IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


නව ව්‍යවස්ථාවට ඡන්දය දෙන්නේ දේශද්‍රෝහීන්

(ඩයනා උදයංගනී)
 
නව ව්‍යවස්ථාවට ඡන්දය දෙන මැති ඇමතිවරුන් දේශද්‍රෝහීන් බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.  
 
ජිනීවා නුවර පැවති මානව හිමිකම් කොමිසමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් තමන් ඇතුළු පිරිසක් සහභාගී වූයේ ලංකාවට එල්ල වී ඇති චෝදනා අසත්‍ය ඒවා බව සාක්ෂි සහිතව ඔප්පු කිරීමට මිස දේශපාලන වාසියක් බලාපොරොත්තුවෙන් නොවන බව ද ඒ මහතා කියයි.

රජය මානව හිමිකම් කොමිසමේ යෝජනාව පිළිගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ව්‍යවස්ථාවක් මගින් රට දෙකඩ කිරීමට සිදුව ඇතැයි කී සරත් වීරසේකර මහතා එයට ඡන්දය ලබාදෙන මන්ත්‍රීවරුන්ට විශාල වශයෙන් මුදල් ලබාදීමට දෙමළ ඩයස්පෝරාව කටයුතු කරගෙන යන බවට තොරතුරු ඇතැයි ද පවසයි.
 
ඒ මහතා මේ බව පැවසුවේ නාවල රාජගිරිය පාරේ පිහිටි ජාතික සංවිධාන සම්මේලන මූලස්ථානයේ දී අද (10) පැවති මාධ්‍යය හමුවක් අමතමිනි.   



අදහස් (36)

නව ව්‍යවස්ථාවට ඡන්දය දෙන්නේ දේශද්‍රෝහීන්

ලක්ෂි Tuesday, 10 October 2017 12:59 PM

ඔබතුමා කවදත් මව් බිමට ආදරයකල කනෙක්.

:       1286       8252

kamal Jayathilaka Tuesday, 10 October 2017 01:04 PM

ඒක අමුතුවෙන් කියන්න දෙයක්ය මහත්තයෝ.

:       625       7048

LANKA Tuesday, 10 October 2017 01:04 PM

රට දෙකඩ කිරීම කියල කියන එක ටිකක් බරපතල වැඩිය් වගේ නේද? සෑම පුරවැසියකුටම එක හා සමානව සැලකීම කියන එක ඇත්තටම රට එක්සේසත් කිරීමක් කියල තමයි මම හිතන්නේ. අවංකව හිතල බැලුවොත් අපි දැන් බෙදිලා ඉන්නේ ජාති පක්ෂ පාට කුල නිකාය කියල වර්ග වෙලා ඉන්නේ

:       7946       5535

wimalanathaTuesday, 10 October 2017 01:58 PM

ඔය උම්බෑ කියල තියෙන්නේ එක්කෙනෙක්.

:       827       1798

ජයරත්න Tuesday, 10 October 2017 01:15 PM

මේ උන්මන්තකයන්ට අනුව තමන්ට වෙනස් මත දරන හැමෝම දේශද්‍රෝහියෝ. බලය නැති වුනාට තර්ජන වල නම් අඩුවක් නැහැ.

:       7880       6170

gayanTuesday, 10 October 2017 08:51 PM

මේක කොහොමද තර්ජනයක් වෙන්නේ.........

:       34       41

erdi Tuesday, 10 October 2017 01:29 PM

නව ව්‍යවස්ථාවට ඡන්දය දෙන්නේ දේශද්‍රෝහීන්?කොටි ලව්ව දෙමළ චන්ද වලක්වාල ජනාදිපතිවරු වෙන්නෙ මොක්කුද?එතකොට ඔබ ඉපදිල නැද්ද?

