(රොමේෂ් මධුෂංඛ)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බව උතුරු මහ ඇමැති සී.වී.විග්නේශ්වරන් ගේ සභාපතිත්වයෙන් යුත් දෙමළ ජනතා සභාව මාධ්‍ය නිවේදනයක් මගින් පෙන්වා දී ඇත.
නව ව්‍යවස්ථාව සිංහල බෞද්ධ මතයට වැඩි නැඹුරුවක් සහිතව සකස් කොට ඇති බවටත් මෙම ව්‍යවස්ථාව සකස් කිරීමට පෙර දෙමළ ජනතාවගේ ගැටලුවට ලබා දෙන විසඳුම රජය පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බවත් අනතුරුව එය ව්‍යවස්තාවට ඇතුළත් කළ යුතු බවත් එහි සඳහන් වේ.
එමෙන්ම එළිදැක්වූ අතුරු වාර්තාව මගින් සියල්ලන් ශ්‍රී ලාංකිකයින් ලෙස දක්වා ඇති නමුත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිගැනීමට ලක් කර නොමැති බව ඔහු එහි පෙන්වා දෙයි.
නව ව්‍යවස්ථාව සකස් කිරීමේදී ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත් වීමක්ද අපේක්ෂා කරන බවට දෙමළ ජනතා සභාවේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නව ව්‍යවස්ථාව ගැන දෙමළ ජනතා සභාවේ අප්‍රසාදය
tikiri Wednesday, 04 October 2017 05:59 AM
දෙනවා කියල පොරොන්දු වුන එව්වා නැහැ නේද ? 77 දී වගේම රැවැට්ටුව නේද ?
Chandana Wednesday, 04 October 2017 06:32 AM
සිංහල බෞද්ධයන් 70% ඉන්නවා නම් ඔවුන් කියන දෙය සලකා හදන එක හදන්න ඕනි ,නැතුව සුළුතර ජාතිය සලකා ව්‍යවස්ථාව හදන්න කියන්නේ 70% සිංහල ජාතිය 30%ක් ඉන්න සුළුතර ජනතාවගේ අසාධාරණයට ලක්වෙනවා කියන එකයි. හැමදාම සිංහලයන් අනෙකුත් ජාතීන්ගෙන් අසාධාරණයකට ලක්වෙනවා කියන එක දන්නේ නැතුව ලංකාවේ ජීවත් වීම ඇත්තටම පුදුමයි. ඉන්දියාවේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ බහුතරයක් ඉන්න හින්දු නොසලකා තමිල්නාඩුවේ දෙමලුන්ගෙන් අහල වෙන්න ඇති .
lanka Wednesday, 04 October 2017 07:49 AM
සියලුදෙනාම ලාංකික පුරවැසියන් කියල හැදුවනම් කිසි ප්‍රශ්නයක් නැහැ නේද ලොක්කා? එතකොට හැමෝම මිනිස්සුන් හැටියට ජීවත්වෙන්න පුළුවන් නේද?
sathyapalaWednesday, 04 October 2017 07:55 AM
කේවල් කරමින් ගන්න පුළුවන් ඔක්කොම අරගන්න යන්නේ. එතකොට වෙනම රාජ්‍ය ඉබේම ලැබිල. ඉතිරි ටික නොර්වේ ඇතුළු සුදු බාප්පල ටික කොරල දෙයි. දැඩි නියග කාලයකදී වියලුණු විලක හිටපු ඉබ්බෙකුට ඕනේ උනාලු වතුර තිබෙන තැනකට යන්න. නරියෙකුට කිව්වලු මාව වතුරේ පොඟවල කන්න පුළුවන් කියල.නරිය ඉබ්බව ඈත විලකට අරන් ගිහින් ඉබ්බව වතුරේ ඔබල පැනල යන්න බැරිවෙන්න පාගාගෙන හිටියලු. ටික වෙලාවකින් ඉබ්බා කියුවලු යාලුවේ දැන්නම් හොදට පෙඟිල තියෙන්නේ ඒත් ඔය පාගාගෙන ඉන්න තැන තැන තවම හයියයි. එතනත් පෙගෙන්න කකුල ටිකක් බුරුල්කරන්න කියල. නරිය කකුල බුරුල්කරපු ගමන් ඉබ්බා සුරුස් ගාල වතුරේ විල මැදට ගියාලු. රට බෙදන්න හදන (ඉබ්බා) කට්ටිය මේ ආණ්ඩුව (නරියව ) රවටල කකුල බුරුල්කරගන්න (ව්‍යවස්ථා සංශෝදන ) හදන්නේ. කකුල උස්සපු ගමන් ඊලාම් ඉබ්බා විලට (ඊළම) සුරුස් ගාල යනවා යනවාමයි.
