එෆ්.අස්ලම්
මොලයේ නහරයක් පිපිරීමෙන් මියගිය අයෙකුගේ වකුගඩු යුගලය තවත් ජීවිත දෙකක් බේරාගැනීම වෙනුවෙන් දන්දුන් කතා පුවතක් බදුල්ල පළාත් මහ රෝහලෙන් වාර්තා විය.
පසුගියදා (20) මියගිය බදුල්ල ස්ප්‍රිංවැලි ප්‍රදේශයේ පදිංචිව සිටි විදුරංග කුමාර (50) මහතාගේ වකුගඩු දෙකම ඔහුගේ බිරිය ඇතුළු පවුලේ ඥාතීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව වෙනත් රෝගීන් දෙදෙනකුට පරිත්‍යාග කර ඇත.
දැඩි හිසරදය සමගින් ඇතිවූ රෝගී තත්වයක් මත කුමාර මහතා දැඩි අසාධ්‍ය තත්වයෙන් (17) වැනි දා බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.
අධික රුධිර පීඩනය නිසා ඔහුගේ මොලයේ නහරයක් පුපුරා ගොස් ඇති බව තහවුරු කරගත් වෛද්‍යවරුන් කෘත්‍රිම ස්වසන යන්ත්‍රවලින් ස්වසනය ලබාදී ඔහුගේ ජීවිතය බේරා ගැනීමට විශාල වෙහෙසක් දැරුහ. එම උත්සහායන් ව්‍යර්ථ විය.මේ අනුව වෛද්‍යවරුන් ඔහුගේ තත්වය ගැන පවුලේ ඥාතීන් දැනුවත් කළහ.
ඔහුගේ ශරීර අවයව දන්දී තවත් ජීවිතයක් බේරා ගැනීමට පවුලේ ඥාතීන් විසින් කැමැත්ත පලකර සිටියේ ඒ අනුවය.
මේ අනුව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජොයෙල් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම බදුල්ල මහ රෝහලේ ශල්‍යාගාරයේදී පසුගියදා(20) මියගිය අයගේ වකුගඩු යුගලය සාර්ථකව ඉවත් කර ගන්නා ලදි.
යමෙකු මිය යාමේදී ඔහුගේ ශරීර අවයවයන් තවත් ජීවිතයක් බේරාගැනීමේ පරමාර්ථයෙන් ශරීර අවයව පරිත්‍යාග කිරීම සමාජයට ආදර්ශයක් බවත් මියගිය විදුරංග මහතා වෙනුවෙන් ඔහුගේ බිරිය ඇතුළු පවුලේ ඥාතීන් කල මෙහෙය අගය කරන බවත් බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු පවසති.
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නහරයක් පිපිරී මියගිය අයෙක් තවත් ජිවිත දෙකක් බේරාගනී
Samathasena A . Aluthgamage. Wednesday, 25 July 2018 08:39 AM
මේ වගේ උදාර මිනිසුන් මේ රටේ සිටීමත් සතුටට කරුණක්. විදුරංග මහතාට හොඳ ලොවකට යාමට මේ පිනම ඇති. එවන් දුක්බර මොහොතක පරාර්ථකාමීව මේ ගත් තීරණයට නිවසේ අයටද අපගේ ප්‍රණාමය. ඔබ සැමට යහපතක්ම වේවා!!!
S . A . Aluthgamage. Wednesday, 25 July 2018 11:14 AM
"කරණා විටදී මාරය සමගින් යුද්දේ " "අවයව දන් දෙන්න සිතුවා ඒ මැද්දේ " "මියගිය සිරුරෙ තිබෙනා වූ වැදගත් දේ " " පරහට දන්දීලා ' විදුරඟ ' සුව නින්දේ "
jayath Thursday, 26 July 2018 03:28 AM
තමන්ගේ අවයව දන්දීම උත්තම ගනයේ පූජාවක් මේකේ ප්‍රතිපෝෂණය කවද හරි ලැබේවි. නමුත් මැරුණට පස්සේ අවයව දෙනවට වඩා ජීවත්වීමයි වැදගත්. මේක වළක්වාගන්න තිබුන මරණයක්. හැම දෙනෙක්ම මේ කලබලකාරී ජීවන රටාවේදී වයස 40 ට වැඩි නම් තමන්ගේ 1) රුධිර පීඩනය 2) කොලොස්ටරෝල් මට්ටම ) 3) රුධිරගත සීනි මට්ටම 4)වකුගඩුවල ක්‍රියාකාරිත්වය ගැන අවදානයෙන් ඉන්නම ඕන නැත්නම් මේ වගේ අකල් මරණ වලට මුහුණ දෙන්න වෙනවා. මේවට ජනමාධ්‍ය උදව් කරන්න ඕන නමුත් හුඟක් මාධ්‍ය මේක කරන්නේ නැහැ. ලංකාදීපය මේකෙන් නිදහස් සඳුදා වෛද්‍ය අතිරේකය පලකරන එකම පිනක්. අපේ ජාතියේ අවාසනාවට මේ වගේ දේවල් ජනතාවට සන්නිවේදනය කරපු උත්තම පුද්ගලයන් ,මහාචාර්ය කෝදාගොඩ , දොස්තර ජයලත් ජයවර්දන, දොස්තර ආරියසේන ගමගේ වගේ අය කලින්ම අප අතහැර ගිහින්