:       3536       1212

සචිත්Wednesday, 11 October 2017 03:17 AM

අපි හිතමුකෝ එහෙම ඡන්දෙ වලක්වල දිනුව කියල. ප්‍රශ්නේ වෙන්නේ එහෙම දිනල කොටි හුරතල් කරා නම් නේ. ඡන්දෙත් දිනල කොටියටත් වැඩේ දුන්නු එක නරකද. ඒක රිදෙන්නේ කොටි හිතවාදීන්ට තමා ඉතින්.

:       1       222

sena Tuesday, 10 October 2017 01:42 PM

නුදුරු අනාගතයේදී නගරයෙන් නගරයට, ගමින් ගමට ගොස් මේ පිළිබදව සිසුන්, ගොවීන්, කම්කරුවන් ,ලිපකරුවන් ,කාන්තාවන් ,උගතුන් හා පූජ්‍ය පක්‍ෂය හමුවී ඔවුනට මේ පිළිබඳව තේරුම් කර දී රටට ඉදිරියේදී විය හැකි නැස්පැත්තියෙන් ගළවා ගැනීමට ඔබට නුතන අනගාරික ධර්මපාළතුමන් ගේ කර්තවුය කිරීමට ධර්‍යය ශක්තිය ඕනෑකම ඇතිවේවායි ප්‍රර්ථනාකරමි

:       1215       3743

Gihan Tuesday, 10 October 2017 01:54 PM

සල්ලි දෙනවනම් ඉතින් අනිවාර්යෙන් අත ඉස්සෙනවනේ.

:       6       1621

Kamal Tuesday, 10 October 2017 02:00 PM

මෙයාල මොන බොරු කිව්වත් මහින්ද ආයේ බලයට ගෙන්න බැහැ.

:       1480       623

rawiTuesday, 10 October 2017 02:27 PM

මහින්ද එනවා නම් එයාට වාසි මේක සම්මත කරන එක මිසක් විරුද්ධ වෙන එක නෙමේ. මේකට විරුද්ධ නොවෙන කාගේත් නිරුවත ඉදිරියේදී බලා ගන්න පුළුවන්.

:       63       505

rohana Tuesday, 10 October 2017 02:06 PM

ඔබ තුමා නාවික හමුදාවේ හිටපු හොඳ අවංක කෙලින් වැඩ කරපු කෙනෙක් බව අපි දන්නවා අනේ මහත්තයෝ දැන් පා.ම. මහින්දට කඩේ යන්න එපා.

:       1673       271

kabirTuesday, 10 October 2017 07:24 PM

කඩේ නොයා කොහොමද? මෙයා එයාගේ මස්සිනානේ..ගෝඨාගේ නෝනාගේ නංගිව බැන්දේ මෙයානේ...........

:       42       21

Chanak Los angelesWednesday, 11 October 2017 06:46 AM

ඒක තමයි එහෙනම් මෙයා වහෙන් හොරෝ භාෂාවෙන් ආණ්ඩුවට පහර දිදී රෙජිමයට කඩේ දුවන්නේ ..මෙය හෙළිකර දුන්නට ඔබට ස්තුතියි කබීර් .

:       68       8

Wickramarathna Tuesday, 10 October 2017 02:16 PM

මේ පුවත පල කල ලංකාදීප කතෘ මණ්ඩලයට පින්. ලංකාවේ මිනිස්සු මේ යන්න වෙන විනාශය ගැන දැන ගන්න ඕනේ.

:       89       689

රසික Tuesday, 10 October 2017 02:55 PM

තවම හදලවත් නැති ව්‍යවස්ථාවක් ගැන නේද මේ කියන්නෙ. තවම තියෙන්න‍ෙ මෙහෙයුම් කමිටුවෙ අතුරු වාර්තාවකුත්, දේශපාලන පක්ෂවල අදහසුත් විතරයි නේද? ඒව එකතු කරල ඔන්න අවසන් කෙටුම්පත ආවට පස්සෙනම් හොඳද නරකද කියල කියන්න පුළුවන්.

