නව ජනාධිපති ලේකම් ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන උදය ආර් සෙනවිරත්න මහතා පත් කර තිබේ.
ඒ මහතා අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලිපිය ලබා ගත්තේය.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි සෙනවිරත්න මහතා මීට මාස කිහිපයකට පෙර විශ්‍රාම ලැබීය.
ඊට පෙර අමාත්‍යංශ ගණනාවක ලේකම්, අතිරේක ලේකම් ඇතුළු තනතුරු ගණනක් හොබවා ඇති ඒ මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි.
එම විශ්ව විද්‍යාලයේම ජන සන්නිවේදනය පිළිබඳ විද්‍යාපති උපාධිය ලබා ඇති ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් සංවර්ධන සන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සහ පළාත් පාලන අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබාගෙන ඇත.
(28535)
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න
Raveendra Friday, 06 July 2018 12:39 PM
අලුතින් මෙම තනතුරට පත්වුණු මෙම නිලධාරියාට අපගේ සුබපැතුම් පිරිනමන අතර තමන් උපන් මාතෘභූමිය වෙනුවෙන් එහි උන්නතිය වෙනුවෙන් තම කශේරුකාව " බට පදුරු න්‍යාය නොහොත් උණ පඳුරු න්‍යාය " සමග පටලවා නොගෙන එඩිතරව නිර්භයව මෙන්ම අවංකව තම සේවය රට වෙනුවෙන් නිහතමානීව ලබාදේවි... යන බලාපොරොත්තුව සමග අප බලා සිටින්නෙමු.
ආර්.එම්.එල්.රත්නායක. Friday, 06 July 2018 02:00 PM
හදවතින්ම සුබ පැතුම්!
B.S Wickramasinghe. Monday, 09 July 2018 12:03 PM
නියමයි සර්