IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පුත්තලමේ කසල රඳවනයේ වැඩ සැප්තැම්බරයේ අැරැඹෙයි

(ඩයනා උදයංගනී)

පුත්තලම, අරුවක්කාලූ ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සනීපාරක්‍ෂක කසල රඳවනයේ කටයුතු ලබන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් එය තවත් මීතොටමුල්ලක් නොව ජාතික සම්පත් කලාපයක් වනු ඇති බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

දොම්පේ ප‍්‍රදේශයේ දැනට ක‍්‍රියාත්මක වන සනීපාරක්‍ෂක කසල රඳවනයේ ඇති තාක්‍ෂණයම යොදා ගනිමින් ඉදිකරන මෙම කසල රඳවනයෙන් කිසිම පාරිසරික බලපෑමක් ඇති නොවන බව කී අමාත්‍යවරයා දැන් හෝ මෙම ගැටලූව විසඳීම සඳහා විරෝධතා නොකර අවස්ථාවක් ලබාදෙන ලෙස සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටින බව ද පැවසීය.

2019 වසරේදී මෙයට කසල බැහැරකිරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීවේය.
තම අමාත්‍යාංශයට කසල පිළිබඳ වගකීමක් නොමැති වුවත් රටේ අවශ්‍යතාව සලකා මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බව කී අමාත්‍යවරයා විරෝධතා එල්ල වුවහොත් එය අත්හැර දමන බව ද පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී අද (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි



අදහස් (11)

පුත්තලමේ කසල රඳවනයේ වැඩ සැප්තැම්බරයේ අැරැඹෙයි

mahinda Monday, 26 June 2017 08:51 AM

ඔබතුමා වගේ කෙනෙක් රටේ නායකයා නොවීම රටේ අභාග්‍යයක්...

:       436       51

ajit Monday, 26 June 2017 09:14 AM

චම්පික ඇමතිතුමා සටන වැඩසටහනේ කියපුව කෝ? හොරු අල්ලනවා කියලා කිව්වේ නිකමටද?

:       7       315

upul Monday, 26 June 2017 09:31 AM

කොටිටාව අතුරුගිරිය පාරේ ගුවන් පාලම (අධිවෙිගිය) ළඟට ආවානම් එකවර අල්ලගන්න තිබුණා.

:       0       6

disanayaka Monday, 26 June 2017 10:16 AM

ඔබතුමාගේ අදහස ඉතා අගය කරනවා. ඔබ උගත් පුද්ගලයෙකු බව අපි දන්නවා. එත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න පෙර රටේ විද්වතුන් සහ පරිසර හිතකාමී සංවිධාන සියල්ල ඒකරාශී කොට ගතයුතු හොඳම තීරණය ගෙන මෙම ව්‍යාපෘතියට යාම ඉතාම කාලෝචිතය.එවිට එල්ල වියහැකි විරෝධතා ඉතා අවම කරගත හැකියි. තුන්වන ලෝකයේ රටක් ලෙස අප විදේශ තාක්ෂණික සහයද ලබාගෙන රටේ මුදල් නිරපරාදේ විනාශ නොවන කාර්යක්ෂම වියාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කල යුතුයි. මේ ආකාරයේ කසල ප්‍රතිචක්‍රීකරණ පද්ධති රටපුරා විද්වතුන් සහ උගතුන්ගේ සහය සහ විදේශ තාක්ෂණය උපයෝගී කරගෙන නිසි ස්ථාන වල පිහිටුවාලිය යුතුයි. මෙය ඉතාමත් කාලෝචිත සහ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කල යුතු ව්‍යාපෘතියකි. ඔබ වැනි උගතුන් නිසිමග යයි නම් ජනතාව ඔබට නිසැකවම උදව් කරාවි. ගරු ඇමතිතුමනි, මම ඉංජිනේරුවෙක් වෙමි.... ඔබ මෙවන් යහපත් දේ කිරීමට කිසිවිටක පසුබට නොවන්න.

:       130       140

THESHAN Monday, 26 June 2017 10:32 AM

ටික දවසක් ගිහිල්ලා රජා වටේ ඉන්න කට්ටිය මේකටත් විරුද්ධව අනුවණ මිනිස්සුන්ව පොළොඹවන බව නම් ස්ථිරයි.