:       2695       503

[email protected] Tuesday, 10 October 2017 03:02 PM

මහත්තයො ඇයි බොරුවට රටේ මිනිස්සුන්ව නොමග යවලා බය කරන්නෙ. තවම ව්‍යවස්ථාව හදල ඉවර නෑ. එක එක්කෙනාගෙ අදහස් ටිකක් විතරයි තියෙන්නෙ. හදල ඉවර උනාම ඒක බලලම හොඳ නරක කියන්න. රජයත් එක්ක තියෙන තරහට මිනිස්සුන්ට බොරු කියන්න එපා.

:       1199       114

SanjiwaWednesday, 11 October 2017 03:22 AM

අනේ චූටි බබෝ සම්මත කරල ඉවර වුනාම තමා ඔයා දන්නේ මෙහෙම එකක් නේද සම්මත වුනේ කියල. එතකන් දොයියන්න පැටියො හොඳේ.

:       30       157

Thilina Tuesday, 10 October 2017 03:04 PM

මෙතන සිංහල නමින් පෙනී ඉන්න මහත්තුරුනේ මතක තියාගන්න ඔබල මේ ගරහන්නේ රටට ආදරය කරන මිනිහෙක්ට..

:       61       205

කසුන්Wednesday, 11 October 2017 08:12 AM

මෙතන මේ රට ජාතිය වෙනුවෙන් හඩ නගපු මෙතුමා කියන සත්‍ය හරිහැටි තේරුම් නොගෙන කොමෙන්ට්ස් දාන ශ්‍රී ලංකිකයි යයි කියාගන්නා රැල වගේ අය සිටින තාත්කල් සිංහලයා සීග්‍රයෙන් වදවී යන ජාතියක්ය කියන පණිවිඩය ලෙහෙසියන් බැහැර කල නොහැක .!!

:       0       20

චාමර Tuesday, 10 October 2017 03:55 PM

ඔබතුමන්ලා වගේ තාමත් මේ රටට ආදරේ මිනිස්සු දකින්න ලැබීමත් සතුටක්..

:       22       142

tilak Tuesday, 10 October 2017 04:28 PM

ඔය කියන දෙමල ජනයට වෙලා තියෙනව කියන අසාධාරණකම් මොනවද කියල ලිස්ට් එකක දාලා පත්තර වලට දාන්න එතකොට අපිට තේරෙනවා මොනවද අසාධාරණකම් කියල. ලංකාවේ දකුණේ ඉන්නවා දෙමල ජනගහනයෙන් 50% අයට වෙලා තියන අසාධාරණයන් මොනවද, පහල පන්තියේ සිංහල, දෙමල ඔක්කොටම තියෙන්නේ එකම ප්‍රශ්නයි.

:       1       93

sahan Tuesday, 10 October 2017 04:42 PM

තවමත් හරිහැටි කිසිම දෙයක් ව්‍යවස්ථාව ගැන දන්නේ නැතිව මොනවද මේ නන්දොඩවන්නේ. ජනතාව උසිගැන්වීම දැන් පුරුද්දක් කරගෙන. හනේ අපොයි

:       281       145

weera wickrama Tuesday, 10 October 2017 05:54 PM

කොහොමහරි ව්‍යවස්ථාව පටස් ගාල අනුමත වෙයි. රට ගැන ඉතා ආදරයෙන් කතා කරන ඔබට පින්.

:       3       190

SUMUDU Wednesday, 11 October 2017 01:51 AM

ඒ කියන්නේ ඔබතුමා ජේ ආර් ගේ ව්‍යවස්ථාවට කමතියි . ඔය ව්‍යවස්ථාව කොච්චර අර්බුද ඇති කලාද ? කොහොම කොහොම හරි අන්තිමට ජේ ආර් තම හරි කියල මිනිස්සුන්ට පිළිගන්න වෙනවා .

