IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පොරොන්දු කඩ කිරීම පරාජයට හේතුවයි - සරත් විජේසූරිය

(නිමල කොඩිතුවක්කු)

මෙවර පළාත් පාළන මැතිවරණයෙන් ආණ්ඩුව ලැබූ පරාජය ජනවාරි 08 වනදා ලැබූ ජනවරමට  පිටුපෑමට එරෙහිව ජනතාව ලබාදුන් වැදගත් සංඥාවක් බව  සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණය පරාජය වීම හේතුවෙන්  වත්මන් ආණ්ඩුව පෙරපාසලේ සිට ජනවරමට ගරු කිරීම පිළිබඳ ඉගෙන ගෙනගත යුතු බවද ඔහු කියා සිටියේය.
 
2015 ජනවාරි 08 වනදා ලැබූ ජනවරම වෙනුවෙන් පෙනී සිටි ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට තවදුරටත් මේ ආන්ඩුවට ඉඩක් පවතින බවද ඒ මහතා සදහන් කලේය.

දූෂනය පිටුදැකීම, අපරාධකරුවන්ට දඩුවම් දීම, ජීවන වියදම අඩු කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුලු ලබාදුන් පොරොන්දු කඩ කිරීම ආන්ඩුවේ මෙම පරාජයට හේතු වී ඇති බවද මහාචාර්ය සරත් විජේසූරිය මහතා වැඩිදුරටත් කීය.



අදහස් (44)

පොරොන්දු කඩ කිරීම පරාජයට හේතුවයි - සරත් විජේසූරිය

sunil Monday, 12 February 2018 09:56 AM

ඔව් මහින්දගේ පොහොට්ටුවට 45%ක් දුන්නේ ඒ කෙනාව හිරේ දාලා, පංසල් වලට බදු ගහලා, රටේ ඉඩම් කඩම් ටික විකුණලා, ඉන්දියාවේ අයට ලංකාවේ අයගේ ජොබ් ටික දෙන්න කියල තමයි. පුදුම ගොං ලොජික්නේ ඕවා. ඔය යන ට්‍රැක් එක ටිකක් වෙනස් කරලා ගමරාලගේ වංගෙඩිය වගේ හැම දේකටම මහින්ද මහින්ද කියන්නැතිව සතියක් ඉන්න. සැබෑ වෙනසක් ඇතිවෙයි. බලාපල්ලා අපේ පැතිවලට ඇවිල්ලා මොන අංචි ඇද්දත් මහින්දගේ සලකුණ මකන්න බෑ...

:       1729       5421

chandanaMonday, 12 February 2018 11:05 AM

සරත් විජේසූරිය මහතා කියල තියෙන දේ ගොඩක් නිවැරදි .. 2015 මහින්ද පරාජය කරන්න රටේ බහුතරය පෙළ ගැසුනේ මහින්ද ඇතුළු නඩය සිදු කල සමාජ අසාධාරන දුෂණ විෂමාචාර හින්දයි ....ඒවාට දඩුවම් දීල හොරාකාපු මුදල් නැවත රටට අරන් දෙනවා කියල මෛත්‍රී මහතා පොරොන්දු වුනා .. නමුත් අපි දැක්කේ ඔහු ඒ වරදකාරයින්ව ආරක්ෂා කරන බවක් විතරයි ..

:       0       0

NuwanMonday, 12 February 2018 11:12 AM

ඔව් වැඩවසම් ක්‍රමයේ පරවේණි දාසයෝ ඉන්නේ ගම් වල

:       28       75

අනුර පැස්කුවල් Monday, 12 February 2018 11:38 AM

ඔබට වැරදිලා සොහෝ. සරත්ටත් වැරදිලා. 2015 ජනවරම එහෙමමයි. එදා මහින්දට එරෙහිව ගොඩනැගුන බලවේගය තව ටිකක් ඡන්ද වැඩි කරගෙන. මහින්ද ටිකක් අඩු කරගෙන. මේ ආණ්ඩුවේ මෝඩකම නොවෙන්න, මහින්දට මේ සැරේ ඇපත් නැහැ. මක් කරන්නද,

