IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


නුසුදුස්සකු ක්‍රීඩා අධ්‍යක්ෂ නොකළැයි ඌවේ ක්‍රීඩා ලේකම් ඉවතට

(තරිඳු ජයවර්ධන සහ එෆ් අස්ලම්)
 
රාජ්‍ය පරිපාලන සේවයේ නොවන නිලධාරියකු ඌව පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ධුරයට පත් කරන ලෙසට ලබා දුන්නේයැයි කියන නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම නිසා ඌව පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් අබේසිංහ බණ්ඩා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇතැයි පළාත් සභාවේ ආරංචි මාර්ග කියයි.
 
කිසිම මූලික විමර්ශනයක් නැතිව ඔහු එම තනතුරෙන් ඉවත් කර දැනට ඔහු  නියෝජ්‍ය ලේකම් පිරිස් හා පුහුණු    තනතුරට පත් කර ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
 
මූලික පරීක්ෂණයක් නැතිව දේශපාලනඥයන්ගේ කීමට තමා ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් එම ලේකම්වරයා ආණ්ඩුකාරවරයා දැනුම්වත් කර ඇතැයි ද, මාරුව අවලංගු නොකළහොත් ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට එම නිලධාරියා කටයුතු කරමින් යන්නේයැයි ද පළාත් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
 
ඌව පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ලෙස පත් කරන්නැයි දේශපාලනඥයකු විසින් බලපෑම් කරන ලදැයි කියන පුද්ගලයා  ක්‍රීඩා සම්මේලනයක තනතුරක් හොබවන සමයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් ලබා දී ඇති පුද්ගලයකු බව ද ආරංචි මාර්ග පවසයි. ඌව පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ තනතුර රාජ්‍ය පරිපාලන සේවයේ තනතුරක් බව කළමනාකරණ දෙපාර්තමේන්තුව තහවුරු කර ඇති බවත්, කෙසේ වෙතත් මෙම තනතුරට මීට පෙර ද රාජ්‍ය පරිපාලන සේවයේ නොවන නිලධාරීන් පත් කර ඇති නිසා මොහුද ඒ ආකාරයටම පත් කරන ලෙසත් ලේකම්වරයාට දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

නීතියට පිටින් එම තනතුරට පුද්ගලයකු පත් කළ නොහැකි බව ලේකම්වරයා දැනුම් දීමෙන් පසු මෙම තනතුරින් ඔහු ස්ථාන මාරු කළ බව උසස් නිලධාරියෙක් කීවේය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ඌව පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සාලිය සුමේධ මහතා පැවසුවේ තමා පැවරූ රාජකාරි කිහිපයක්ම ලේකම්වරයා හරියට ඉටු නොකිරීම නිසා ඔහු ස්ථාන මාරු කළ බවයි. ඒ මහතා මෙසේ ද කිවේය.
 
‘‘අවුරුදු දෙක හමාරක් තිස්සේ ප්‍රතිපත්තිමය කාරනා ටිකක් ක්‍රියාත්මක කරන්න ඔහුට පවරා තිබ්බා. පළාත් සභාවේ වැඩිම විෂයන් තිබෙන අමාත්‍යංශය මෙයයි. ක්‍රීඩා හා මාර්ගස්ථ මගී ප්‍රවාහන ප්‍රඥප්තියක් දැනට තිබෙනවා. කර්මාන්ත සංවර්ධන අධිකරී ප්‍රඥපතිය ඇතුළු ප්‍රඥප්ති කිහිපයක් සම්මත කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ලේකම්වරයාට දැනුම් දී තිබුණා. ක්‍රීඩා අධ්‍යක්ෂ ධුරය සිද්ධියත් ගැටලුවක් තමයි. හැබැයි එය ස්ථාන මාරුවට හේතුවක් නෙමෙයි. මේ ගැටලු ගැන සාකච්ඡා කරද්දි ඔහු කිව්වා නියෝජ්‍ය ලේකම් පිරිස් හා පුහුණු තනතුරට ඔහු වඩාත් කැමතියි කියලා. ඒ වෙලාවත් මම කිව්වේ එහෙම නෙමෙයි අපි මේ මාස කීපයේ මේ වැඩ ටික කරලා ඉවර කරමු කියලා. ඒ එක්කම නිර්ණාමික පෙත්සමක් ගිහින් තිබුණා.

ඒ පෙත්සම ගහපු අය කියලා සැක කරය අයගේ ලියැවිලිවලට හිතට එකඟව අත්සන් කරන්නත් නොහැකි බව කියනවා. දිගින් දිගටම වැඩ සිද්ධ වුණේ නැති නිසා ඔහු කැමැති ස්ථානයට යන්න කියලා මම යෝජනා කළා. යන්නම් කියලා පසුව යන්න බෑ කියලා හිටියා. මම මේ සම්බන්ධයෙන් ප්‍රධාන ලේකම්වරයාටත්, ආණ්ඩුකාරවරයාටත් දැනුම් දුන්නා. ක්‍රීඩා අධ්‍යක්ෂ පත් කරන එකේ ගැටලුව තියෙන්නේ කළමනාකරණ දෙපාර්තමේන්තුව මෙය පරිපාලන තනතුරක් ලෙස අනුමත කරලා තියෙන්නේ. අපේ ප්‍රඥප්තියේ තියෙන්නේ මේක ක්ෂේත්‍රයේ ප්‍රවීණයකුට දෙන්නයි.‘‘ යැයි ද ඒ මහතා කීවේය.