:       240       92

aravinda Monday, 26 June 2017 11:17 AM

පුත්තලම, අරුවක්කාලු ප‍්‍රදේශයේ සනීපාරක්‍ෂක කසල රඳවනය පසු ගිය රජය මගින් සැලසුම් කරන ලද්දක්. එය පසු ගිය අවුරුදු 2 ක් තුළ ක්‍රියාත්මක නොකිරීමෙන් කුණු කන්දක යට වී මිනිසුන් මිය ගියා. ඒ ව්‍යවසනයේ වගකීම මේ ඇමතිතුමා සහ වර්තමාන රජය භාර ගත යුතුයි.

:       258       289

lalith Monday, 26 June 2017 02:14 PM

දැන් කොළඹ කුණු දිනපතා පුත්තලමට ප්‍රවාහනයට යන ඉන්ධන වියදම අයකරන්නේ මුළු රටේම ඉන්න ජනතාවට සිනි, කිරිපිටි, තෙල් ආදියේ බදු වැඩිකරලද?

:       0       4

aravindaMonday, 26 June 2017 02:27 PM

සැලසුම් කල පරිදි කොළඹ නගරයේ කුණු පුත්තලමට ප්‍රවාහනය නොකරනවානම්, ඔබ යෝජනා කරන ඊට වඩා ලාභදායක විකල්පය කුමක්ද?

:       0       21

lalith Tuesday, 27 June 2017 12:10 AM

ප්‍රවාහනය නොකළ යුතු බවක් මෙහි කියා නැහැනේ? ඒ සඳහා වියදම පියවාගත යුතු වන්නේ එම කුණු ඉවත දමන නිවාස සහ ආයතන හිමියන්ගෙන් විය යුතු බවයි අදහස් කලේ. කොටින්ම අන්තිමේ kolanba සුපිරි කුණු බැහැරකිරීමේ බරපැන අනිකුත් පෙදෙස්වල සිටින දුප්පත් රටවැසියන්ගේ කරපිට වැටීම වැළක්විය යුතු බවයි. ඇමෙරිකාව වැනි රටවල වෙළඳ ව්‍යාපාරිකයින්ගෙන් කුනුබහර කිරීමේ විශේෂ බද්දක් අයකරනවා අසම්න්ය පරිමාණයෙන් කුණු බැහැර කරනවිට. නිවැසියන් පවා නිවැසියන්ගේ සංගමයට එම ගාස්තුව ගෙවිය යුතුයි. සමහරවිට මෙතරම් දුරක් කුණු ප්‍රවාහනයට දැනට කොළඹ නගරසභාව අයකරන ගාස්තු කිසිසේත් ප්‍රමාණවත් නොවන බවනම් විස්වාසයි. එක කුනුලොරියකට පටවියහැක්කේ සමහරවිට නිවාස 25-50ක පමණ කුණු විය හැකියි. ඒවා රැගෙන එම රථය පුත්තලමට ගොස් එනවා යනු එම නිවැසියන් 25-50 දෙනා අඩුම තරමින් සතියකට දෙවතාවක් වාහනයක් කොළඹ සිට පුත්තලමට ගොස් ඒමේ බරපැන දැරිය යුතුයි. නො එසේනම් එම බර පැන රටේ අනිකුත් පුරවැසියන් දැරිය යුතු වෙනවා නොවේද?

:       0       0

anura Monday, 26 June 2017 03:07 PM

ගිය ආණ්ඩුවෙන් කරගෙන ආ ව්‍යාපෘති කඩා කප්පල් කර නැවත තමන්ගේ අළුත් ව්‍යාපෘති බව ජනතාවට පෙන්වීමයි. මෙම දේශපාලකයන්ගේ අරමුණ පුත්තලම නම් ස්ථානයට කසළ බැහැර කිරීම, කොළඹ වරාය නගරය ඒවාට හොඳ උදාහරණයකි.

:       0       287

hewawitharana Monday, 26 June 2017 07:11 PM

ගෝටබය මහත්මයට පින්සිදු වේවා

:       21       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 284 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 203 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 850 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 232 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 727 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 155 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site