:       523       489

කපිලMonday, 12 February 2018 12:41 PM

තමිල්නාඩුවේ ජයලලිතාට තිබුණෙත් මහින්ද රාජපක්ෂට තියෙන විදියේ දේව භක්තියක්.... මහින්ද මේ රටේ මධ්‍යම පන්තිය නැතිකරලා ලුම්පන් පන්තිය ඉස්සරහට ගත්තා. මේ රටේ දේශපාලනයක් නෑ. තියෙන්නෙ පංති අරගලයක්. එජාපය වටේ මධ්‍යම පංතිය ඉන්නවා. මහින්ද වටේ ලුම්පන් පන්තිය ඉන්නවා. මහින්දගේ ඡන්ද පදනම කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. මේ රටේ ලුම්පන් ඡන්ද ගත්ත එකම එජාප නායකයා ආර් ප්‍රේමදාස. රනිල් වික්‍රමසිංහ කියන්නේ ජන පදනමක් නැතුව පක්ෂ ව්‍යවස්ථාව පාව්ච්චි කරලා එජාප නායකත්වය අල්ලගෙන ඉන්න කෙනෙක්. මේ පන්තිවාදී, ජාතිවාදී පදනම් වල ඉඳගෙන දේශපාලනය කරලා තව අවුරුදු සීයකටවත් මේ රට ගොඩගන්න බෑ. ලංකාවේ තියෙන්නෙ දේශපාලන සූදුවක්....

:       1015       766

බන්ඩාMonday, 12 February 2018 07:08 PM

යුද්ධේ දිනපු මහින්ද ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂෙ අති බහුතරයගෙ ඉටු දෙවියො බවත් මෙෙත්‍රි අමතක කලා.

:       0       0

asanka Monday, 12 February 2018 10:16 AM

රටේ බහුතර ජනතාවට හොරෙන් එන්ජීඕ නඩයකට රටේ ජනතාවගේ අනාගතය තීරණය කරන්නට ඉඩදිය නොහැක. එසේ තිබියදී ඒ දවස්වල ජාතියේ මුර දේවතාවුන් වහන්සේලා වන මහා සංඝරත්නයට කන්නොදී ආණ්‌ඩුවේ ඇමතිවරුන් හා එන්ජීඕ ඒජන්තයන් ලවා මහා සංඝරත්නයට අපහාස කරමින් රටේ ජනතා කැමැත්තට කන්නොදී ආණ්‌ඩුව නව ව්‍යවස්ථාවක් ගෙන එන්නට උත්සහ දරමින් සිටියේය . මේ නිසා රටට අනවශය ව්‍යවස්ථාවක් මේ තරම් විරෝධතා මැද ගෙන එන්නට උත්සාහ දරන්නේ කවුරුන් සතුටු කරන්නට දැයි අප තුළ ඇත්තේ දැඩි සැකයකි. රාජ්‍ය නොවන සංවිධාන කල්ලිය මහ බැංකු බැඳුම්කර කොල්ලය පිළිබඳ ඔවුන් එක්‌ වචනයක්‌ වත් ප්‍රකාශ කොට තිබේ ද, මේ රටේ සහශ ගණනාවක්‌ තිස්‌සේ මේ රටේ මහ පොළොවේ ජීවත් වන පාරම්පරික ජනතාවගේ ගෙල සිඳිමින් හම්බන්තොට වරාය චීනයට පවරා දෙද්දී, මත්තල ගුවන්තොටුපළ සහ ත්‍රී කුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට තීරණය කරද්දී, කුඩු ටොන් ගණනින් ගලා එද්දී වචනයකුදු දොඩාගත නොහැකි ව කටවල් පූට්‌ටු වී සිටි ඩොලර් කල්ලිය ඒ වන විට සෝවාන් වී හෝ රහත් වී හෝ සිටියා ද යන ප්‍රශ්නයට දැන් ජනතාව උත්තර දී ඇත.

:       0       0

gunarathna Monday, 12 February 2018 10:17 AM

මේ මනුස්ය ඔය පොරොන්දු ඉටුකෙරුවේ නැහැ කියන්නේ ගෝටව ඇතුලට නොදාපු එකට.මෙය හැමදාම කීවේ ගෝටව අත්අඩංගුවට ගන්ඩ කියල.මේ ආණ්ඩුවේ එහෙම ගොන් මෝඩයෝ නැහැ.එහෙම කෙරුවනම් චන්දෙදි බලාගන්ඩ තිබුන ආණ්ඩුවට වෙන දේ.එක්සත් ජාතික පක්සේ මේ තරමට හරි චන්දෙන් ගොඩ අවේ රාජපක්සලට කරදරයක් නොකරපුනිසා.

