( කාංචන කුමාර ආරියදාස )
පිදුරංගල ගල මත අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ ජාලා මාධ්‍ය හරහා මුදා හැරියේ යැයි සැකපිට රිමාන්ඩි බාරයේ සිටි තිදෙනා අද (10) වරඳ පිළිගත්හ.
ඒ අනුව එම තිදෙනා අතර සිටි පාසල්අ සිසුවාට අවවාද කර මුදා හැරීමටත් අනෙක් තරුණයන් දෙදෙනාට එක් අයෙකුට රුපියල් 1500 බැගින් රජයේ මුදල් ගෙවීමටත් දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද(10) නියෝග කළේය.
මෙසේ දැඩි ලෙස අවවාද කර නිදහස් කරනු ලැබුයේ ගල්වෙල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවා සහ ,සපුමල් දීමන්ත සුබසිංහ ,එල් .ඒ .ඒ .පියුමාල් යන දහ නව හැවිරිදි වියේ පසුවන තිදෙනෙකි .
පසුගියදා පිදුරංගල ගල මතට නැග තම ශරීරයේ අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජමාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කිරීම චෝදනා යටතේ සිගිරිය පොලිසිය මඟින් ගලේවෙල ප්‍රදේශයේ තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව පුරාවිද්‍යා පනත යටතේ මෙම තරුණයින්ට පොලිසිය නඩු පවරා තිබිණි. නඩු වාර දෙකකදී මෙම තරුණයන් බන්ධනාගාර ගත කළ අතර අද යළි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මෙම තීන්දුව ලැබිණි.
එහිදී ඉදිරිපත්වූ නීතිඥ මහත්වරුන් අධිකරණයේදී කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුව පුරාවිද්‍යා පනත යටතේ තවදුරටත් පවත්වාගෙන යා නොහැකි එකක් වුවද එම චෝදනා යටතේ තවදුරටත් නඩුව විභාග වුවහොත් මෙම සිසුවා සහ තරුණයන් දෙදෙනා දීර්ඝකාලීනව රක්ෂිත බන්ධනාගාර ගත වීමට ඉඩ ඇති නිසා මෙ මෙම නඩුවට වරද පිළිගන්නා බවයි .
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පිදුරංගල අසභ්‍ය ඡායාරූප සිද්ධියේ තිදෙනා වරද පිළිගනිති
Sapumal. Wednesday, 10 October 2018 08:20 AM
උපන් ඇඳුමෙන් පෙනී හිටින්න ගිහිල්ලා මේ අයට වෙච්ච අබැද්ධියක්.
Uditha -London Wednesday, 10 October 2018 08:31 AM
ඔය දේ පාඩමක් කරගෙන ෆේස්බුක් පස්සේ ගිහින් ලයික් වැඩි කර ගන්න උන්මාදේ අතහැරලා ජීවිතේ ගැන හිතල මතලා ජීවත්වෙන්න උත්සාහගන්න.. තමන්ගේ දෙමව්පියන් මේ ටික දවසට කොච්චර ගින්දරක ඉන්න ඇතිද? ඒවා හිතලා ජීවිතේ හොඳ විදිහට හැඩ ගස්සාගන්න බලන්න.. පුතාලට බුදුසරණයි !!!
chamara Wednesday, 10 October 2018 10:09 AM
මේ පුතාලා දන්නේ නැති වුණාට ලයික් වැඩි කරගෙන පැය 2න් ඇපත් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා.
sam Wednesday, 10 October 2018 09:59 AM
මිනිස්සු පැහැරගත්ත හා ත්‍රස්තවාදය ගේන්න ඕනේ කියපු අයට පැයෙන් ඇප. ඉස්සෙල්ලම කුඩුකරන්න ඕනේ මේ විදියට නීතිය තමන්ගේ හිතුමතේට ක්‍රියාත්මක කරන මහේස්ත්‍රාත්වරුන්ව...
lakmalWednesday, 10 October 2018 12:37 PM
කව්ද දන්නේ ඔය කියන දේවල් වලට ඇප ලැබුනේ මහේස්ත්‍රාත්වරුන්ට දේසපාලකයිගෙන් ලැබුණු නියෝග නිසා කියාද?
