IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පේරාදෙණිය සරසවියේ කළමනාකරණ පීඨය වහයි

(චමිල් රූපසිංහ)
 
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨය අද (19) සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට එම විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සියලු සිසුන් අද (19) පස්වරු 6 ට පෙර විශ්ව විද්‍යාල භුමියෙන් ඉවත් විය යුතු බවද නිවේදනයේ සදහන්ය.

මේ දිනවල විශ්වවිද්‍යාලය තුළ සීසීටිවි සවි කිරීම සම්බන්ධව කළමනාකරණ පීඨයේ සිසුන් අරගලයක යෙදී සිටින අතර, මේ සම්බන්ධව දෙපාර්ශවයම සමඟ සාකච්ඡා කර විසඳුමක් නොමැතිවීමෙන් සිසුන්ගේ අධ්‍යපනික කටයුතු පවා සිදු නොවන අවස්ථාවක් උදාවී තිබේ.

මේ සම්බන්ධව තවදුරටත් සාකච්ඡා කර විසඳුමක් ලබාගැනීම සඳහා සියලුම නිලධාරීන් සමඟ සාකච්ඡා කර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය විසඳුමකට පැමිණෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බවත් නැවත ඉතාම කඩිනමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය ඇරඹීමට කටයුතු කරනු ලබන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී.දිසානායක මහතා කීය.
 



අදහස් (4)

පේරාදෙණිය සරසවියේ කළමනාකරණ පීඨය වහයි

latha Friday, 19 July 2019 10:25 AM

සී.සී.ටී.වී. වලට බයවෙන්නේ හොරුනේ... ළමයි මොකෝ හොර වැඩ කරනවයැ බයවෙන්න. ඉගෙන ගන්නවනේ.

:       0       74

lalith Friday, 19 July 2019 10:28 AM

විශ්ව විද්‍යාලය තුළ සීසීටීවි සවි කිරීමෙන් නවක වදයට සිදුවන බාධාව පිළිබඳවයි මේ සිසුන් අරගල කරන්නේ...

:       0       61

chandima Friday, 19 July 2019 12:24 PM

ලෝකේ ඕනෑම දියුණු රටක විශ්ව විද්‍යාලවල මේවා සවිකර තිබෙනවා. වෙනකක් තබා පෙර පාසල් වලටද සියලු පාසල් වලත් වැසිකිලියේ හැරුණු විට අනෙක් සම තැනකම කැමරා සවිකර තිබෙනවා. එනිසා මෙයට කැමති නැති උදවියට ගෙදර යන ලෙස කියා කැමති කට්ටියට අධ්‍යාපනය ලබාදීම තමයි කළයුතුව ඇත්තේ.

:       0       11

RaveendraFriday, 19 July 2019 02:48 PM

chandima මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. මෙය අන්තරේ ද මොකක්ද අටමගලේ ඉන්න අපේ උගත් බුද්ධිමත් අහිංසක දරුවන්ට නොතේරෙන්නේ ඔවුන් විසින් කරන හොඳ වැඩ ප්‍රසිද්ධ වේ යන බියෙනි... එබැවින් එම අහිංසක අන්දරේලා අනිකුත් සිසුන්ව තම තමන්ගේ වැඩවලට යොදා ගැනීමක් නොවේද ..?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 66 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 125 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 110 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 232 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 111 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 898 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 91 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site