පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීමේ අවසන් වාර්තාව කඩිනමින් සකස්කර දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතාට උපදෙස් ලබා දී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ අවසන් වාර්තාව සකස් කිරීමෙන් පසු එය කඩිනමින් ගැසට් කිරීමට නියමිතය.
පෞද්ගලික රෝහල්වල ගාස්තු අය කිරීමේ දී අයකරනු ලබන වැට් අගය ඉවත් කිරීමට රජය කටයුතු කර ඇති අතර ඒ අනුව නියම කරනු ලබන ගාස්තු ඇතුළත් පැකේජයට වෛද්‍යවරුන්ගේ ගාස්තු ද ඇතුළත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දී ඇත.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පැවැති ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේ දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.
මේ අතර ඩෙංගු රෝගය පාලනය කිරිම පිළිබදවද මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු වි ඇති අතර මේ වන විට 2016 ට වඩා 2018 වසර තුළ ඩෙංගු රෝගීන්ගේ සියයට 80 ක අඩුවක් දක්නට ලැබෙන බවත් ඩෙංගු මරණ අනුපාතය දශම 1 දක්වා අඩු වී ඇති බවත් ජාතික ඩෙංගු මදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා තොරතුරුඅනාවරණය කිරීමෙන් පසු මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, ධූමායන කටයුතු සහ නිවාස පරික්ෂා කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටද ස සෞඛ්‍ය අමාත්‍යවරයා අදාල අංශ දැනුවත් කර තිබේ
.
වතුකරයේ ත්‍රීපෝෂ බෙදාහැරීමේ ක්‍රියාවලියේ පවතින දුර්වලතා මගහරවා ගැනීම සදහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ නුවරඑළිය, කළුතර සහ රත්නපුරය යන දිස්ත්‍රික්ක වල විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද තීරණය කෙරුණු අතර . ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරී කාර්යාල වල සහ වතු අධිකාරිවරුන්ගේ අධීක්ෂණය යටතේ ත්‍රිපෝෂ බෙදාහැරිමට ද කටයුතු යොදා ඇත.
(36698)
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනයේ අවසන් වාර්තාව කඩිනමින් ඉල්ලයි