IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ප්‍රශ්නපත්‍ර සිද්ධියේ වෛද්‍ය පියා ඇප මත මුදාහරී

(ටෝනි කරුණානායක)

මෙවර  උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි පාසල් සිසුවාගේ වෛද්‍ය පියා ඇප මත මුදා හැරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා  අද (4) නියෝග කළේය.

එක් අයකුට රුපියල් 10,000 බැගින් වු මුදල් ඇපයක් ද ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.  අදාල ටියුෂන් ගුරුවරයා සහ ඔවුගේ සොහෝදරයා ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ් කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



අදහස් (22)

ප්‍රශ්නපත්‍ර සිද්ධියේ වෛද්‍ය පියා ඇප මත මුදාහරී

Chanak Los angeles Monday, 04 September 2017 06:54 AM

මේ සිසුවායි නාමල් බේබියි කර තිබෙන්නේ එකම වර්ගයේ දෙයක්... වෙනස නම් එම සිසුවා චූදිතයෙක් වුණා. නාමල් බේබි නීතිවේදියෙක් වුණා.

:       698       858

සිවුපා දෙනිය​ Monday, 04 September 2017 07:08 AM

සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන්න.

:       245       1261

ONE SRILANKANMonday, 04 September 2017 07:57 AM

ඔබ හරි, විභාග දෙපාර්තමේන්තුවත් එක්ක මෙහෙම සාමාන්‍ය ජනතාව සෙල්ලන් දානවා නම් සයිටම් නෙවිල්ටත්, රජිත් එකමුතුව මොන ජාතියේ සෙල්ලම් දමනවා ඇත්ද? ඉදිරියේ මොන සෙල්ලම් කරයිද? නීතිය සාධාරණ වෙනවා නම් කොච්චර වටිනවද? සයිටම් වැසිය යුතුය. බලධාරීන්ට මේ ගැන ඇස් කන් නාසා නැත. අපි ඡන්දෙ දීලා අපේ සිසු දරුවෝ 7000 කටත් වැඩිය පාරේ... අපි අසරණයි.

:       34       512

SamanMonday, 04 September 2017 03:06 PM

එතකොට ඔහේ ඡන්ද පොළට මංගච්චලා, ඡන්ද පොජ්ජ දුන්නෙ මෛත්‍රිට නොවෙයියැ ?

:       6       23

UpulMonday, 04 September 2017 04:38 PM

මෙයා මේ අවුරුද්දෙ ජූලි මාසෙ මෙතන ලිව්ව 12000 ක් පාරෙ කියල, අද ලියනව 7000 ක් පාරෙ කියල.. ඉතුරු 5000 පන්තිවලට ගියාද ? එහෙමනම් නොවැම්බර් වෙනකොට ඔක්කොම පන්තිවලට යයි, ඒ නිසා සයිටම් වහන්න ඕනෙ නෑ.. ඔහොම යං...

:       3       5

රොමේෂ් Monday, 04 September 2017 07:14 AM

මේ උද්දච්ච පියයි, මන්ද බුද්ධික ගුරයි එකතුවෙලා අහිංසක දරුවෙකුගේ මුළු ජීවිතයම විනාශකරලා දැම්මා. ගුරත් ඊළඟ සතියේ ඇපමත නිදහස් වෙයි. ආයෙත් ගුරුකම පටන් ගනී පුරුදු විදිහටම. නමුත් මේ දරුවාගේ ජීවිතයම ඉවයිනේ. හරිනම් වෙන්න ඕනා මේ ගුරාගෙයි, ගුරාගේ සහෝදරයගෙයි, පියාගෙයි ප්‍රජා අයිතිය අවුරුදු දෙකකට විතර නැතිකරලා, දරුවාගේ විභාගවලට පෙනී සිටීමේ අයිතිය අවරුදු 10 විතර අත්හිටුවීම. දරුවට අවරුදු තිහක් වගේ වෙද්දී තේරෙයි විභාගයක් කියන්නේ මොකක්ද කියන දේ. තවත් දරුවෝ කී දෙනෙක්ගේ බලාපොරොත්තුද තමන් සුන්කරන්න හැදුවේ කියනදේ. මම හිතන්නේ එදාට මේ දරුවට අයිතියක් තියෙන්න ඕනෑ... වැඩිහිටියන් විසින් තමන්ව යොමුකළ වැරදි මගෙන් හරි මගට පිවිසිලා තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න.

:       10       313

සමන් - ඕමානයMonday, 04 September 2017 11:56 AM

රොමේෂ්, වරදට දඬුවම් දිය යුතුයි, ඔහුට වගේම අනික් අයටත් පාඩමක් වෙන්න. ළමයා ගැන දුක්වෙන්න එපා. ඔහුට අනාගතයේදී විභාග දෙපාර්තමේන්තුවේ විභාග වලට පෙනීසිටීමට නොහැකි වුණත්, පිටරට විභාග හෝ පෞද්ගලික අධ්‍යාපන ආයතන වල විභාග වලට පෙනී සිටින්නට බාධාවක් නෑ. ඔහු කොම්පියුටර් තාක්ෂණයෙන් දක්ෂයෙකු නිසා ඒ මගින් ඉදිරියට යයි. ඉගෙනගත් පාඩම නිසා හොඳ පුරවැසියෙකු ලෙස ජීවත් වේ යැයි පතනවා.

