IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පන්ති තහනම ඉවත් කරන්නැයි සබරගමු සරසවි සිසුහු වීදි බසිති

(අජිත්ලාල් ශාන්තඋදය සහ විශේෂ වයි.ඒ.එස්.වීරවංශ)

සතියක පන්ති තහනම් කර ඇති සබරගමු සරසවියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 54 දෙනාගේ පන්ති තහනම ඉවත් කරන් ලෙස ඉල්ලමින් අද (15)  දහවල් එම සරසවියේ ප‍්‍රධාන පිවිසුම් ගේට්ටුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.

සබරගමු සරසවියේ කෘෂි  විද්‍යා පීඨ ආපන ශාලාවේ දී පසුගිය 12දා පළමුවන වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නවක වදය දීම, පරිපාලනයට බාධා කිරීම සහ තම අනන්‍යතාව තහවුරු කිරීම ප‍්‍රතික්‍ෂෙප කිරීම යන  චෝදනා මත සබරගමුව සරසවියේ ශිෂ්‍යාවන් 40කගේ සහ ශිෂ්‍යයින් 14දෙනෙකුගේ පන්ති මේ මස 15 දින සිට මේ  මස 21දින දක්වා (එම දින ද ඇතුළත්ව)  තහනම් කිරීමට කෘෂි විද්‍යා පීඨාධිපති ආචාර්ය සුමිත් මාගම මහතා විසින් ඊයේ (14) පියවර ගෙන තිබුණි.

ශිෂ්‍ය විරෝධතාව පැවැත්වුණේ මෙම තීරණයට එරෙහිවය. පන්ති තහනමට ලක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විභාග කටයුතු මේ දිනවල පැවැත්වෙන නිසා පන්ති තහනම හේතුවෙන් ඔවුන්ට එකී විභාග වලට පෙනී සිටීමේ අවස්ථාව ගිලිහී යන බව විරෝධතාවට එක්ව සිටි ශිෂ්‍යයෝ පැවසූහ.

සිසුන් 54 දෙනාගේ  තහනම ඉවත් කරවා ගැනීමට කෘෂි විද්‍යා පීඨාධිපතිවරයාට සංදේශයක් බාර දෙන බවද විරෝධතාවට එක්ව සිටින පිරිස කීහ.

 



අදහස් (11)

පන්ති තහනම ඉවත් කරන්නැයි සබරගමු සරසවි සිසුහු වීදි බසිති

Ravendra Friday, 15 February 2019 08:18 AM

හුරේ... ඔය අහිංසක බබාලා ටික එළියට දාන්න.

:       17       202

asanka Friday, 15 February 2019 09:46 AM

මේ පන්ති තහනමට ප්‍රධාන හේතුව නවක වදයදීම බැවින් එය සාධාරණ පන්ති තහනමකි. මෙය සදාකාලික පන්ති තහනමක් වීම වඩා යෝග්‍ය යයි සිතමි...

:       0       468

RaveendraFriday, 15 February 2019 10:06 AM

ඔබ මේ මොනවද දොඩවන්නේ ? කුරා කුඹියෙකුටවත් වරදක් නොකරන මේ "අහිංසක, නිර්භීත" දරුවන් පිළිබදව ඔබගේ අදහස් අප තරයේ හෙලා දකින්නෙමු. නිර්භීත මෙන්ම බුද්දිමත් යයි කියන මෙම සියල්ලෝම අන්තරේ ඉන්න රස්තියාදුකාර අන්දරේලා විසින් රුකඩ, පඹයන් ලෙස නටවන්නේ මෙම දරුවන්ගේ තිබෙන නිර්භීතකම නිසාම නොවේ ද ?? එසේ නොවේනම් මුළු විශ්වවිද්‍යල පද්දතියම මේ " අතලොස්සක් වූ කුඩු ගහන මුසල අන්දරේලා "( තමන්ටත් වැඩක් නැති රටටත් වැඩක් නැති කාලකන්නින් විසින් පඹයන්ව නටවනවා නොවේ ද ) විසින් කෙසේ හසුරුවන්නේද ?? මේ සියල්ලෝම ඔබේ , අපේ මුදල් කාබාසිනියා කරන මේ කාලකන්නින් සදහටම මෙම ආයතනවලින් නෙරපා දැමිය යුතුය. හතර මායිමට ඒමට ඉඩ දිය යුතු නැත.