අදහස් (8)

නුසුදුස්සකු ක්‍රීඩා අධ්‍යක්ෂ නොකළැයි ඌවේ ක්‍රීඩා ලේකම් ඉවතට

රවින් Sunday, 17 February 2019 11:49 AM

හා තවත් දේශපාලකයෙක් බුරනවා. සියලුම අවංක නිලදරුවනි !! කාලකන්නි, නීතියට පිටින් කියනදේවල් කරන්න යන්න එපා. දාන්න මොවුන්ට මූලික අයිතිවාසිකම් නඩු පිට නඩු. අට පාස් නැහැ. හැබැයි ඇමති, කොහෙන් හරි පටන්ගන්න. නැතිනම් අනාගත පරපුරට ඉතිරිවෙන දෙයක් නැත.

:       0       289

RaveendraSunday, 17 February 2019 04:49 PM

රවින් මයා වෙත, ඔබගේ නිවැරදි අදහස් සමග අපද එකඟ වන්නෙමු. ඇත්තෙන්ම මෙවන් ගවයින්ට " දේශපාලනඥයා " වටිනා වැදගත් වචනය භාවිතා කරන්නේ කුමන අදහසකින්ද යන්න අපට නම් විශාල ගැටළුවක්.. දේශපාලනඥයා යන වචනයේ නියම අර්ථයවත් නොදන්නා මෙවන් පිස්සන් හට වඩාත් සුදුසුම වචනය වන්නේ "දේශපාලකයා" යන්න බව අප නොබියව පවසන්නෙමු. දියවන්නා ඔය පිස්සන් කොටුවේ 225න් කිසිම කිසි කෙනෙකුට "දේශපාලනඥයා" යන වචනය භාවිතා කිරීමත් මහා පාපයකි. " දේශපාලනඥයා" යනු තමන් උපන් මව්බිමේ දියුණුව, මව්බිමේ ආරක්ෂාව, පුරවැසියන්ගේ දියුණුව වෙනුවෙන් ඥානාන්විතව දුර දිග බලා සෘජුව කිසිඳු බියකින් තොරව තීන්දු තීරණ ගන්නා පුද්ගලයාටය. එවන් කිසිවකු දියවන්නා ඔය ගව රැලේ සිටීද?

:       0       612

Bamunuarachchi Sunday, 17 February 2019 01:01 PM

ඔන්න කෙරුවාව... පාදඩ දේශපාලකයන්ගේ නියෝග පිළිපැද්දොත් සිල්රෙදි බෙදූ නිලධාරීන්ට මෙන් අනිකා බලයට පත්වුණාම දඬුවම් විඳින්න වෙනවා. නියෝග පිළිනොපැද්දොත් මේ කාලකන්නිම එ්ත් දඬුවම් කරනවා. සිල් රෙදි බෙදුවෙත් රජයේ නිලධාරීන්. එමනිසා එම නිල්දාරීන්ට ඇඟිල්ල දික්කළ ගොබ්බ්යින්ට මේ ටික තේරුම් ගන්න මොලේ පෑදේවා..!

:       1       165

Bamunuarachchi Sunday, 17 February 2019 01:16 PM

රජයේ නිලධාරීන්ගේ රාජකාරී පැහැර හැරීම් සම්බන්ධව ක්‍රියා කළහැක්කේ රජයේම උසස් නිලධාරීන්ටම මිස අවුරුදු 5කට පත්වන දේශපාලක හාල්පාරුවන්ට නොවෙයි නේද? මේ වගේ බලු තත්වයට සුද්දා අපිට හඳුන්වාදුන් ඉස්තරම්ම, අගනා පරිපාලන ක්ෂේත්‍රය බාල්දුකලේ මොන සුනඛ පුත්‍රයාද?

:       0       120

RaveendraSunday, 17 February 2019 04:54 PM

එසේ බාල්දු කිරීමට වගකිව යුත්තෝ නිල්, කොළ මෙන්ම රතු හැට්ට කාරයන්ය. කිසිවෙකුට මෙයින් ගැලවෙන්නට බැරිය.. අනේ අපි ඒවා ආරක්ෂා කළා කියා. සියලුම "පක්ෂගාතයන්" මෙම විනාශයට වගකිව යුතුයි...

:       0       105

Sumith Sunday, 17 February 2019 03:47 PM

ඌවට මේ දවස්වල කැකිරි...

:       0       62

සංක Monday, 18 February 2019 05:50 AM

රේගුව වගේ ඉස්සරහට ඇවිල්ලා පරිපාලන සේවයට වෙලා තිබෙන මේ තත්වයට එරෙහිව සටන් කරන්න.

:       0       76

Sriyal Monday, 18 February 2019 07:12 AM

මොලේ නැති, පරිපාලනය නොදන්නා, තමන්ට හැමදේම කරන්න පුළුවන් කියලා හිතන පුහු පුද්ගලයන් දේශපාලනයට යැව්වම ඔහොම තමයි. ඡන්ද දායකයන් එයාලට අවශ්‍ය දේ කරගෙන තිබෙනවා...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 666 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 185 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 551 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 137 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1833 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site