(විනීතා එම් ගමගේ)
පාර්ලිමේන්තුවේ මේ වනවිට සභාගත කර ඇති නව වෙළෙඳ ප‍්‍රතිපත්තිය නමැති ලේඛනය සකස් කළ ආකාරය හෝ ඒ සඳහා යොදා ගත් ක‍්‍රම වේදයන් හා ඊට දායක වූ පුද්ගලයින් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දැනුවත් කර නොමැති බැවින් මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා කථානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය විසින් එම ලේඛනය සකස් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
ලෝකයේ ඉතා ප‍්‍රසිද්ධ මතවාදයක් අනුව ඕනෑම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක අන්තර්ගතයට වඩා ඒ කරා ළඟාවීම සඳහා යොදා ගන්නා ක‍්‍රමවේදය සහ ඊට දායක කර ගන්නා පුද්ගලයින්ගේ විශ්වාසනීයත්වය වැදගත් වන බව ද එහි සඳහන් වේ.
සමරවීර මහතා විසින් යවා ඇති එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.
‘‘එවැනි මතයක් ප‍්‍රචලිත කිරීමට ප‍්‍රධාන වශයෙන් හේතු වන්නේ ලෝකය පුරා පරිධියේ රටවල ආර්ථිකය වෙළඳාම සහ මූල්‍ය පද්ධතිය ආදිය දුරස්ථ පාලකයක් මගින් මෙහෙය වීම සඳහා ආයතන කටයුතු කරන බැවිනි. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක වෙළඳ සංවිධානය වැනි ආයතන මගින් රටවල් පාලනය කිරීම සඳහා යොදා ගන්නා ප‍්‍රධානතම උපාංගයක් වන්නේ ප‍්‍රතිපත්ති සම්පාදනයයි.
ප්‍රතිපත්ති මඟින් රටවල් හැසිරවීමට නම් ප‍්‍රතිපත්තිය සෑදීමේ ක‍්‍රියාවලිය අත්පත් කරගත යුතුයි. එසේ එම ක‍්‍රියාවලිය අත්පත් කරගත හැක්කේ තෝරා ගත් පුද්ගලයින් හරහා මහජන සංවාදයකින් තොරව හොර රහසේ ප‍්‍රතිපත්ති හැදුවොත් පමණි
ප‍්‍රතිපත්තිය නමින් ඉදිරිපත් කරන ලේඛනය සමග ප‍්‍රතිපත්තිය සකස් කළ ආකාරය පිළිබඳව මන්ත‍්‍රීවරුන් දැනුවත් කළ යුත්තේ ඒ නිසා ය. මීට පෙර 2017 සැප්තැම්බර් 05 දාතම සහිත අදාළ අමාත්‍යාංශය විසින් ශ‍්‍රී ලංකාවේ ජාතික වෙළඳ ප‍්‍රතිපත්තිය නමින් ලේඛනයක් මුදා හැර තිබුණි.
එම ලේඛනය පිළිබදව අදහස් ලබා ලබා ගැනීම සඳහා රවී රත්නායක නම් වූ පුද්ගලයකු ගේ නම සහ විද්‍යුත් ලිපිනය සටහන් කොට තිබුණි.
අප විසින් යොදාගත් තොරතුරු අනුව ඔහු නවසීලන්ත පුරවැසියෙකු වන අතර වසර 30ක කාලයක් විවිධ ජාත්‍යන්තර සංවිධානවල සේවය කොට ඇත. පිටු 104 කින් සමන්විත වූ එම ලේඛනය ඉන්පසුව පිටු 27 දක්වා සංස්කරණය කොට නව වෙළඳ ප‍්‍රතිපත්තිය ලෙස නම් කොට අමාත්‍ය මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත. එම ක‍්‍රියාවලියට දායක වූයේ කවුද යන්න පැහැදිලි නැත.
ඒ අනුව ක‍්‍රියාවලිය පිළිබඳව දැනුම්වත් වීමේ වැදගත්කම ඔබතුමාට පැහැදිලි වනු ඇත. එනිසා ඊට අදාළ තොරතුරු මන්ත‍්‍රීවරුන් වෙත ලබාදීමට ක‍්‍රියාකරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව වෙළෙඳ ප්‍රතිපත්තිය ලේඛනය ගැන මන්ත්‍රීවරු දැනුම්වත් කරන්නැයි කතානායකට ලිපියක්