ලබන වසරේදී සැලකිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් වයස අවුරුදු 70 ඉක්මවා යනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් දත්තවලට අනුව ලබන වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකු වයස අවුරුදු 70 සම්පූර්ණ කරනු ඇතැයි ද ඒ අනුව පාර්ලිමේන්තුවේ සිටින වයස අවුරුදු 70 ඉක්මවූ සමස්ත මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 20 ඉක්මවනු ඇතැයි ද පැවසේ.
ඊට අමතරව මේ වසරේදී මන්ත්‍රීවරුන් තිදෙනකු වයස අවුරුදු 69ක් වනු ඇතැයි ද තවත් මන්ත්‍රීවරුන් සිව්දෙනකු වයස අවුරුදු 65ක් සම්පූර්ණ කරනු ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව වත්මන් පාර්ලිමේන්තුවේ කාල සීමාව අවසන් වන 2020 වසර වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් නවයෙන් එකක් වයස අවුරුදු 70 සම්පූර්ණ කරනු ඇත.
වයස්ගත ජනගහනය වැඩිවීම ශ්‍රී ලංකාව හමුවේ තිබෙන ප්‍රධාන සමාජ ආර්ථික ප්‍රශ්නයකි. වසර 2010 දී ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් මිලියන 2.5ක් වැඩිහිටියන් වූ අතර වසර 2011 දී සමස්ත ජනගහනයෙන් අවුරුදු 60 ඉක්ම වූ පිරිස සියයට 12.5ක් විය. වසර 2025 වනවිට සමස්ත ජනගහනයෙන් සියයට 16.7ක් වනු ඇතැයි ද වසර 2041 වනවිට සමස්ත ජනගහනයෙන් සියයට 24.8ක් එනම් සමස්ත ජනගහනයෙන් හතරෙන් එකක් වයස අවුරුදු 60 ඉක්මවූවන් යැයි ද දත්ත වාර්තා සඳහන් කරයි.
055
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පාර්ලිමේන්තුවේ 70 පිරුණු ගණන වැඩිවෙයි
Dr Edward Perera Tuesday, 02 January 2018 02:36 PM
ගුත්තිල කතාවේදී ගැටුමකින් තොරව දක්ෂ ගෝලයාවූ මූසිලට රජ වාසල ගාන්ධර්වකම පැවරීමට මහලු වියේ සිටි ගුත්තිල අදුරු තුමා කැමති වුවත් රජතුමාගේ මුග්ධ තීරණයක් නිසා වීණා වාදන තරඟයකට යාමට දුබල ගුත්තිලට සිදුවුනා. ඔහු කෙතරම් දුබල වීද යත් ශක්‍රයාගේ උපක්‍රමය වූ ගුලි 3 මත තමාගේ පැවැත්ම තීරණය කරන්න පෙළඹුනා. ගුත්තිල ජය ගත්තේ තමා දැන උගත් ශාස්ත්‍රයෙන් නොව ශක්‍රයාගේ උප්පරවැටියකින් බව දැන් කුඩා දරුවන් පවා දන්නවා. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මහල්ලන්ගේ සංඛ්‍යාව වැඩිවනවා කියන්නේ ඊට සාපේක්ෂව තරුණ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවේ පහළ යාමකි. එදා ගුත්තිලට ශක්‍රයා දුන්නේ ඔහු ළඟ තිබු එකම ගුලි තුන නම් පාර්ලිමේන්තුවේ ඉහළ යන මහලු මැති ඇමති වරුන්ට අබම සරණයි!
RaveendraTuesday, 02 January 2018 03:20 PM
Dr Edward Perera මයා වෙත, ඔබගේ අදහස් කාලෝචිත වන අතර සමහරුන්ට එය වැටහේද යන්න නැවතත් සිතිය යුතුය.
