැතිවරයා කියනවා සීඅයිඩී එකෙන් පරික්ෂණ වාර්තා ටික දුන්නේ කියල. ඒකෙන්ම පැහැදිලියි හොයල හොයල මුකුත්ම නැති වෙනකොට මඩ ගහන්න ඕන වෙනකොට අවශ්‍ය තොරතුරු ටික හදලා බොරු තොරතුරු මාධ්‍යයට නිකුත් කරනවා.

නිව්යෝක් ටයිම්ස් එවැනි අසත්‍ය ප්‍රවෘත්ති පල කළ පළමු අවස්ථාව මෙය නොවයි ජාත්‍යන්තර මාධ්‍යයක් වුණාට. රාජිත සේනාරත්න කියනවා නම් සීඅයිඩී එකට එෆ්සීඅයිඩීයට හොයාගන්න බැරිවුණු දේ නිව්යෝක් ටයිම්ස් හොයාගත්තා කියල රන්ජන් රාමනායක මහත්තයා කියනවා සීඅයිඩී එකෙනුයි එෆ්සීඅයිඩී එකෙනුයි තමයි නිව්යෝක් ටයිම්ස් එකට තොරතුරු දුන්නේ කියල.

එහෙම බැලුවාම ඒ දෙන්නම කියන්නේ බොරු. මේ දෙන්න ඇමෙරිකාව කිව්වොත් යුරෝපය කිව්වොත් එතනින් එහාට මේ දෙන්නට ලෝකයක් නෑ. රාජිත සේනාරත්න මහත්තයා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වුණු දවසේ ඉදල කියපු දේ අනිත් එක්කෙනා නැහැයි කියනවා. 



අදහස් (18)

‘නිව්යෝක් ටයිම්ස් වාර්තාවට අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂට කිසිදු මුදලක් චීනයෙන් ලැබී නෑ’

Jasayaa Sunday, 01 July 2018 05:23 AM

පෙම් සිනා මගේ මල්ලියේ - කුණු සෝදාපන් දැන් සෙයිලමේ

:       334       277

bandara Sunday, 01 July 2018 05:52 AM

මෝඩකමට බෙහෙත් නෑ කියන එකත් ඇත්තක්.

:       328       276

කුමාර් (ගල්ෆ්) Sunday, 01 July 2018 06:04 AM

මුදු වැල්ල දිගේ කුණු පිරිසිදු කරාට, මෙයාලාගේ ඇතුළේ තියෙන කුණු කවදාවත් පිරිසිදුවෙන්නේ නෑ.

:       1128       2165

Sunil Sunday, 01 July 2018 06:49 AM

ඒ දෙන්න ඇමෙරිකාව ගැන කතා කරනවා විතරයි.... ඒ වුනාට ඔහේලගෙ පවුල්වල ගොඩක් අය ඇමෙරිකන්නෙ..

:       0       151

sena Sunday, 01 July 2018 06:57 AM

ආණ්ඩුව මඩ ගහනවා වෙන්නේ කොහොමද මේක මේ පිටරටක පලවෙන කීර්තිමත් පත්තරේක තිබිච්ච ස්වාධීන වාර්තාවක්, ලියපු ලේඛිකාව ඒ ගැන සහතික වෙලා තියෙනවා, අපි මෝඩයෝ කියලා හිතාගෙන මෙහෙම බොරු කියනවාද මන්ද?

:       86       420

Saman Sunday, 01 July 2018 07:05 AM

හැම එකටම ට්විටර් ගහන එකේ බලන්නකො වාර්තාකාරියගෙ ට්විටර් එක, ඇය කියනවනෙ මේක පල කරන්න ඉස්සෙල්ල, තාත්තගෙනුත්, කබ්‍රාල් ගෙනුත්.. පැහැදිලි කිරීම් ඉල්ලුවත් උත්තරයක්වත් ලැබුනෙ නැහැ කියල.. දැන් ලොක්ක වගෙ ගැලරියට කතා කරනව.

:       39       286

Ahinsaka Api Sunday, 01 July 2018 07:15 AM

අහිංසක මිනිසුන් කුස ගින්දරේ අඩන විට අපේ මහරජ සහ හොරු ටික අහිංසකයන්ගේ රට චීනුන්ට උගස්කර සල්ලි හොරකන ලදී. නැවත මිනිස් අාත්මයක් නොලැබේවි.

:       111       355

Nandalal DE SILVA - France Sunday, 01 July 2018 07:29 AM

‘නිව්යෝක් ටයිම්ස් වාර්තාවට අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂට කිසිදු මුදලක් චීනයෙන් ලැබී නෑ’ කියන්න මෙයාට තියෙන බලය හෝ දැනීම කුමක්ද? ඒක කියන්නත් පුවත පලවී දින ගණනක් යනතුරු කිසිම රාජපක්ෂ කෙනෙකුට මතක් උනේ නැත්තේ මොකොද?

:       42       127

Shan Sunday, 01 July 2018 07:41 AM

මෙයාගේ උපාධිය ගත්ත විදිය අපි දන්නවනේ. ඉතින් මේ කියන කතා විහිළු බව අපි දන්නවා.

:       52       167

Ranjan Sunday, 01 July 2018 07:55 AM

මේවා බොරු නම් පලවූ විරුධව පුවත් පතට නඩු පවරන්න පුළුවන් මොකද එක නොකරන්නේ වන්දියක් ලබා ගන්න පුළුවන් මෙවට පිළිතුරු නොදී ලෝකේ තියෙන කතා දැන් කියනවා

:       27       120

asad Sunday, 01 July 2018 07:57 AM

හොරාගේ අම්මගෙන් පේන ඇහුව වගේ වැඩක් මේක.

