(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක් සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය බදාදා (1) ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
2016 අප්‍රේල් මස මහලේකම් ධූරයේ වැඩ භාරගැනීමෙන් පසුව ඇය ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය වේ.
පොදුරාජ්‍ය මහලේකම්වරිය හෙට (1) දිනයේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමුවීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
ඉන්පසුව බ්‍රහස්පතින්දා (2) සහ සිකුරාදා (3) යන දිනවල මහලේකම්වරිය සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා , තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක , රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් මුණගැසීමට නියමිතය.
මහලේකම්වරියගේ මෙම හමුවීම්වල ප්‍රධාන අරමුණ වන්නේ අන්තර්-පොදු රාජ්‍ය මණ්ඩලීය වෙළෙඳාම වැඩිදියුණු කිරීම ඇතුළුව ලන්ඩනයේ පවත්වන ලද 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී එකඟ වූ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීමෙහිලා සහයෝගීතාව වර්ධනය කරගැනීමයි.
“පොදු රාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රඥාප්තිය” ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත. මෙම ප්‍රඥප්තිය යටතේ, කඩොලාන ප්‍රතිසංස්කරණය කිරීමේ පොදු රාජ්‍ය මණ්ඩල වෑයමට ශ්‍රී ලංකාව නායකත්වය සපයයි.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් හෙට ශ්‍රී ලංකාවට එයි