:       42       624

Rawan Friday, 15 February 2019 10:02 AM

නවක වදය යනු හීනමානයයි. මේවාට මේ සිසුන්ගේ දෙමව්පියන්ද වග කිව යුතුයි. අන්තරේට බනින අතරේ හිතන්න තමන්ගේ ළමයාව මානසික අසහනකාරයෙක් ලෙස සමාජයට ඉදිරිපත් කලේ කවුද කියලා. හැම දෙමව්පියෙකුටම වගකීමක් තිබෙනවා තමන්ගේ ළමයාව බදු ගෙවන මිනුස්සුන්ගේ පිහිටෙන් ඉහලට යවන්න හිතලා විතරක් මදි. සමාජ හිතවාදී මිනිහෙකු කරන්නත් වගකීමක් තිබෙනවා.

:       0       416

RaveendraSaturday, 16 February 2019 03:50 AM

රවන් මයා වෙත, අප කිසිවකු නොසිතපු වැදගත් කරුණක් ඔබ විසින් සඳහන් කිරීම පිළිබඳව අප ඔබටද අවංකව ස්තුතිවන්ත වන්නෙමු. ඇත්තෙන්ම මේ අපේ අනාගත පරපුරයි. මොවුන් අයාලේ යනවා යනු මුළු රටම විනාශ වෙනවා නොවේද? ඇයි මෙය මේ දරුවන්ට නොතේරෙන්නේ? එසේ නොතේරෙන්නේ නම් මෙම දරුවන් කිසිසේත්ම උසස් අධ්‍යාපනයට සුදුසු නැති බව අපගේ හැඟීමයි. " අසාධාරණයට මෙන්ම සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් දරුවන් සටන් කළයුතුය". එහි කිසිඳු තර්කයක් නොමැත. නමුත් මේ සටන් කරන්නේ එක එක බංකොලොත් දේශපාලකයන්ගේ අතකොලු ලෙස නොවේද? අවංකව සිතන්න "අන්තරේ ඉන්න බූරුවන් කීපදෙනෙකු" සමස්ථ විශ්වවිද්‍යාලවල සිසුන් දහස් ගණනක් පඹයන්, රූකඩයන් ලෙස නටවනවා නොවේද? එලෙස එකඑකාගේ පදවලට නටන්නේ දහස් ගණනක් වන මෙම සිසුන්ට " කොඳු නැති "නිසා නොවේද? පෞරුෂත්වයක් නැති අනාගත පරපුරකින් එම රටට වැඩක් තිබේද? අඩු තරමින් අන්තරේ ඉන්න එක බූරුවෙක්ට විරුද්ධව දහස් ගණනින් යුතු සිසුන්ගෙන් එක් අයකුවත් තම විරෝධය පෑවේද? නැත. එමගින් ගම්‍යවන්නේ කුමක්ද? දහස් ගණනක් වූ අපගේ අනාගත පරපුර නපුංසකයින් නොවේද?

:       38       543

අචලා Friday, 15 February 2019 12:32 PM

නවක වදය දෙන අයව විශ්ව විද්‍යාලයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕනේ.. ශිෂ්‍යභාවය අහෝසි කරලා. ඔය උද්ඝෝෂණ කරන අයටත් පාරේම ඉන්න කියන්න ඕනේ. විශ්ව විද්‍යාලයකට යන්න බැරුව කීදෙනෙක් දඟලනවද? කීදෙනෙක් දෙතුන් පාරක් විභාගය කරනවද? අන්න ඒ වගේ ළමයින්ට අවස්ථාවක් දෙන්න ඕනේ. දැනුම තිබ්බට වැඩක් නෑ. හැදියාවක් නැත්නම්. හැදියාව නැති මිනිස්සුන්ව ඉහළ පුටුවලට යවන්න නරකයි. ඒක රටට වගේම සමාජයටත් හානිකරයි. මම යෝජනා කරන්නේ මේ ශිෂ්‍යයන් 54 ම විශ්ව විද්‍යාලයෙන් අයින් කරලා, හැදියාව හොඳ, දැනුම තියෙන සිසුන් 54 දෙනෙක් බඳවා ගන්න කියලයි. කොච්චර උද්ඝෝෂණ කරත් ඒවාට සැලෙන්න නරකයි. පීඨාධිපති කොන්ද කෙලින් තියාගෙන ගත්ත තීරන වෙනස් කරන්න නරකයි.