Dr Edward PereraTuesday, 02 January 2018 11:52 PM
රවීන්ද්‍ර සොයුර, මා මෙහි තනි වුවා කියා හැඟීමක් ඇති නොවුනත් බුද්ධිමත් විමසුමකදී මාහා එක්වන්න ඔබට සිත් වීම මගේ හිතට ලොකු ධෛර්යයක්. මුළු ඉතිහාසය පුරාම ගැල් තවලම් වලට බල්ලන් බිරුවත් තවලම් කරුවෝ ගැල් නවතා ලූයේ නැහැ. බල්ලන් ඒ බුරන්නේ, මේ මිනිසුන් ගැල් පදවන්නේ ජීවිත රැකුමට බව නොදැනයි යන්න දන්නා නිසා එවැනි බල්ලන්ට පාඩම් උගන්වන්න කියා බුද්ධිමත් කිසිම ගැල් කරුවෙක් ගැල නැවත් වුයේ නැහැ.
SajithWednesday, 03 January 2018 02:35 AM
ගුත්තිල ජාතකේ අන්තිම හරියවත් හරියට මතක නැති, ඕනෑම දෙයක් බුදු දහමත් එක්ක පටලවල විහින් ලැජ්ජාවට පත්වෙන, ඒත් ඒකෙන් ලජ්ජාවට පත් වුනා කියලවත් තේරෙන්නෙ නැතුව ඉන්න අන්‍යාගමිකයන් ගැන අපිට තියෙන්නේ අනුකම්පාවක්.
ගිහාන්Tuesday, 02 January 2018 04:32 PM
වීණාව මීයන් කන තරම් අමිහිරි වාදන හැකියාවක් තිබූ දුර්වලම ගෝලයා, බොහොම කරුණාවෙන් දියුණු කරල රාජකීය වාද්‍ය මණ්ඩලයට මූසලව හඳුන්වා දුන්නේ ගුත්තිල. ගුත්තිල කියන්නේ එහෙම දක්ෂයෙක්. තමන් දත් සියළු ශිල්ප ගුරු මෘෂ්ඨියක් තියා ගන්නේ නැතිව උගන්නපු එකට මූසිල සම පඩි ඉල්ලල රාජ සභාව ඉස්සරහ වැලපෙනකොට ඒකටත් අනුකම්පා කරල වනගත වෙච්ච ගුත්තිල ඇදුරුතුමා ගැන කම්පා වුනු සක් දෙවිඳුගේ ඉල්ලීමෙන් තමා තරඟ කරන්න ආවෙ. ඒ ගුලියෙන් දිනන්න නෙමේ, තත් සිඳීමේ සිද්ධාන්තයෙන් දිනන්න. ඒක උගන්නන්න බැරි අත්දැකීමෙන් ගත් ශිල්පයක්. ගුලි උඩ දැම්මම ආවෙ දිව්‍යාංගනාවන් මිස සංගීතය නෙමේ. ඒ කියන්නේ සංගීතයෙන් ගුත්තිල දිණුවේ අත්දැකීමෙන්. ඒක මූසිල පරම්පරාවෙ අයට තේරෙන්නේ නෑ (ආචාර්ය) එඩ්වඩ් පෙරේරා.
sugathWednesday, 03 January 2018 02:26 AM
ගිහාන් හරි. මෙතන දන්නවා කියල පෙන්නන්න හදන මහත්වරු පෙන්නන්නේ තමුන්ගේ නොදැනුවත්කම. ඉස්සෙල්ල ගුත්තිල ජාතකේ හරියට කියවල ඉන්න ඕනේ. කොහෙන් හරි අහගත්තු දෙයකින් තමුන් උගතා කියල පෙන්නන්න ගියාම වෙන්නේ තමුන්ගේ නූගත්කම පෙනෙන එකයි .
තිලකරත්නTuesday, 02 January 2018 04:36 PM
මේ ඉස්සෙල්ල ගුත්තිල ජාතකේ හරියට කියවලා එන්න. ඔයාට ගුත්තිලයි මූසිලයි පැටලිලා
mahinda gamahe Tuesday, 02 January 2018 04:02 PM
රටේ බදු ගෙවන ජතාවට දෙවියන්ගේම පිහිටයි.
minipe Tuesday, 02 January 2018 05:09 PM
දොස්තර පෙරේරාගේ සුරංගනා කතාව හරිම රසවත් අනේ.