:       4       1

Rohana Wednesday, 11 October 2017 02:08 AM

ඇයි අපට නව ව්‍යවස්ථාවක් ඕන? රටේ සිටින පණ්ඩිතයන් යෝජනා කරයි බුද්දාගමට හිමි තැන, ඒකීය බවය. මම ඔබගේ අවදානය යොමුකරන්නේ පහත සදහන් කරුණු කෙරෙහි.මැති ඇමති වරුන්ගෙන් රටේ සම්පත් කොල්ල කෑම නැවැත්වීමට. දේශපාලකයන්ට රටේ සාරය උරාබීමට ලැබී තිබෙන පුළුවන්කම අහෝසි කලයුතුයි. වත්කම් බැරකම් නීතිය යාවත්කාලීන කොට එම නීතිය අකුරටම ක්‍රියාත්මක කෙරෙන තත්ත්වයක් ඇති කිරීම.යහපාලන ආණ්ඩුවට සම්බන්ධ මංත්‍රීවරැන් පමණක් නොව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මංත්‍රීවරැන් සැලකිය හැක්කේ රජය සමඟ විවිධ ව්‍යාපාරවල යෙදෙන ජාවාරම්කරුවන් ලෙසය. සමහරෙක් ඉතා අඩු මිලකට රජයේ ඉඩම් ලබාගෙන ඉඩම් හිමි වැවිලිකරුවන් බවට පත්ව සිටින අය වෙති. තවත් සමහරෙක් ආණ්ඩුව සමඟ කොන්ත්රාත් කරන කොන්ත්රාත්කරුවෝය. තවත් සමහරෙක් ගල් වැඩපළවල් පවත්වාගෙන යන ගල් ජාවාරම්කරුවෝය. තවත් සමහරෙක් බලපත්‍රලාභී තැබෑරුම්කරුවෝය. මන්ත්රීවරුන් සඳහා පැවති පැරණි ක්‍රමය අනුව බලපත්ර ක්‍රමයක් යටතේ සහන මිලකට ලැබෙන වාහනය පවා විකිණීම තහනම් විය. එයද මන්ත්රීකම අහිමි කිරීමට හේතුවන වරදක් ලෙස සලකන ලදි. මේවා පාලනය කිරීමට ඕන වගන්ති ඇතුලත් කලයුතුය.

:       0       26

විජිත් Wednesday, 11 October 2017 08:09 AM

රොහාන් ඔබගේ අදහස් ඉතාමත්ම හොඳ ඒවා.

:       0       0

peterThursday, 12 October 2017 04:58 AM

පාර්ලිමෙන්තුවට ඇවිත් හෝ නෑවිත් අවුරුදු 5 ගතකලේ නම් ලැබෙනම විශ්‍රාම වැටුපද අසාධාරනය,එයද නැති කළ යුතුය

:       0       3

saliya Wednesday, 11 October 2017 02:51 AM

අලුතින් එක් කරන වගන්ති සංසන්ධනාත්මකව ජනතාවට පෙන්වා දිය යුතුයි. මහජන නියෝජිතයන්ට කොටි ලේබල් අලවනාවට වඩා එය ප්‍රයෝජනවත්. මෙහි වාසි අවාසි දෙකම පැහැදිලිව දැනගත යුතු යි විරුද්ධ වීමට පෙර.

:       2       33

shan saudi Wednesday, 11 October 2017 04:09 AM

මෙතුමා මේ කියන කතාව ගැන සියලු දෙනාම හොදින් අවබෝද කර ගත යුතුය රටට තිබෙන විශාල බාධක බිද දැමීමට පෙරට ඇවිත් වැඩ කරන මෙතුමා කිසිදා රටට හානිවන දෙයක් පවසන්නේ නැත මේකට අදහස් දාන පක්ෂ හා පුද්ගල වාදීන් ගැන තැකීමක් කල නොයුතුය

:       11       41

ලුම්බිණි Wednesday, 11 October 2017 04:30 AM

අද රටට වින කරන්නේ රටට ආදරේ කියමින් උඩ පනින උදවිය විනා වෙන කිසිවෙක් නොවෙයි.

