IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


‘ප්‍රජාතන්ත්‍රවාදය යනු විකල්පයක් නොව අනිවාර්ය අවශ්‍යතාවක්‘

( හර්ෂණ තුෂාර සිල්වා)
 
ප්‍රජාතන්ත්‍රවාදය යනු විකල්පයක් නොව අනිවාර්ය අවශ්‍යතාවක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (27) කොළඹ දී ප්‍රකාශ කළේය. 
 
“ප්‍රශස්ත විනිවිදබවක් හා සුපිළිපන්න බවින් යුත් මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය හා සුරැකීම සඳහා වූ සාමූහික ප්‍රයන්තය” යන මැයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සහ නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය එක්ව සංවිධානය කළ දෙදින සමුළුවේ පිළිගැනීමේ කතාව කරමින් මහින්ද දේශප්‍රිය මහතා ඒ බව සඳහන් කළේය. 
 
මෙම සමුළුව මෙවර පැවැත්වෙන්නේ සිව්වැනි වරටය. එමෙන්ම මෙවැනි සමුළුවක් දකුණු ආසියාවේ පැවැත්වෙන පළමු අවස්ථාව මෙය යැයි ද මහින්ද දේශප්‍රිය මහතා මෙහිදි කීය. 
 
එහිදි තවදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙසේ ද කීය. “ආසියාවේ මැතිවරණ කොමිෂන් සභාවල නිලධාරීන්, බලධාරීන්, සිවිල් සමාජය මෙහි පැමිණ සිටිනවා.
 
නියමිත කාල පරිච්ඡේදවලදී පවත්වන නිදහස් හා සාධාරණ මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට සෑම ඡන්ද දායකයකුටම තිබෙන අයිතියට ගෞරව කරමින්  ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පොදු අරමුණ මෙම සමුළුව පැවැත්වීම තුළින් නැවත නැවතත් තහවුරු කරනවා. 
 
නිදහස් හා සාධාරණ පැවැත්වීම සම්බන්ධයෙන් ආසියාවේ සියලු පාර්ශව අතර දැනුම, අත්දැකීම් හා උගත් පාඩම් බෙදා හදා ගැනීමටත් සාමූහික පියවර ගැනීමටත් මේ සමුළුව උපකාරී වනු ඇතැයි මා හිතනවා. මැතිවරණ කොමිෂන් සභා, සිවිල් සමාජය ඇතුළු අනෙකුත් ආයතන හා පාර්ශවකරුවන් අතර සබඳතා ඇති කරගැනීමටත් මේ සමුළුව උපකාරී වේවි.
 
ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකාව මැතිවරණ පැවැත්වීමේදී අනුගමනය කරන විනිවිදභාවය ලෝකයට ගෙන යෑමටත් මේ සමුළුව තෝතැන්නක් වේවි.
 
මැතිවරණ ක්‍රියාවලියේ නිරත වන මෙතැන සිටින සියලු නිලධාරීන්, පාර්ශවකරුවන් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධන කිරීමට ඇප කැප වී සිටිනවා. 
 
සමුළුව අවසානයේදී අපි ‘කොළඹ පොරොන්දුව’ ලියවිල්ල ප්‍රකාශයට පත් කරනවා. එම ඓතිහාසික ලියවිල්ල තුළින් කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස් හා සාධාරණ මැතිවරණ ප්‍රවර්ධනය කරනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාත්මකභාවය බිඳ වැටීම වැළැක්වීමටත් ඒ සඳහා මැතිවරණ ක්‍රියාවලියේ සියලු පාර්ශවකරුවන් සහයෝගීතාව ඇති කරගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා”
 
සමුළුවේ අවසන් දිනය වන හෙට (28) ‘කොළඹ පොරොන්දුව’ලියවිල්ල අනුමත කිරීමට ද නියමිතය. 
 
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද, නීතිපති ජයන්ත ජයසූරිය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් වන මහාචාර්ය රත්නජීවන් හූල් සහ ජනාධිපති නීතිඥ නලින් අබේසේකර, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මීට එක්වූහ.  කොළඹ ගලධාරී හෝටලයේදී සමුළුව පැවැත්විණි. 
 
ඡායාරූප -ඉෂාන් සංජීව 
 



අදහස් (5)

‘ප්‍රජාතන්ත්‍රවාදය යනු විකල්පයක් නොව අනිවාර්ය අවශ්‍යතාවක්‘

Raveendra Monday, 27 August 2018 11:14 AM

මේ මහත්මයාගේ කතාවනම් ඇත්තෙන්ම හරිම අගෙයි නමුත් ඔය කතාව කල යුත්තේ දියවන්නාවේ ඉන්න මහෞෂධ පණ්ඩිතයන්ට මොකද " ඒ අහිංසක ළද බොළද බබලත් උදවිය " සදාකල් බලය නැමැති බුරුවගේ පිටඋඩ " ලැගල " යනකොට ඔක්කොම අරගෙන දිව්‍යලෝකේ යන්නනේ හිතාගෙන ඉන්නේ. හොදයි කියන්නකෝ බලන්න ඒ දියවන්නාවේ ඉන්න මහෞෂධ පණ්ඩිතයෝ කීදෙනෙක් මේ උන්නැහේගෙ කතා පොජ්ජ හරි කරන්න මංගච්චලද කියල ???

:       0       87

saman Monday, 27 August 2018 11:16 AM

අනේ මෙතුමාගේ කටේ හැටියට වැඩත් තිබුණානම්.

:       79       216

de silva Monday, 27 August 2018 04:01 PM

ඔබතුමා මේ මොන විකාර දොඩවනවද? ඔතන ඉන්න ජනාධිපතිතුමා කිවුවේ එතුමා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා ඉවරයි කියලනේ .

:       0       55

Sathya Tuesday, 28 August 2018 03:29 AM

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කොච්චර කියෙව්වත් වැඩක් නැනේ වැඩ (මැතිවරණ) නැත්නම්. මැ.කෝ. ඉද්දි තිබ්බ මැතිවරණ ටිකවත් නෑනෙ 'ස්වාධීන මැතිවරණ කොමිසම' ආවම. පනත් හරි මොකක්හරි බාලගිරි දෝෂයක් ඉස්සරහට ගෙන මැතිවරණ කල් දමනවානම්, කොමිසමට පුළුවන් වෙන්න ඕනි අධිකරණයේ පිහිට ඇතිවහරි මැතිවරණ තියන්න. ආණ්ඩුවට තියෙන්නේ මැතිවරණ භීතිකාව. මේක අවුරුදු 100 කට සැරයක් තියන එකක් වගේ සංශෝදනය කරලම තියන්න ඕනි කියන්නේ. මේ සැරෙත් පරණ ක්‍රමයටම තියල, ඊළඟ එක අලුත් ක්‍රමයට තියන්න පුළුවන්නේ.

:       0       0

suran Tuesday, 28 August 2018 03:57 AM

මමත් මෙතුමා ගැන හිතන් හිටියේ හරි කෙලින් වැඩ කරන පුද්ගලයෙක් විදියට. තමාගේ රාජකාරියට පිටින් වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 165 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 981 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 224 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1666 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2066 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 202 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site