IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පර්පෙචුවල් සමාගම ආදායම් බදු ගෙවා නෑ

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

අනෙකුත් ප‍්‍රාථමික ගැණුම්කරුවන් අතුරින් පසුගිය කාලයේ වැඩිම ලාභය වු රුපියල් කෝටි 504ක් ලබාගෙන ඇති පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම 2015/2016 මුදල් වර්ෂය සඳහා ආදායම් බදු හෝ ගෙවා නැතැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නොවන ආයතන අධීක්‍ෂණ දොපාර්තමේන්තුවේ  සහකාර අධ්‍යක්‍ෂක සුරේෂ් ප‍්‍රසන්න සේදර මහතා අද (21) හෙළි කළේය.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ලබාගෙන ඇති රුපියල් කෝටි 504ක් වු වැඩිම ලාභය ප‍්‍රතිශතයක් ලෙස බැලීමේදී සීයයට 80.4ක් බවද බැඳුම්කර වෙළඳ පොළේ ප‍්‍රාථමික ගැණුම්කරුවන් 16දෙනෙකුගේ මුල්‍ය වාර්තා කොමිසමට ඉදිරිපත් කරමින් සේදර මහතා පෙන්වා දුන්නේය.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම හැර ‘ෆස්ට් කැපිටල්’ යන ප‍්‍රාථමික ගැණුම්කරුද 2015/2016 මුදල් වර්ෂය සඳහා ආදායම් බදු ගෙවා නැති බවත් අනෙක් සියලු ප‍්‍රාථමික ගැණුම්කරුවන් ආදායම් බදු ගෙවා ඇති බවත් ඔහු සඳහන් කළේය.

2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නොවන ආයතන අධීක්‍ෂණ දොපාර්තමෙන්තුවේ  සහකාර අධ්‍යක්‍ෂක සුරේෂ් ප‍්‍රසන්න සේදර මහතා සාක්කි දෙමින් මෙම තොරතුරු හෙළි කළේය.

සුරේෂ් ප‍්‍රසන්න සේදර මහතා බැඳුම්කර වෙළඳපොළේ ප‍්‍රාථමික ගැණුම්කරුවන් 16දෙනෙකුගේ මුල්‍ය වාර්තා කොමිසමට ඉදිරිපත් කළ අවස්ථාවේදී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් හා සහ  ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් එම මුල්‍ය වාර්තා අධ්‍යනය කිරීමට තමන්ට අවශ්‍ය බව දැනුම් දුන් අවස්ථාවේදී ප‍්‍රාථමික ගැණුම්කරුවන් 16දෙනෙකුගේ මුල්‍ය වාර්තා වල රහසිගත මුල්‍ය තොරතුරු අඩංගු හෙයින් අදාළ ආයතන වල නම් මකා දැමීමෙන් පසු මේවායේ පිටපත් ලබාදිය හැකි බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කොමිසමට දැනුම් දුන්නේය.



අදහස් (8)

පර්පෙචුවල් සමාගම ආදායම් බදු ගෙවා නෑ

ධම්ම Wednesday, 21 June 2017 01:35 PM

පර්පෙචුවල් සමාගමට ජයවේවා! යි මගේ පැතුමයි.

:       2       6

කසුන් Wednesday, 21 June 2017 01:53 PM

මේවා තමයි අපරාධ. 60,000ක ලාබෙටත් පොඩි සමාගම් බදු ගෙවනවා. ගෙවන්නේ නැත්නම් නඩුත් දානවා. අනේ අපොයි!!! මෙහෙම රටකනේ අපි ජීවත් වෙන්නේ .....

:       0       16

RMS. Ariyathna. Wednesday, 21 June 2017 04:32 PM

මේ රට ඉදිරි කාලයේ දේශපාලකයන්ටත් තක්කඩියන්ටත් පමනයි . සාදාරණ සාමානyය මිනිසුන් ලොකෙ වෙනත් තැනක් ජීවත්වන්න හොයගන්නවා හොදයි. කොයි පක්සෙත් එකයි, කොයි දෙශපාලකයත් එකයි.

:       0       3

PITIGALA MILANO Thursday, 22 June 2017 01:15 AM

හොරු අල්ලන්න ආව අය දැන් මොන හොරාවද අල්ලන්නේ? විනිමය හොරාවද හිටපු හොර රැලද?

:       1       5

Senarath Thursday, 22 June 2017 03:41 AM

මේ තරම් වැරදි කරලත් මොවුන් තවම වැජබෙනවා. පොඩි එකෙක් වරිපනම් රුපියල් 100 නොගෙව්වම ගෙදර තියෙන බඩු මුට්ටු ටික උස්සගෙන යනවා. මේක පිටිපස්සේ ඉන්න තෝරු මෝරු ටිකට ගැලවිලා යන්න පුළුවන් විදියට කොමිසමක් දමාගෙන කරන්නේ එක නෙමෙයිද ? මේකද කියපු යහපාලනය ?

:       0       12

sachith Thursday, 22 June 2017 03:48 AM

මේකෙන් දැන් ආදර්ශය, බස් වල, කොච්චි වල පොකෙට් ගහන්නේ නැතුව කෙලින්ම බිලියන ගානක් හොරකම් කරන්න ඕනි. පොලීසියෙන් බැටන් පොලු ප්‍රහාරත් නැ, සැලියුට් ගහල පිළිගන්නේ.

:       0       15

lanka Thursday, 22 June 2017 05:49 AM

නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ වගේ වුණාම නීතියක් නැහැනේ....

:       0       0

vipula Thursday, 22 June 2017 07:15 AM

ලංකාවේ එහෙම වෙන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 661 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 185 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 548 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 137 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1826 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site