:       0       0

Mana Monday, 12 February 2018 10:17 AM

රටේ බහුතරය නියෝජනය කරන්නේ ගම... කොළඹ නෙමෙයි. සාමාන්‍ය මහජනයාට මහා බැංකුවේ විදේශ සංචිත, පොලි අනුපාත, විදේශ ආයෝජන, පෝට් සිටි, වෝක්ස් වැගන් වැඩක් නෑ. බඩු මිල අඩු කරලා, බදු අඩු කරලා, ගොවියාට පොහොර ටික දුන්න නම් මීට වඩා ඡන්දේ ගන්න තිබ්බා. යන්න පාසලක් නැති, උගන්නන්න ගුරුවරු නැති, අඳින්න ඇඳුම් නැති, දාන්න සපත්තු නැති, ළමයින්ට ටැබ් වැඩක් නෑ. වයි ෆයි වැඩක් නෑ.ඕවා හොඳයි කොළඹ ඉන්න සල්ලි කාරයන්ගේ ලමින්ට. මේවා ගැන හිතන්න වෙනවා. රෝයල් මානසිකත්වයෙන් රටේ ගැටළු විසදන්න බැ. සහන දෙන්නම වෙනවා. රණ විරුවෝ ගැන බලන්න වෙනවා.

:       0       0

rohitha Monday, 12 February 2018 10:21 AM

ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුයි. ශ්‍රී ලාංකික සිංහල ජනතාව ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කැමති නැති වග මතක තබා ගන්න,

:       0       0

Mano Monday, 12 February 2018 10:22 AM

ඔක්කොටම වැඩිය රට පාවාදීම

:       0       0

pubu Monday, 12 February 2018 10:39 AM

මට හිනා මෙයාගේ කතාවලට

:       0       0

pawan Monday, 12 February 2018 10:57 AM

ඔබතුමාගේ වගේම අපි ආසය් නිර්මාල් රන්ජිත් දේවසිරි, සමන් රත්නප්‍රිය ආදී අයගෙනුත් අදහස් ටිකක් දැනගන්න.

:       0       0

Cisco Monday, 12 February 2018 11:10 AM

පොරොන්දු ඉටු කරනවා යනු දැනෙන සංවර්ධනයක්, හොඳ ආර්ථිකයක් සහ නීතිය හරි හැටි ක්‍රියාත්මක කිරීමක්ය.

:       0       21

Senarath Monday, 12 February 2018 11:12 AM

බටහිරයන්ගේ ගැත්තෝ උණු මාහාචාරියෝ ටිකක්, ඩොලර්වලට යට උණු දේශපාලුවෝ ලෝකේ නැති බොරු කියල රටේ ජනතාවට හීන ලෝකයක් පෙන්නලා අලුත් ආණ්ඩුවක් කියල ගෙනාවේ මෙලොදෙයක් කරගන්න බැරි අංශබාග ලෙඩ්ඩු ටිකක් .

:       15       91

Dil Monday, 12 February 2018 11:13 AM

මහාචාර්ය තුමනි, මමත් ශ්‍රී ලාංකික විශ්ව විදය්යාලයක උපාධි ධාරියෙක්මි. පසුව, පශ්චාත් උපාධිය කිරීමත් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයකින් ලැබුවෙමි. නමුත්, ඔබතුමාට මා සමාන නොකරන්නෙමි. ඊට හේතුව, අප සමාජයේ විශ්ව විද්‍යාල ඇදුරන්ට තිබෙන්නාවූ ගරුත්වය ආරක්ෂා කල යුතු බැවිනි. නමුත්, එම හේතුවෙන් පච බෙදීම ඔබට තවදුරටත් කල නොහැක්කකි.

:       41       105

kalpa Monday, 12 February 2018 11:41 AM

මහාචාර්යතුමා හරියටම හරි... පරාජයට හේතුවත් ඕකම තමයි.

:       61       152

janahitha Monday, 12 February 2018 11:52 AM

පොරොන්දු කඩකිරීම නොවේ. ඔහෙලගේ අවස්ථාවාදී බොරු ප්‍රකාශන ජනතාව විශ්වාස නොකිරීමයි.