Nandalal DE SILVA - France Tuesday, 02 January 2018 05:37 PM
එහෙම නම් දැන් ඒකෙ නමත් ළඟදීම වෙනස් කරන්න වේවි. "දියවන්නා ඔය වැඩිහිටි නිවාස සංකීර්ණය" කියා නම වෙනස් කරමුද ? සමහර දරුවන් සිය දෙමාපියන් වැඩිහිටි හෝ මහළු නිවාස වලට ගෙනත් දමා යනවා ඔවුන් ගෙදර හිටියත් වැඩක් පලක් කරන්න බැරි නිසා. දැනට "දියවන්නාවේ මහ ගෙදර" ඉන්න සමහර අය ඔතැනට ගෙනත් දාපු ඡන්දදායකයන්ට තේරිලා තියෙනවා මේගොල්ලන්ට හරියට වැඩක් කරන්න බැරිබවත්, පින් පඩියක් වගේ "සොච්චම්" දීමනාවකින් ජීවිතේ ගැට ගහගන්න බැරි නිසා නිතරම මහජනයාට අතපාන හෙයින් ඔවුන් වැඩිහිටි නිවසකටම දමන එක වඩා සුදුසුය කියා !
de silva berlin Tuesday, 02 January 2018 07:14 PM
යුරෝපයේ ආර්ථික වශයෙන් වැදගත්ම රටක් වන ඔස්ට්‍රියාවේ ජනාධිපතිගේ වයස අවරුදු 31 කි , ප්‍රංශයේ ජනාධිපතිත් ඔහුට වැඩිය වයසින් වසර කිහිපයකින් වැඩිමහල්ය. මොවුන් දෙදෙනාම උගත් පුද්ගලයන් වන අතර මෙයට පෙර මොවුන්ගේ පවුලේ සමාජිකය දේශපාලනය දී නැත. අපේ රට වසර 30-40 ඉඳන් පාලනය කලේ එකම සෙට් එකකි. වරෙක ඔවුන් ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද සිටිති. නවක මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුත් පිරිසක් මොවුන්ගේ දු දරුවෝය. එහෙම නැත්නම් ලඟම නෑයන්ය, අපේ රටේ ජනතාවගේ ජිවන තත්වය දිනෙන් දින පහත වැටෙන අතර පෙරකී රටවල මිනිසුන් යහතින් ජීවත්වෙති
siri Tuesday, 02 January 2018 10:23 PM
සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවැනි අදියර යටතේ ඉන්දියාවෙන් ලැබෙන ගිලන් රථ 209 ය වෙන කොහෙවත් යවන්න මහන්සි වෙන්නේ නැතුව පාර්ලිමේන්තුව කිට්ටුවෙන්ම ගාල් කර තියන්න තමා වෙන්නේ.
Rohana Wednesday, 03 January 2018 02:23 AM
රටට වැඩකරන්න තියෙන්නේ පුදුම උනන්දුවක්. රටට දෙවියන්ගේම පිහිටයි.
Perera Wednesday, 03 January 2018 02:29 AM
ඉහල අධිකරණ විනිසුරුවන්ට හැර ( එයාලට 65දි විශ්‍රාම ගත යුතුයි ) රජයේ සියලු සේවකයන් අවුරුදු 55දි විශ්‍රාම යායුතු නම් රටේ දේශපාලඥයින්ටත් එම නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි????
Nandalal DE SILVA - FranceWednesday, 03 January 2018 11:33 AM
රටේ නීති හදන අයට ඒ නීති බල නොපාන අන්දමේ නීතියකුත් හදාගෙන තියෙන නිසා නේ එහෙම වෙන්නේ !!!