:       11       11

sam Monday, 04 September 2017 07:19 AM

සයිටම් උද්ඝෝෂණ වලට යන්න තියනවා කියලා උසාවියට මෝසමක් ඉදිරිපත් කරන්න ඇති.

:       154       127

de silva Monday, 04 September 2017 07:53 AM

මොන වරද කරත් මේ දොස්තරගේ ප්‍රමිතිය හොඳ ඇති , කොහොම කලත් සයිටම් දොස්තරලගේ ප්‍රමිතිය අඩුනේ ? එකනේ අපිට තිබෙන ලොකුම ප්‍රශ්නේ ?

:       40       226

kithsiri Monday, 04 September 2017 09:04 AM

දොස්තර කෙනෙක් වරදක් කළහම, එක එයාගේ වෛද්‍ය උපාධීයෙ ප්‍රමිතිය මනින්න යොදාගන්න තරම් මෝඩ කමෙන්ට් සමහරු දාන්නේ නොදැනමද? වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය අනුව නෙමෙයි කෙනෙක් හොර වැඩ කරන්නේ, තමාගේ ආකල්ප වල ප්‍රමිතිය අනුවයි.

:       210       267

SenaMonday, 04 September 2017 09:30 AM

මේක සමහරුන්ට මුව හමට තඩිබාන්න හොඳ අවස්ථාවක්.

:       1       25

aravinda Monday, 04 September 2017 09:18 AM

ඔය විභාග වංචා කියන දේ පසුගිය අවරුදු 40/50 පුරාවටම සිදු උනා. වෙනස් වෙලා තියෙන්නේ උපයෝගී කර ගන්නා තාක්ෂනය පමණයි. මේ වංචා වලට ප්‍රධාන හේතුව නම්, රටේ උසස් අධ්‍යාපනයේ අවස්ථා විරල වීමයි. ලංකාවේ 30 අවරුදු යුද්දයක් ආරම්භ වීමට පාදක වුනු එක් කරුණක් වුනෙත්, '70 ගණන් වල සිදුවුන විශ්ව විද්‍යාල ප්‍රමතීකරණයෙන් ද්‍රවිඩ සිසුන්ට උසස් අද්යාපන අවස්ථා අඩු වීමයි. මේ ප්‍රශ්නයට ඇති දිගු කාලීන විසදුම නම්, රටේ උසස් අද්යාපන අවස්ථා බහුල කිරීමයි. අද රටේ ඇති ඉල්ලුමට පරිදි තව විශ්ව විද්‍යාල 10-15 වත් විවෘත කල යුතු අතර, එය රාජ්‍ය බදු මුදලින් කල නොහැකි නම්, පුද්ගලික අංශයට ඒ සඳහා සියලු පහසුකම් සැලසිය යුතුයි. එම නිසා අද, මේ වංචාවට අසුවූ වන් ඇප මත නිදහස් කිරීම හෝ සිරගත කිරීම, නියම ප්‍රශ්නයට පැලැස්තර දැමීමක් පමණි.

:       0       92

nimallalitha Monday, 04 September 2017 09:53 AM

නීතියෙන් අැප ලැබුණද, ලජ්ජා නැතිකම නිසා ජනතාව ඉදිරියට පැමිණියද, දරුවගේ අනාගතය විනාශ කළ උගත්, වැදගත් පුද්ගලයකු මෙන් ඉතිහාස ගත වනු ඇත.

:       0       2

dayarathna,athauda Monday, 04 September 2017 09:55 AM

අහිංසක දරුවෙකුගේ ජීවිතය අඳුරු කරපු කෙනා තාත්තෙක්ද? දරුවෙක් වැරැදි දේකට පොළඹවන්නේ මේ වගේ කෙනෙක්ම තමා. ඩිස්පෙන්සරිය තියෙන්නේ කොටිකාවත්තේ....

:       67       70

විල්බට් Monday, 04 September 2017 10:07 AM

ලංකාවේ ඇතැම් දොස්තරලා දන්න දෙයක් නෑ. රිපෝර්ට් දහයක් විතර බලලා බෙහෙතක් ලියනවා. මේ ගොල්ලො ලෙඩෙක් පරීක්ෂා කරන සමහර විදි වැරදියි. පරණ ක්‍රම වලට තාම යන්නේ. නාඩි ගැන චක්‍ර ගැන අවබෝධයක් නෑ වගේ....