අමිල Wednesday, 10 October 2018 10:01 AM
හෙට ඉන්ධන මිල ඉහළ යනවාලු නේද?
tommy Wednesday, 10 October 2018 11:08 AM
තමන්ටත් මෙවැනි දේ කරන්නට ඉදිරියේ බලාපොරුත්තු වෙන අන් අයටත් පාඩමක් ලෙස තව ටික දවසක් බන්ධනාගාර ගත කරනම් තමා හොඳ. සිහිතබා ගත යුතු තව කරුණක් නම්, අද අන්තර්ජාලයට මුවාවී කරන ඕනෙම අපරාදයක් පොලිසියට සොයාගත හැකි බවයි.
kap Wednesday, 10 October 2018 11:42 AM
මේ කොල්ලන් 3දෙනා ආයිමත් වෑසිකිළියක් ඇතුලෙවත් කලිසම ගලවන එකක් නෑ. වරදක් කලා තමයි. හැබැයි බොරුවට රක්ෂිත බන්ධනාගාර කලේ.. මේ රටේ මොන්ගල් නීති හින්දම තමයි.
isurandi Wednesday, 10 October 2018 11:56 AM
අනුන්ව හදන්න කලින් අපි හැදිලා හිටියා නම් හරිනේ නේද?
Lanka Wednesday, 10 October 2018 12:18 PM
ඇමෙරිකාවේ කට්ටිය කරන හැම දෙයක්ම කරන්න යන්න එපා. බටහිරින් පැමිණෙන හැම කුණු ගොඩක්ම අපි වැළදගෙන අනුගමනය නොකළ යුතුයි. ඇමෙරිකාවේ කට්ටිය මුහුදු වෙරළවල් වල , වනයේ , තමන් කැමති තැන් වල නිරුවතින් ඉන්න කැමතියි, ඒ පරිසරයත් එක්ක එකමුතු වෙලා ජීවිතයේ රස විදීමට. අපේ ශ්‍රි ලංකික හර පද්ධතිය ඊට වඩා බොහොම වෙනස්, අන්තර්ජාලයේ හීන ලෝකවල ජිවත් වෙන්න එපා. යථාර්ථයේ පොළොවේ පය ගහලා රටේ හැටියට ඇනේ ගහලා ජිවත් වෙන්න. හොදින් ඉංග්‍රීසි භාෂාව සහ තමා කැමති ක්ෂේත්‍රයක දැනුම වර්ධනය කරගෙන උපාධියක් අරගෙන ඇමෙරිකාවට එන්න.
achira Wednesday, 10 October 2018 02:08 PM
මේ ළමයින්ට දොස් කියලා වැඩක් නැහැ. දෙමව්පියන් හා ගුරුවරුන් හරි හැටි තමන්ගේ යුතුකම් ඉටුකරනවා නම් මෙවැනි වැරදි වෙන්නේ නැහැ. වැරදි කරලා පොලිසියට අහුවුණාම පොලිසියට දොස් කියලා වැඩක් නැහැ... ඔවුන් කරන්නේ ඔවුන්ගේ රාජකාරියයි.
naradhaWednesday, 10 October 2018 03:04 PM
අද බොහෝ දෙනා මෙවැනි වැරදිවලට දෙමව්පියන් හා ගුරුවරුන් හට දොස් පවරනවා. නමුත්, සලකා බැලිය යුතු දෙයක් නම්, වර්තමාන තරුණ පරම්පරාව දෙමව්පියන් හා ගුරුවරුන් දෙනා අවවාද පිළිගන්නට සුදානම්ද යන්නයි. අද බොහෝ තරුණයින් දෙමව්පියන්ගේ සහ ගුරුවරුන් දෙනා උපදෙසට වඩා අනුකරණය කරන්නේ අන්තර්ජාලයේ සහ හින්දි සිනමා වල ඇති දේයි. එබැවින්, මෙවැනි ක්‍රියාකාරකම් වලට වගකිව යුත්තේ ඒවායේ යෙදෙන තරුණයින් විසින්මයි.
banda Wednesday, 10 October 2018 02:43 PM
කලිසම ගලවල ප්‍රසිද්ධියේ කස පාර දුන්නා නම් තවත් මේවා කරන්නේ නෑ...
OMG Wednesday, 10 October 2018 02:59 PM
වැටිච්ච තැනින් නැගිටලා තමන් රටට කීර්තියක් ගෙන දෙන පුද්ගලයෙක් වෙන්න බලන්න. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබලා කල දේට ඔබලා විදපු කටුක අත්දැකීම ජීවිතයට මෙවලමක් කර ගන්න. අපිටත් දරුවෝ ඉන්නවා. එදිනෙදා ජීවිතය ගැට ගහ ගන්න අපි දෙන සටන දන්නේ දෙමාපියන් වන අපි විතරමයි. නමුත් දඩුවමක් දෙන්නේ තමන්ව යහපත් පුරවැසියෙක් කරන්න බව අමතක කරන්න එපා. තව බොහෝ දේවල් ඔබට ජීවිතයෙන් ඉගෙන ගන්න තියෙනවා. බාධක මැඩ ගෙන ඉදිරියටම යන්න තව කෙනෙක් වට්ටන්නේ නැතුව. පුලුවන්නම් අත්වැලක් වෙන්න ඔබ වගේ වැටිච්ච අයට. ඔබට ජය!