:       98       625

rocky Monday, 12 February 2018 01:00 PM

ඔව් මහාචාර්යතුමා. එපමණක් නෙවි. බලය නුසුදුසු ලෙස යොදා ගැනීම. උපදේශකයන් හැටියට විෂය ක්ෂේත්‍රය ගැන කිසිම දැනුමක් අවබෝධයක් නැති නුසුදුස්සන් පත් කිරීම. එක ඇමතියෙක් කෙරුව වගේ එක පවුලේ දෙතුන්දෙනෙකුට උපදේශක තනතුරු දීම. මාධ්‍ය අංශය පන්දම්කාර අදක්ෂයන් යෙදවීම. තානාපති සේවයට නුසුදුස්සන් පත් කිරීමේ. හාල්,සහ වැලි ජාවාරම්, පරිසර පාලුවන්ට එරෙහිව ක්‍රියාත්මක නොවීම, සයිටම් ජල්බරිය, වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රය රාජකීය මට්ටමෙන් ආක්‍රමණය කිරීම, සමහර අවස්ථාවාදී එන්.ජී.ඔ. කාරයන්ට බිය වීම, මහා බැංකු හුටප්පරය. කඩුව වනන බව කීවාට කාටවත් කොටන්නේ නැතුව සිටීම.. ඕව මේවා.. හින්ද නිකං සවුත්තු වුණා. මේක හොඳ පාඩමක්. දැන්වත් බලමු වෙනසක් වේවිද කියල!

:       1       87

anandaTuesday, 13 February 2018 07:30 AM

නමුත් ඔය කියන ඒවායින් 90% පරණ අයත් කල නේද? ඉස්සරහටත් නොකර ඉදියිද ? NGO කාරයින්ට නම් බය උනේ නැහැ නමුත් තර්ජනය පෙන්වල අපිව බය කලා විදුලි පුටු එහෙම මතක් කරලා

:       0       0

CSK Monday, 12 February 2018 01:18 PM

රට අස්ථාවර කරන්න පුළුවන් ඕනෑම වෙලාවක එළියට බහින එන්.ජී.ඕ කාරයෝනේ.. මෝඩ මිනිස්සු ඔහෙලගේ කතා අහනවා.

:       15       394

පිටිගල මිලානෝ Monday, 12 February 2018 01:34 PM

තාත්තේ මට ලැම්බෝගිනියක් අරන්දෙන්න කියපු කෙනා සහ එයාලගේ කට්ටිය දැන් පේන්න නැහැනේ.

:       0       171

Mama NGO Monday, 12 February 2018 01:38 PM

කාලෙකට පස්සේ එළියට බැහැලා වගේ....

:       5       272

maal Monday, 12 February 2018 01:53 PM

මේ ඡන්ද ප්‍රතිඵල ඇත්ත ඒවාද? අයි.ටී. හෙන්චයියලාගේ ජිල්මාර්ට් එකක්ද දන්නේ නැහැ. ඔබට මතකද 2010යේ එවකට ජෙනරාල් එස්.එෆ්. ජනපතිවරණේ දිනන වෙලේ ඡන්ද කොමසාරිස්ව අරලිය ගහ මැදුරේ හිරකරගෙන දාපු පරිගණක ජිල්මාර්ට්. ඒ වෙලාවේ රනිල්වත් සෝමවංශවත් ඉදිරිපත් වුනේ නැහැ එස්.එෆ්. ගේ උදව්වට. කවුද දන්නේ අයි.ටී. පැත්තේ හිටියේ මහින්දගේ මිනිස්සුද කියලා..

:       662       6

ගුණවර්ධනMonday, 12 February 2018 04:46 PM

පරාජයේ වියරුවෙන් කටට එන දේවල් කියවන්න එපා. එහෙනම් ඔතන ඉන්න ඕන ආණ්ඩුවේ කට්ටිය. දුක ඇති නේද ..?

:       1       221

chinthaka Monday, 12 February 2018 02:01 PM

මේ ගොල්ලෝ ඡන්දෙ දුන්නේ අලියට, ඉතින් මේ එන්.ජී.ඕ නාදය දන්නේ කොහොමද? මහජනතාව පොහොට්ටුවට ඡන්දෙ දුන්නේ මොනවා බලාගෙනද කියලයි. මම නම් පොහොට්ටුවට ඡන්දෙ දුන්නේ යහපාලන ආණ්ඩුවට උපදෙස් දෙන, ඩොලර් ගිලින මෙන්න මේ එන්ජීඕ නඩය පන්නලා දාන්න..