:       1       82

රාජුන් Sunday, 01 July 2018 08:04 AM

චීන සමාගම්වල කෙරුවාව ගැනත් අපේ ලොක්කන්ගෙ කෙරුවාව ගැනත් අපිට කියන්න එපා. දෙකයි දෙකයි එකතු කළාම උත්තරේ මොකක්ද කියන්න කලු කබා ඕනි නෑ. අපි කොන්ඩෙ බැඳපු චීන්නු නෙවෙයි මහත්තයො.

:       0       41

සමන්ත Sunday, 01 July 2018 08:42 AM

නිව්යෝර්ක් ටයිම්ස් පුවත කියවන්න. ඒකේ කියනවා මේ තොරතුරු ලංකාණ්ඩුවෙන් ලැබුණු ඒවා කියලා.. එතකොට කවුද මේ තොරතුරු දුන්නේ...? කමෙන්ට්ස් දාන්න කලින් නිව්යෝර්ක් ටයිම්ස් එකේ වාර්තාව කියවන්න... රජයේ අනුදැනුම ඇතිව පලවු වාර්තාවක්...

:       59       21

සතයපාලSunday, 01 July 2018 01:21 PM

තොරතුරු කොහෙන්ද ලැබුණේ කියන එක නෙවෙයි මෙතන තියන ප්‍රශ්ණය වන්නේ එවායේ තියෙන නිවැරදී භාවයයී. නිව්යෝර්ක් ටයිම් වගේ ජාත්‍යන්තරව පිලි ගැනීමක් ඇති පුවත් පතක් විශ්වාසනීය හා පිලිගතහෑකි තොරතුර නැති පුවතක් තම පුවත් පතේ පලකරයිද කියන ප්‍රශ්ණය මතු වෙනවා ඔවුන් තමන් පලකරන පුවත ගැන වගකිමට බැදි ඉන්නවා.

:       0       1

sirisena Sunday, 01 July 2018 09:42 AM

හතර පස් දෙනෙක් අල්ලාගෙන කුණු එකතු කරනවා. අනේ ගිය කලක්. ඔහෙලගෙ කුණු හෝදන්න බ මේ කපේදී. අනිචන් දුක්කන් සංසාරේ.

:       0       107

V.warnakulasuriya Sunday, 01 July 2018 10:05 AM

රාජ්‍ය බලය හුවමාරු වෙන්නේ සුනාමි හොරු,මහබැංකු හොරු, සහ සුදු වෑන් මිනීමරුවන් අතරය. ජනතාව විසින් මේ බලය නැවත නැවත ඔවුන් වෙත පවරන බව රටේ විනිසුරුවන්ට සැක නැති බව පසු ගිය දින නඩු විභාගවලදී ඔවුන් ඉවත්වීමෙන් පෙනියන්නකි. ශ්‍රීලංකා අධිකරණයෙන් වැරදිකරුවන් තීරණය කළත් ඔවුන්ට සෙත් පැතීමට බික්ෂුන් වගේම ජනතාවද උසාවි ළඟ පෙළ ගැසෙන රටකි. වගකිවයුතු ජාත්‍යන්තර ආයතනයක් වැරදි පෙන්වා දුන්නත් ඒවා අපේ දේශපාලකයන්ට විහිළුවක්වී ගණන් නොගන්නේ ජනතාව ඔවුන් පිළිගන්නා බව දන්නා නිසාය. ලැබෙන දෙවිවරුන්ට අපේ ජනතාව පෝලිමේ පොරකකා පුදති. මේ නිසා දෙවිවරුන්ද ඔවුන්ගේ පැවැත්ම සඳහා යමක් සෙවිය යුතුය.

:       0       1

සතයපාල Sunday, 01 July 2018 10:27 AM

දුන්නේ නැහැයි කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද... දුන්නයි කියන්නද? අර කතාවක් තියනවනේ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය කියලා. ඒවගේ තමයි මේකත්... මේ ගොල්ලෝ කියන්නේ ඇත්ත නම් මේ සරල උත්තරය දෙන්න මේ තරම් කාලයක් ගත්තේ ඇයි? නිව්යෝර්ක් පුවත්පතේ වාර්තාව දැක්ක ගමන් ඒක කරන්න තිබුණා. එහෙම නොකලේ මේ චෝදනාවෙන් ගැලවෙන්න වෙනත් ක්‍රමයක් හොයන්න ඇති.. එය අසාර්ථක වූ විට සරල හා පහසු ක්‍රමය වූ චෝදනාව ප්‍රතික්ෂේප කිරීම හැර වෙන විකල්පයක් නැති බව දැනුණු පසුව තමයි ඔවුන් කතා කරන්න පටන් ගන්නේ...

:       8       107

Ajith Nissanka Monday, 02 July 2018 07:21 PM

ගැලරියට කතා කරන්නේ නැතුව පුලුවන්නම් ඔය චීනයෙන් දුන්න කියන මුදලට සමාන ගානක් ඩොලර් මිලියන 7.3ක් ඉල්ලලා නඩු දාන්නකෝ. එතකොට ඇත්ත නැත්ත නිකම්ම ඔප්පු කර ගන්න පුළුවන්නේ. බැසිල් මහත්තය ඇමෙරිකාවේ පුරවසියෙක් නිසා එහෙම නඩුවක් පවරන්න කිසිම බාදාවක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 91 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 544 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 669 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 877 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 197 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


ගිං ගඟේ දෙදෙනෙක් සැඟ වෙති
2025 මාර්තු මස 13 239 0

අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 193 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 452 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site