:       0       435

RaveendraFriday, 15 February 2019 02:42 PM

අචලා මහත්මිය, මෙනෙවිය ඔබගේ වැදගත් අදහස් අපද අගය කරන්නෙමු. පාලන අධිකාරියට කොඳු නැති බව දැනට දශක කීපයක සිටම හොඳින් ප්‍රදර්ශනය වෙන කාරණයකි. එවන් කොඳු නැති පාලන අධිකාරියක් යටතේ සිටින සිසුන්ට කෙසේවත් කොඳු තිබීමට නොහැකිය. අප එසේ පවසන්නේ "අන්තරේ ඉන්න කුඩු කාරයන් කීපදෙනෙක් වන අන්දරේලා විසින් " සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම සිටින දහස් ගණනක් වූ සිසුන් පඹයන් ලෙස නැටවීම නිසාය. එකදු සිසුවෙකුටවත් ශක්තියක් නැහැ අන්තරේ ඉන්න අන්දරේලාගේ හතරහන්දි කඩලා ළඟ තිබෙන බෝක්කුවක හිටවලා තියන්න. කණගාටුව එයයි. කොහෙවත් යන බංකොලොත් දේශපාලකයන් විසින් නටවන්නේ අන්තරේ ඉන්න බේබද්දන්ව බව ප්‍රසිද්ධ රහසකි. එම අන්තරේ ඉන්න අන්දරේලා කීයෙන් කීදෙනෙක් විභාග සමත්වී කලට වෙලාවට විශ්ව විද්‍යාල වලින් පිටවී ඇද්ද සොයා බැලුවොත් අප සියල්ලන්ටම මේ " නූගත් මෝඩ රැල " පිළිබඳව හොඳ අවබෝධයක් ගත හැකිය.

:       0       637

kamal Friday, 15 February 2019 02:44 PM

ඔය සෙට් එක එළියට දාලා, ඊට පස්සේ උ.පෙළ ප්‍රතිඵල හොඳට තියෙන ළමයි සෙට් එකක් ගන්න. මොවුන්ගේ ස්ට්‍රයික් ඉවර වුනොත්, කොටස් වශයෙන්, අලුතෙන් ගන්න බැච්වලට ඇඩ්කරන්න... 20% වගේ.. අවුරුදු 5කදී වගේ...

:       0       363

Sarasi Saturday, 16 February 2019 07:00 AM

තමන්ගේ ළමයා උසස් අධ්‍යාපනයේ නාමයෙන් අනුන්ගේ දරුවෙකුට හිංසා පීඩා කරනවා නම් තමන් මව්පිය තනතුරු දරන්න සුදුසු නැති බව මේ නොහික්මුණු සිසුන්ගේ මව්පියන්ට වැටහේවා...!

:       0       274

diasSaturday, 16 February 2019 12:50 PM

මෙතන ඉන්නා බොහෝ "ළමයින්" අවුරුදු 18ට වඩා වැඩි අය බැවින් ඔවුන් තව දුරටත් ළමයින් නොව, හොඳ නරක තේරෙන වැඩිහිටියන්ය. එවැනි අයගේ අමන හැසිරීමට වගකිව යුත්තේ ඔවුන් විසින්ම වන අතර, එය දෙමව්පියන්ගේ වගකීමක් නොවේ...

:       13       14

Bimal Saturday, 16 February 2019 05:44 PM

ඩයස්, මේ සිසුන් ඉපදෙනකොටම නොහොබිනා හැසිරීම් එක්ක නෙවෙයිනේ ඉපදුනේ. ඉන් පසුව තමන්ගේ පවුල් පරිසරයෙන් දෙමව්පියන්ගෙන් ලැබෙන මග පෙන්වීම් අනුව තමයි වැඩිහිටියන් ලෙස යම්කිසි පෞරුෂයක් සමග සමාජගත වෙන්නේ. අන්න ඒ නිසා තමයි මේ වගේ සමාජ විරෝධී අශිලාචාර හැසිරීම් වලට මව්පියනුත් යම් තාක් දුරකට වග කියන්න ඕන කියලා මිනිස්සුන්ට හිතෙන්නේ .

:       1       115

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 627 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 510 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 127 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1753 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site