:       718       671

joker Monday, 12 February 2018 03:15 PM

එන්.ජි.ඔ. පවර්

:       0       68

lucky Monday, 12 February 2018 03:24 PM

සියලුම පක්ෂවල නායකත්ව වෙනස්කම් අහවරයි. දුන් පොරොන්දු ඉටුකළ යුතුයි. නිව්ස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීම අවුරුදු කීපයකට තැබිය යුතුයි. විගණන පනත අත්‍යාවශ්‍යයි. හොරුන්ට දඬුවම් දීමට විශේෂ අධිකරණ 2ක් වත් අවශ්‍යයි. අනාගතයෙහි මූලික අයිතිවාසිකම් තද කළහොත් දැඩි දඬුවම් දීමට හැකි නීති ගෙනආ යුතුයි. වර්ජන හා තර්ජන කරන්නන්ට දැඩි දඬුවම් පැමිණ විය යුතුයි. එජාපයට වෙනත් නායකයෙකු අවශ්‍යයි.

:       0       0

janaka Monday, 12 February 2018 03:26 PM

නාමල් මහතා මීළඟ අගමැති කරමු.

:       100       0

Chandra Monday, 12 February 2018 04:09 PM

මේ ඔක්කොම හිතන්නේ ඒ ගොල්ලෝ දිනුම් කියල. රටට වෙලා තියෙන්නේ මොනවාද කියල දන්නේ නැහැ . හිතන්න උවමාවක් නැහැ . රටට තිබෙන ණය කන්දරාව ගෙවල ඉවර කරන්න අමාරුයි. ඒ ණය කොමිස් මුදල්. ඒවා ගෙවන්නේ අපි. කොච්චර මහන්සි වෙලා හම්බ කලත් හැමදාම ගෙදර වියදම දරා ගන්න බැහැ. දැන් රට ගිය අයටත් එච්චරයි. ගොඩ එන්න පුළුවන් ගංජා , එතනෝල් සහ කුඩු ව්‍යාපාර කලොත් විතරයි, මාසික පඩියක් අරගෙන ජීවත් වෙන්න බැහැ. හා බොරුද ? කව්ද දිනලා තියෙන්නේ බැලින්නම්, රට හදන්න යන අය විතරයි. ප්‍රාදේශීය සබාවට තේරුනත් ටික දවසකින් යන වාහන ටික බලන්න. හුරේ දදා ඉමු, අනාගත පරම්පරා අනාතයි. ඒ අයත් යහපත් පුරවැසියෝ වෙන්නේ නැහැ. මොකද ආදර්ශයක් ගන්න කෙනෙක් නැහැ. හැමෝම මුදල් පස්සේ හඹා යනවා, එසේ කරන්න පුරුදු කරලා, මේ දේශය පාලනය කරන අය. අපි ලිව්වට දැන් අවංක මිනිසුන් බිහි කරන්න බැහැ. එකයි හැමෝම එකතු වෙලා රට ගොඩ ගන්න ඕන කියල මතයක් ආවේ. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ . පක්ෂ පාට ලොකුයි මේ ඉපදුන රටට වඩා .

:       0       570

Ajith NissankaMonday, 12 February 2018 06:13 PM

අනේ චන්ද්‍ර ඔයා වගේ ඇත්ත ඒ විදියට තේරුම් ගන්න අය ඉන්නවානම් මේ හොර දේසපාලුවන් මේ විදියට නටන්නේ නැහැ!

:       0       68

BamunuarachchiTuesday, 13 February 2018 02:31 AM

අපි වෙනස් කලයුත්තේ දෙසපළුවන් නොව උන්ට චන්දය දෙන මිනිසුන්වය

:       0       0

BamunuarachchiTuesday, 13 February 2018 06:57 AM

හොරු හොරු කියනවා මොනවාද හොරකම්කෙලේ කියලා පැහැදිලි කරන්න. ණය ණය ගත්තා කියනවා මොනවාටද ණය ගත්තේ කියල්ලත් පැහැදිලි කරනවානම් හොදයි.

:       0       11

Ajith NissankaTuesday, 13 February 2018 05:36 PM

පාර්ලිමේන්තුවේ ගිණුම්කාරක සභා වාර්තා අරගෙන ගණන් එකතු කිරීම සහ අඩුකිරීම දන්නේ නැත්නම් ඉගෙන ගෙන බලන්න එතකොට තමන්ට තේරේවි මේ රට කොතරම් ණය උගුලක හිරවෙලාද කියල! හැබැයී මතක ඇතිව ඔය පාට කන්නාඩියත් ගලවන්න හොදේ! වර්ණ අන්ධභාවය තියන අයට ඒවා කියවා තේරුම් ගන්නවා බොරු!

