IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පානදුර පල්ලියට ගැසූ සරසවි සිසුවෙක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ )

පානදුර එළුවිල මුස්ලිම් පල්ලියට ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සරසවි සිසුවකු අද (19)  කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව  පොලිසිය කියයි.
මෙම සැකකරු සබරගමුව විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුවෙක්  බවත් ඔහු නීතිඥවරයකු මාර්ගයෙන්   කොළඹ අපරාධ  විමර්ශන කොට්ඨාසයට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බවත් වාර්තාවේ.
සැකකරු ඇතුළු පිරිසක් ඉකුත් මැයි 17 වැනිදා එළුවිල මුස්ලිම් පල්ලියට ප‍්‍රහාර එල්ල  කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.
එම පරීක්ෂණ අනුව මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 30 දක්වා  රිමාන්ඞ් බාරයට පත්කර ඇත.
එම සැකකරුවන් පස්  දෙනා අතර භික්ෂුන් වහන්සේ නමක්,  පොලිස් කොස්තාපල්වරයෙක්,  මුස්ලිම් ජාතිකයින් දෙදෙනකු හා ද්‍රඩිඩ ජාතිකයෙක් සිටින බවද පොලිසිය කියයි.



අදහස් (7)

පානදුර පල්ලියට ගැසූ සරසවි සිසුවෙක් අත්අඩංගුවට

Roshan Monday, 19 June 2017 04:39 PM

යකෝ.. ළග ඉදලත් අපි දන්නෙ නැහැනෙ මෙහෙම දෙයක් වෙලා කියල. ... මමත් දැනගත්තේ පත්තරෙන්...

:       26       37

minipe Monday, 19 June 2017 07:16 PM

පුජනිය ස්ථානකට පහරදීමෙන් හෝ ආගමකට නිග්‍රහා කිරීමෙන් මේ දැන උගත් කල්ලිය බලපොරෝතුවන ප්‍රතිපලය කුමක්ද.සියලුම ආගම් වසර දෙදහකට වඩා පැරණිය.ඉතින් මේ මොළ කට්ටිය පුජනිය ස්ථානයකට ගලක් ගහලා, අදහන්නන්ට රිද්දවලා, මොක්කක් බලාපොරොතු වන්නේ? මම මේ සදහන් වන සකකරුන්ට විශේෂයෙන්ම දොස් පවරනවා නොවේ, ඒ අය තවම සැකකරුවන් පමණයි.

:       290       294

anil Tuesday, 20 June 2017 12:57 AM

මේ කිසි ආගමික පීඩාකාරී ක්‍රියාවක් අනුමත කරන්න බෑ. ඒත් අද ඊයේ අටවපු ඕනෑම යාඥා මඩුවකට දෙල් ගෙඩියක් වැටුනත් පොලිසිය හරිම උනන්දුයි හොයල බලල දෙල් ගහ ලඟින් ගිය කෙනෙක් හරි කුදලන් ගිහින් හිරේ දාන්න. හැබැයි අවුරුදු දහස් ගණන් පරණ බෞද්ධ සිද්ධස්ථාන වනසද්දී දන්නෙත් නෑ, දකින්නෙත් නෑ! පුදුම සහජීවනයක්, පුදුම සංහිදියාවක්!

:       37       591

sirilTuesday, 20 June 2017 06:12 AM

අනිල් පරණ බෞද්ධ සිද්ධස්ථාන වනසන කතාව පැතිරුනේ යට ඇඳුම් වල ගබිසා ද්‍රවය කතාව පැතිරුණු කාලයේදීය !! යට ඇඳුම් වල ගබිසා ද්‍රවය කතාව නොපිළිගන්නා මම මුස්ලිම් මිනිස්සු බෞද්ධ සිද්ධස්ථාන වනසන කතාවද පිළිගන්නේ නැත !! එයට ඇසින් දුටු සාක්ෂිද නැත !! සිංහල දේශපාලකයන් පැරණි සිද්ධස්ථාන කඩා නිදාන කොල්ලකෑම ගම්වල මිනිස්සු දන්නා කරුණෙකි !! අනිත් එක සමහර දේශපාලකයන්ට ජයග්‍රහණය ලාබාදුන්නේ එල් ටි ටි ඊ යේ පාරජයයි! නමුත් වර්තමානයේ එවැනි හතුරෙක් පාරාජය කර චන්දය ජයගැනීමේ අවස්ථාවක් නොමැති නිසා ඔවුන් අලුතෙන් බොරුවට මවා, ගහල දිනන්න හදපු අලුත්ම හතුරාගේ නම මුස්ලිම් අන්තවාදියා!!පුරාණ රජමහා විහාරවල අනුරාධපුර පුරාණ ස්ථානවල කෟතුගාරවල තිබිබ පිලිම රජ දරැවන්ගේ කඩු ඔටුන්නු වලට කෙලියේ හමිබයෝද කියලා සුමණේගේ වශි බෝල වලට කඩු ඉස්සුවේ කෘතුගාරය ගිණි තිබිබෙි හමිබයෝද කියලා අහන්නකෝ?

