පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකුවේ ප්‍රාථමික අලෙවිකාරිත්වයෙන් ඉදිරි මාස හයක් සඳහා බලපැවැත්වෙන පරිදි ඉවත් කිරීමට තීරණය කර ඇත.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර මීට ඉහතදී අත්හිටුවා තිබූ අතර එම සමාගමට අලෙවිකරුවෙකු ලෙස ව්‍යාපාර කටයුතු හා ක්‍රියාකාරකම් සිඳුකිරීමට නොහැකිය.
මෙය අද(5) සිට බලපැවැත්වෙන පරිදි ඉදිරි මාස 6 සඳහා ක්‍රියාත්මකය.
බැංකු නොවන මූල්‍ය ආයතන නියාමනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගත් තීරණය අනුව මෙය ක්‍රියාත්මක කෙරෙන අතර ඒ අනුව 2018 ජනවාරී මස 4 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම්2018 ජනවාරි මස 5 වන දින පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස 6ක කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට මහ බැංකුව විසින් තීරණය කර ඇති බව නිවේදනයක් මඟින් දන්වා ඇත.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පර්පෙචුවල් සමාගමට මහ බැංකුවෙන් වාරණයක්
Bamunuarachchi Friday, 05 January 2018 04:11 PM
කෙලවෙනවා නේද තැන්පත්කරුවන්ට ලැබුණු පොළියට?
BamunuarachchiSaturday, 06 January 2018 05:39 AM
මම කියන්නේ රටේ ආර්ථිකය කාට ගියත් සාමාන්‍ය මිනිසුන්ගේ තැන්පතුවලට 11.5 පොළියක් ලැබුණා දැන් එ්ක නැතිවෙන්නයි වගේ යන්නේ. මහබැංකුවට හෙන වැදුනත් අපට කමක් නැත රවී අපට වීරයෙකි. ඔහු නිසා ලොකුපොළියක් අපිට ලැබුණා.
Upali Saturday, 06 January 2018 03:25 AM
බැඳුම්කර මහා මංකොල්ලය මෙහෙය වූ රාජ්‍ය නිලධාරීන්ට, මන්තී‍්‍රවරුන්ට, අල්ලස් දී අයුතු ලෙස කටයුතු කළ මෙම ආයතනයට, මාස 6 ක දඬුවමක් නොව කිසිම දිනක මහ බැංකුවේ ප‍්‍රාථමික ගැණුම් කරුවකු ලෙස කටයුතු කළ නොහැකි වන සේ බ්ලැක් ලිස්ට් කළ යුතුය.