:       0       7

bamunuarachchiWednesday, 14 February 2018 02:29 PM

අපි බැංකු වංචාව ගැන ඉගෙන ගත්තෙත් පාර්ලිමේන්තුවේ ගිණුම්කාරක සභා වාර්තා කියවලාද.

:       0       0

BamunuarachchiThursday, 15 February 2018 06:38 AM

අජිත් මහතා එකතු කිරීම අඩුකිරීම් කොහොම උනත් නඩුදාළ වැරදිකාරයො කරලා තිබෙන්නේ බෙදිල්ලට. සිල්රෙදි බෙදිල්ලට ලිත් බෙදිල්ලට. ඇමතිකම් දාලා ගෙදර යන්න උනේ තමන්ගේ ගොඩට වැඩි කල නිසා. ඔන්න බෙදීම සහ වැඩි කිරීම පාවිච්චි කරතිබෙන ආකාරය

:       0       0

Raveendra Monday, 12 February 2018 05:37 PM

හැබෑවට. මේ අය පොරොන්දු වුනාද මොනවා හරි ?අනේ අපි දැනගෙන හිටියේ නැහැ නොවැ.

:       0       32

BamunuarachchiTuesday, 13 February 2018 07:06 AM

වෙච්ච පොරොන්දු ඔබ නොදන්නවාට දන්නා අය දන්නවා

:       0       0

Rohana Tuesday, 13 February 2018 02:05 AM

ජීවන වියදම,අදික බදු ,සහනාදාර කපා හැරිම, පොහොර ලබා නොදීම, ආන්ඩුවේ මෙම පරාජයට හේතු වී ඇත, පිඩාවට පත් ජනතාවගේ ජයග්‍රහණයක්. කුජිත වෙන්නේ නැතුව මැතිවරණයකට යන්න.

:       0       0

Bamunuarachchi Tuesday, 13 February 2018 02:26 AM

කොහොමද මහින්ද එයා උන පොරොන්දු ඉෂ්ට නොකෙරුවානම්? අපි අද කොහෙද? අමතක කොරන්නෙපා අපි මහලොකුවට මහජාතිය කියලා උදම්අනුවාට මහාවංසය කියන්නේ අපේ පලමු රජු ඉන්දියානුවෙක් අන්තිම රජුත් ඉන්දියානුවෙක්, තව පොඩ්ඩෙන් දැනුත් අපිව පාලනය කොරන්නේ ඉන්දියානු සම්බවයක් තිබෙන එවුන්. අපිව බේරාගත්තාට ඔබට ස්තූති මහින්ද මහතානනී.

:       0       0

lanka Tuesday, 13 February 2018 02:27 AM

මහාචාර්යතුමා, බැදුම්කර ගැන මොනවා හරි කියන්න තියනවද. ඔයාට එක මතක නැතුව ඇති නේද.

:       0       0

thusita Tuesday, 13 February 2018 05:30 AM

ඔය වගේ මිනිස්සුන්ව ජතතාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ කට පියාගන හිටියොත් හොදයි

:       0       2

Rohana Tuesday, 13 February 2018 05:42 AM

නෑ නෑ එක නෙමෙයි බලයට ආවට පස්සේ කොච්චර පොරොන්දු ඉටුකලත් ජනප්‍රියතාවය අඩුවෙලා ඡන්දත් අඩුවෙනවා. ඒ මගින් අනිත් පැත්තට ඉබේම ඡන්ද එකතු වෙනවා. ලංකාවේ දේශපාලනයේ හැටි එහෙමයි. JR මේක දන්නා නිසා තමයි ඡන්ද දිනන්න උපක්‍රම පාවිච්චිකලේ. හැබයි වත්මත් පාලනය නම් පොරොන්දු ඉටුකලා කියල සතුටුවෙන්නත් බැහැ.

:       0       0

Bamunuarachchi Tuesday, 13 February 2018 07:05 AM

"නෑ නෑ එක නෙමෙයි බලයට ආවට පස්සේ කොච්චර පොරොන්දු ඉටුකලත් ජනප්‍රියතාවය අඩුවෙලා ඡන්දත් අඩුවෙනවාලු" අනේ මේ ගොල්ලෝ ඉටුකළ පොරොන්දු මොනවද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 108 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’
2025 පෙබරවාරි මස 05 157 0

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’
2025 පෙබරවාරි මස 05 105 0

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි
2025 පෙබරවාරි මස 05 159 0

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි
2025 පෙබරවාරි මස 05 181 0

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 449 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site