(නිමන්ති රණසිංහ)
පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා සහ කොමදෝරු සුමිත් රණසිංහ මහතා යන අය වගකිව යුතු යැයි විශ්‍රාමික රියර් අද්මිරාල් ශ්‍යාමල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (26)කොළඹ කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ජීවනි බද්දේගල මහත්මිය හමුවේ සඳහන් කළේය.
එසේම මෙම සාක්කිකරු එවකට නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා යටතේ සේවය කළ ඔහුගේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇතැයි සඳහන් කර ඇත.
සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින චන්දන ප්‍රසාද් නොහොත් නේවි සම්පත් ලබන 10 තෙක් තවදුරත් රක්ෂිත බන්ධණාගාරගත කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය .
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පුද්ගලයින් 11 අතුරුදන් වීමේ සිද්ධියට නාවික හමුදාවේ හිටපු උසස් නිලධාරීන් වගකිවයුතු යයි ප්‍රකාශයක්
Bamunuarachchi Wednesday, 26 September 2018 09:45 AM
වෙලාව හොඳයි රටම බාරගන්න.
Senarath Wednesday, 26 September 2018 09:48 AM
දැනට අවුරුදු 3 කටත් වඩා පරීක්ෂණ කරනවා කියලා, කාවහරි අත්අඩංගුවට ගන්නවා. මාස කීපයක් ඇතුලේ තියාගෙන ඉඳලා එළියට දමනවා. සමහරු සිද්ධිය වෙනකාලේ කොළඹ ඉඳලත් නැහැ. මෙහෙම නිකරුනේ ඇතුලේ හිටියම ඒ මනුස්සයට වූ හානියට දෙන වන්දිය මොකක්ද? ඒ වරද නිවැරදි කරන්න පුළුවන්ද? පත්තරේ නිදොස්කොට නිදහස් කළා කියලා පල වුණාට කුඩා ඔය සේරම බලන්නේ... මෙයාට වඩා වගකීමකින් මේ පරීක්ෂණ කරන්න බැරිද මම අහන්නේ? මේ නේවි සම්පත් කියන සැකකරුට රටින් පනින්න උදව් කළා කියපු නිලධාරියා විදේශ සංචාරය නිමකරලා රටට ඇවිල්ලත්, තවම අත්අඩංගුවට ගැනීමක් හෝ ප්‍රශ්න කිරීමක්වත් සිදු වුනේ නැහැ.
senaka Wednesday, 26 September 2018 10:03 AM
ඊටත් ඉහලින් හිටි අයත් මේවට වගකිව යුතු නැත්ද?
සේනක Wednesday, 26 September 2018 10:07 AM
මෙවැනි ප්‍රවෘත්ති පල වීම නිසා තමයි රණවිරුවන් යුධ අපරාධ කරුවන් වෙන්නෙ. මෙවැනි දේවල් වලට ප්‍රචාරයක් දෙන්නෙ නැත්නම් මේව ඉබේම යට යනවා. රටක් විදියට අපි රණවිරුවන්ට සහාය විය යුතුයි.
rohana Wednesday, 26 September 2018 11:05 AM
සෙනරත් ඔයා නාවික හමුදාව ගැන දන්න දෙයක් නැහැ. අනික ශ්‍යාමාල් ප්‍රනාන්දු හැමදේම දන්නා නාවික හමුදාවේ හැමකෙනෙක්ම සලකන නිලධාරියෙක් එයා කියන දෙය ඇත්තයි.
බන්දුThursday, 27 September 2018 02:59 AM
ශෙමාල් ප්‍රනාන්දු මහතාට ද හැමෝම සලකන්නෙ, කරන්නාගොඩ මහතාට ද හැමෝම සලකන්නෙ කියා පැරණි නාවිකයෙකුගෙන් අසා දැනගන්න.