:       75       57

සෙනෙවි Wednesday, 11 October 2017 05:09 AM

දේශද්‍රෝහීන්ට විනාශය ! ජනතාවට විමුක්තිය !

:       0       139

gamini Wednesday, 11 October 2017 06:49 AM

සරත් වීරසේකෙර මහතාගේ නෝනා ගොටභය රාජපක්ෂගේ නෝනගේ සහෝදරියක් නොවන බව පළමුවෙන් සඳහන් කරමි. මෙහි ප්‍රතිචාර දක්වූ සමහර අය තාම සිටින්නේ කකුළුවා දිය සැලියේ වතුර රත් වෙන තුරු බලාසිටින විලාසෙනි. එම සියලු දෙනාට මම කියනවා ගිය සඳුදා හිරු නාලිකාවේ තිබුන සලකුණ වැඩ සටහන බලන්න කියල. එවිට සත්‍ය තත්වය අවබෝධ කරගන්න පුලුවන්වේවි. අපි කිසිම දවසක ජාතිවාදී වෙලා නෑ. සරත් මහත්මයත් කිසිම වෙලාවක ජාතිවාදී වෙලා නෑ. සියලුම දෙනාට එක හා සමාන අතිවාසිකම් තිබිය යුතු තැන අපි ඉන්නවා. නමුත් සිංහල ජාතියේ අතිවසිකම් පාවලදීලා නෙමෙයි. එතුමා සඳහන් කරන්නේ මෙහෙම ගියොත් සිංහල ජාතියට අනාගතේදී අත්වෙන ඉරණම ගැන. ඒ ගැන අපි සියලුම දෙන අවදානයෙන් සිටිය යුතුයි. දැනටමත් සමහර ද්‍රවිඩ නායකයින් පවසනවා උතුරේ සිංහල අය පදිංචි වෙන්න බෑ, බෞද්ධ සිද්ධස්ථාන ඉවත්කළ යුතුයි කියල. පළාත් සභාවලට පූර්ණ බලතල ලැබුණට පසුව කොහොමට හිටීද? මේ වෙලවේ පක්ෂ බදාගෙන ඉඳල හරියන්නේ නැ.

:       0       114

නිහාල් Wednesday, 11 October 2017 07:14 AM

රට වෙනුවෙන් ඉදිරියට එන මෙවැනි දේශ ප්‍රේමීන් අගය කරමු. පුද්ගල දේශපාලන‍යේ නොයෙදී තමන්ට හැකිදේ රට වෙනුවෙන් කරමු.

:       0       17

prakaash Wednesday, 11 October 2017 11:35 AM

මෙතුමා සැබෑ දේශ ප්‍රේමියෙක්.රට වෙනුවෙන් හැම විටකදීම අගනා මෙහෙවරක් කරනුයේ වරධාන බලාගෙන නොවේ.මේ රට අද පත්ව ඇත්තේ භයානක තත්ත්වයකටය.මේ නිවට දේශද්‍රෝහී පාලකයින් සහ ඔවුන්ගේ පිරිස් තස්ත්‍රවාදීන් ඉදිරියේදී සහ විදේශයන් ඉදිරියේදී මේ රට සහ රණවිරුවන් පාවා දෙමින් විනාශ කරනවා.නමුත් සරත් වීරසේකර මහතා එදා වගේම නොබියව අප රට වෙනුවෙන් හඬක් සහ වැඩ පිළිවෙලක් කරගෙන යනවා.එවන් මහතෙකු කරන සේවය අගය කල යුතුයි.ඔහුට බොරු මඩ ගැසීම නැවත දැමිය යුතුයි.නිවට දේශ පාලුවන්ට කඩේ යාම ,මුට්ටි ඇල්ලීම ,වැනි නිවට පහත් දේවලින් ඈත් වී මේ ඊනියා බෙදුම්වාදී ව්‍යවස්ථාව පරදා දැමිය යුතුයි.

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 167 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 636 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 179 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 189 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 740 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 247 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site