:       0       0

chandana Tuesday, 20 June 2017 01:49 AM

"එම සැකකරුවන් පස් දෙනා අතර භික්ෂුන් වහන්සේ නමක්, පොලිස් කොස්තාපල්වරයෙක්, මුස්ලිම් ජාතිකයින් දෙදෙනකු හා ද්‍රඩිඩ ජාතිකයෙක් සිටින බවද පොලිසිය කියයි" ඒ කියන්නේ සිංහලයන්ට විතරක් නෙමෙය් අනෙකුත් සුළු ජාතීන් දෙකටත් මේ මුස්ලිම් පල්ලි හැමතැනම අටවන එක එපා වෙලා තියෙන්නේ. එතින් මේ ආණ්ඩුව බොරුවට "සහජීවන " මන්ත්‍රය මතුර මතුර ඉන්නේ නැතුව පාර්ලිමේන්තුව තුල පනතක් හෝ සම්මත කරගෙන මේ අන්තවාදී පල්ලි සැදීම නතර කල යුතුයි.

:       380       727

MohamedGM Tuesday, 20 June 2017 04:43 AM

චන්දන මහත්තයා, ඕකෙන් කියවෙන්නේ පල්ලි එපාවෙලා කියන එක නෙමෙයි, මෙයාල එක කල්ලියක්, ජාතින් අතර තියෙන සහජිවනේ නැති කරන්න මෙයාල එකතුවෙලා ඉන්නේ. එකිනෙකා අතර තොරතුරු හුවමාරු කරගෙන දෙපැත්තටම එකතුවල ප්‍රශ්න ඇති කරනවා. කරුණාකරලා ඕක හරියට තේරුම් ගන්න.

:       0       0

කොබා Tuesday, 20 June 2017 05:49 AM

අලුතෙන්ම ඇති වෙලා තිබෙන පල්ලි පන්සල් ව්‍යාපාර වලට බෝම්බ ගැසීම ගිනි තැබීම වැනි ක්‍රියා මගින් ජනවර්ග අතර අර්බුදකාරී තත්වයක් ඇති කරලා නැවත වතාවක් සිවිල් යුද්ධයක් කරා ගෙන යාමට ඇතැම් උදවියට උවමනා වී තිබෙන බවක් පෙනෙන්න තියෙනවා, මීට කලින් ඇති කල සිවිල් යුද්ධය ආරම්භයේ තිබුනෙත් මේ අන්දමේ ම වාතාවරනයක්මයි, එහිදීත් දේශපාලනඥයන් ප්‍රසිද්ධියේම මිනිසුන් කුපිත කරවමින්,ඒවාට අනුබල දෙමින්, රට ව්‍යසනයකට ඇද දැමුවා, ඉතින් ආයෙත් එවන් අර්බුදයක් ඇති කළහොත් මේ රට සිරියාව ඉරාකය මෙන් නටඹුන් වී වැනසෙනවා, ඉතින් කුමන හෝ මිලක් ගෙවා කිසිදු අනුකම්පාවකින් තොරව මේ අලුත් ත්‍රස්තවාදය මුල් කාලයේදීම වනසා දැමිය යුතුමයි, එයට ත්‍රස්තයා සිංහලද දෙමළද මුස්ලිම් ද කියන ඒක වැදගත් නැහැ, වැදගත් වන්නේ මේ රටේ ජනයාට,සමගියට,ආර්ථිකයට මේ ත්‍රස්තයන් අනතුරක් බවයි. එනම් මොවුන් ත්‍රස්තවාදියෙක් විනා අපේ හෝ උන්ගේ හෝ කියා හොඳ අයෙකු,නරක අයෙකු ලෙස වර්ග කල නොහැකි බවයි,

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 285 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 206 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 851 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 234 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 727 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 155 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site