:       54       2

SuMonday, 04 September 2017 01:35 PM

එහෙනම් විල්බට් වෛද්‍ය විද්‍යාවේ පරතෙරට ගිය කෙනෙක් වෙන්න ඇති. ඔයාට දියවැඩියාව නිට්ටාවට හොඳ කරන්නත් පුලුවන්ද ?

:       0       0

SamanMonday, 04 September 2017 04:47 PM

මේකෙ ඇත්තක් තියෙනව.. මම දන්න වෛද්‍යවරයෙක් ඉන්නව කොලඹ වෛද්‍ය පීඨයෙ උගන්වන, එයා මට කිව්ව " වෛද්‍යවරු හැටියට අපි කරන්නෙ අනුමාන කිරීමක් " කියල.

:       16       2

PITIGALA MILANO Monday, 04 September 2017 10:29 AM

මේ දොස්තර පියා සයිටම්ද?

:       40       1

de silva Monday, 04 September 2017 11:04 AM

විභාගය හොරට ලියලා හරි රජයේ විශ්ව විද්‍යාලයෙන් උපාධිය ගත්තම ලෙඩා මලත් ප්‍රමිතිය හොඳයි. මේ ඔක්කොම තරඟය තිබෙන්නේ මේකේ කමෙන්ට් එකක දමලා තිබෙන අරවින්ද මහතා කියන විදිහට ලංකාවේ උසස් අධ්‍යාපනයට තිබෙන අවස්ථාව විරල වීම නිසා , අඩුම තරමේ තව විශ්ව විද්‍යාල 10-15 අලුතෙන් පටන්ගන්න ඕනේ... රජයට සල්ලි නැත්නම් පුද්ගලික අංශය මේවා පටන්ගත යුතුය. නමුත් විභාග රජය මගින් පුද්ගලික සහ රජයේ සිසුන් රජය විසින් පැවැත්විය යුතුය. එතකොට ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් නැහැනේ ?

:       50       70

සමරේ Tuesday, 05 September 2017 05:52 AM

A/L C 3ක් ගන්න බැරි උන් කොහොමද බොලව් වෙෙද්‍යවරයෙක් වෙන්නේ.? සයිටමේ නෙවිල් සිලබස් එක තම්බලා කවනවද දන්නෙ නෑ. සයිටම් එක ලඟටවත් යන්න බැරි ඒවුන් කඩේ යනහැටි දැක්කම .... හිනා.

:       1       1

කසුන් Tuesday, 05 September 2017 06:13 AM

වන් ශ්‍රී ලංකන් මහත්තයා හරි.උපුල් මහත්තයා හිතාලුවට කීවට 5000ක් පන්ති වලට ගිහිල්ලා ඇති කියලා හොයලා බලන්න ඇත්තට යනවද කියලා.පත්තරේට කොමෙන්ට් එකක් දාන්න වාඩිවුනාම තමන් තරම් දන්න කෙනෙක් නෑ නේද ඇත්ත මොකක් උනත්.

:       1       1

කුසුම් Tuesday, 05 September 2017 06:27 AM

ඇත්තටම මේ තාත්තා දොස්තර වුනාය කියලා ජී.එම්.ඕ.ඒ. එකේ සාමාජිකයෙක්ද? එහෙම හිතාගෙන තමා හුගක් අය බැට දීල තියෙන්නේ.අනික විභාග වංචාවකට අනුබල දීපු මේ තාත්තා රිමාන්ඩ් එකෙන් නිදහස්.බොරුවට වෙඩි තියාගත්තු අය ගැන කිසි කථාවක් නෑ.රටේ සල්ලි කෝටි ගණන් ගිල්ල අයගෙ පරීක්ෂණ ඉබි ගමනින් වෙන්නේ,වරායවල් සමෘද්ධියෙන් ගහලා මාලිගා හදපු අය ඇමති මණ්ඩලේ.ඒ වුනාට දරුවන්ගේ,අධ්‍යාපනයේ අනාගතය වෙනුවෙන් කථාකරපු අයට ඇපත් නෑ.සර්ව සාධාරණ සමාජයකනෙ අපි ජීවත් වෙන්නේ.එවන් සමාජ තත්වයකුත් තියාගෙන තමා කට්ටිය තව සයිටම් වගේ ඉල්ලන්නේ.කාටද මෙතනින් ඇප වෙන්න පුළුවන් සයිටම් වගේ ඒව නිසා රාජ්‍ය වෛද්‍ය පීඨ වල අනාගතය සුරක්ෂිත වෙලාම තියෙයි කියලා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 5 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
2025 පෙබරවාරි මස 05 32 0

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.


විටමින් පෙත්ත සිසුන් 18 රෝහලට යවයි
2025 පෙබරවාරි මස 05 97 0

පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා


රටේ හැමෝම නීතියට යටයි
2025 පෙබරවාරි මස 05 359 0

ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.


මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 525 2

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 616 3

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 771 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 739 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site