Ajith NissankaThursday, 05 October 2017 05:40 PM
චන්දන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැදිය යුත්තේ සියලුම පුරවැසියන්ගේ නිදහස සහ අයිතිවාසිකම් ආරක්ෂා කරන විදියට මිසක් බහුතර ජාතියට ඕන විදියට නොවේ! ඒක දන්නේ නැතුව ලංකාවේ ජීවත් වීම ඇත්තටම මටත් පුදුමයි. අපි දැන් ජීවත් වෙන්නේ අර ඉස්සර කාලේ වගේ සිංහල රාජධානියේ නොව සුද්දාගෙන් නිදහස ලැබෙන කොට ලැබුන ලංකාවේ! එහෙම නැත්නම් ඒ කාලේ වගේ සිංහල රාජධානියේ එක පාලකයෙකුත් දෙමල රාජධානියේ තවත් පාලකයෙකුත් දාගෙන ලංකාව බෙදන්න වෙනවා!
Nandalal Wednesday, 04 October 2017 07:14 AM
මේ පුද්ගලයා ජාතිවාදය වපුරන කෙනෙක් බව හැමෝම දන්නා කාරණයක්. ඒවගේම රජය ඉදිරිපත්කරන ඕනෑම දෙයකට විරුද්ධ වන්නෙක් බව ඔහුගේ ක්‍රියාවලින් පැහැදිලිවම පේනවා. [නව ව්‍යවස්ථාව සකස් කිරීමේදී ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත් වීමක්ද අපේක්ෂා කරන බව....] ඔහු ප්‍රකාශ කරන්නේ හිටපු නඩුකාරයෙක් හැටියටද ? ශ්‍රී ලංකාව ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. අපේ රටේ නීති සම්පාදනය කිරීමට තමිල්නාඩුවේ දෙමළුන්ගේ හෝ වෙන රටක හෝ ඔබවැනි නඩුකාරයන්ගේ සිල්ලර යෝජනා වලින් සත පහක හෝ ප්‍රයෝජනයක් නැත.
HafeelWednesday, 04 October 2017 10:05 AM
ඔබ ඉතා නිවැරදියි. මොනවට ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් කර ගන්නවද? කිසිම විසඳුමකට එකඟවෙන කෙනෙක් නෙමෙයි. අනික දෙමළ ජනයා ඉල්ලන්නේ නිදහසේ ජීවත් වන පරිසරයක් හැර මෙයා ඉල්ලනවා වගේ අනවශ්‍ය මුකුත් නැහැ.
asanka Wednesday, 04 October 2017 07:46 AM
මේ අය වෙනම රාජ්‍ය සංකල්පයෙන් කිසිම දවසක වෙනස්වන්නේ නැහැ. නැත්නම් ඒ ළඟින් යන වචන ව්‍යවස්ථාවට ඇතුළත් වෙන්න ඕන......එතකොට තමයි මේගොල්ලෝ ටිකක් හරි කැමති වෙන්නේ.....
ravi Wednesday, 04 October 2017 08:22 AM
ඔබට සතුටුයිද දැන්?
vipula Wednesday, 04 October 2017 08:40 AM
දෙමල ජනතාවගේ ගැටළු වලට ආර්ථිකමය විසදුමක් නේ දෙන්න ඕනේ .
Thushara -Qatar Wednesday, 04 October 2017 09:01 AM
ඔයාලා කැමති විදියට ඉන්දියාවේ තමිල්නාඩුවට ගිහින් ඉල්ලා ගන්න. මේක සිංහල බෞද්ධ රට කියලා මතක තියාගන්න. ලෝකයේ සිංහලයට තියෙන පළමු රට..
WICKRAMASINGHE Wednesday, 04 October 2017 11:33 AM
සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සඳහා ප්‍රාදේශීය සභා අවශ්‍ය නැති බව මුස්ලිම් ජනතාව දිහා බැලුවහම පේනවා. මුස්ලිම් ජනතාව ආර්ථික,සමාජයික හා අධ්‍යාපනික අංශ වලින් හුගක් අවස්ථා වල ඉහලින් ඉන්නේ. ඒකට හේතුව ඔවුන් හොඳින් ජාතික පක්ෂ වල නියෝජනය වෙනවා. කොයි රජයක් ආවත් කැබිනට් ඇමතිවරු.ද්‍රවිඩ ජනතාවත් ප්‍රධාන පක්ෂ සමග එකතුවෙලා නියෝජනය වුනා නම් ඔය ප්‍රශ්න දැනටමත් විසදිලා.
kumar (galf) Wednesday, 04 October 2017 12:11 PM
මොනවා දීලාවත් සෑහීමකට පත්නොවන සෙනඟක්, හේතුව නටන්නේ කාගේවත් පදවලටනේ....