IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පරස්පර ඇමැතිධුර හෙට ගලපයි - විෂය පථවල ලොකු වෙනසක්

අජන්ත කුමාර අගලකඩ
 
හෙට පෙරවරුවේ සිදු කෙරෙන කැබිනට් සංශෝධනය යටතේ අමාත්‍යංශ විෂය පථයන්වල පුළුල් පෙරළියක් සිදු වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
 
මුළු ඇමැති මණ්ඩලයම අලුත් කැබිනට් මණ්ඩලයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ හෙට පෙරවරු 10ට දිවුරුම් දීමට නියමිතය.
 
එහිදී ඇමැතිවරුන්ට දැනට හිමිවී ඇති ඇමැතිධුරවලට අයත් විෂ්‍ය පථයන් ගණනාවක්ම වෙනස්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් පැවසේ.
 
අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති සංස්කෘතික විෂයට අදාළ මධ්‍යම සංස්කෘතිය අරමුදල, අපේ ගම, ජාතික කලා මණ්ඩලය, ජාතික සංස්කෘතික කලා මධ්‍යස්ථානය, ජනකලා කේන්ද්‍රය, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, ටවර්හෝල් රඟහල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යන ආයතන සංස්කෘතික අමාත්‍යවරයා යටතට පත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.
 
රජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ දැනට පවතින ජාතික චිත්‍රපට සංස්ථාවද නැවත සංස්කෘතික අමාත්‍යංශය යටතට හෝ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට පත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.
 
මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය අමාත්‍යංශ දෙකක් ලෙස වෙන් කෙරෙනු ඇතැයි වාර්තාවේ. 
 
මේ අතර ජාතික ආණ්ඩුවේ කැබිනට් අමැතිවරුන් 47 දෙනකු සිටි අතර එය 42ක් පමණ දක්වා අඩු වනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි. 



අදහස් (13)

පරස්පර ඇමැතිධුර හෙට ගලපයි - විෂය පථවල ලොකු වෙනසක්

Samab Monday, 30 April 2018 05:11 PM

ඒ අයම පටලගෙන ඒ අයම විසදගන්නවා... පිලිවෙලක් ප්‍රතිපත්තියක් නැති පාලකයන්ට රටක් ගොඩ ගන්න පුලුවන් වෙයිද? අපේ රට හරි අවාසනාවන්තයි...

:       0       0

Sunil Monday, 30 April 2018 06:11 PM

පරණ කුට්ටම නැවත ඇනීම.

:       3       0

sugath sanjeewa Monday, 30 April 2018 09:48 PM

මේ දෙන්නටම දැන්ද මේවා තේරිලා තියෙන්නෙ.......

:       0       0

surath Monday, 30 April 2018 10:55 PM

අච්චාරු හා ලුණු ඇඹුල්

:       0       0

TD Monday, 30 April 2018 11:06 PM

අලුත් කැබිනෙට් සංසොදනයේදී එම තනතුරු ලබාදිය යුත්තේ යමක් ගැන ගැඹුරින් සිතන්න, ලෝකය සමග වැඩකලහැකි, ගනුදෙනු කළහැකි උගත් පුද්ගලයන්ටය. මේ ලෝකයේ රටවල් දියුණු වී තිබෙන්නේත් දියුණුවන්නෙත් නිර්මාණශීලි දක්ෂ පුද්ගලයන්ට අවස්ථාදීමෙන්ය. කැබිනට් තනතුරු දීමේදී පාර්ලිමේන්තු ගොස් නිදාගන්න ඇමතිවරු සහ මන්ත්‍රී වරු සිටින්නේ ආසියාවේ රටවලය. ලංකාවෙන්ම් එය ඉතා සුලබ දසුනකි. එය ඉතාම කණගාටු දායකය. පාර්ලිමේන්තුවට සහ විශේසයෙන් රටේ බදු ගෙවන මහජනතාවට කරන කරන නිගාවකි. විදේශිය තානාපති දූත පිරිස පවා පාර්ලිමේන්තුවට පැමිණෙති. පාසල් ළමුන් පාර්ලිමේන්තුවට පැමිණෙනවා. ලංකාවේ අලුත් පාර්ලිමේන්තුවෙන් පාසල් ළමුන්ට ආදරශයක්වන සේ කටයුතු කිරීම කරන්නේ නම් වටිනේය. සමහරු නිදිය, සමහරු දුරකථන ඇමතුම්වල වෙනත් රාජකාරිය. 2018 මැයි 1 වනදා හෙට ලංකාවේ පත් කෙරෙන් නව කැබිනෙට් මණ්ඩලයේ වැදගත් තනතුරක් වන දේසපාලන තනතුරක් නොවන කැබිනෙට් ප්‍රකාශක තනතුර දියයුතු වඩාත්ම සුදුසුම පුද්ගලයා එරාන් වික්‍රමරත්නය. යමක් ඉතා සරලව සහ පැහැදිලිව කිවහැකි අවශ්‍ය දේ පමණක් කතා කරන ගැටුම් වලට නොයන කෙනෙකි.

:       0       2

සතයපාල Tuesday, 01 May 2018 02:30 AM

ඕක පත් නොකර ඉන්න බැරිද.විෂය පතයන් විදයාත්මක හෝ අවිදයාත්මකව බෙදුවත් ඕවා කරන්නේ හිටපු සෙට් එකමනේ !

:       0       6

sachith Tuesday, 01 May 2018 03:37 AM

දැන් හෙට ඉදල ශ්‍රී ලංකාව සීග්‍ර සංවර්ධනයක් ලබයි නේද. අනේ මෙනෙහෙත් විහිලු. මේ සන්සොදනෙන් වෙන්නේ අඩුවෙන් කාපු අයට ටිකක් වැඩියෙන් කන්න අවස්ථාව ලබා දෙන එක මිසක් වෙන මොකක්ද.

:       0       26

Ajantha Tuesday, 01 May 2018 03:37 AM

ඔව් ඔව් මහ බැංකු හොරුන්ට දීල තියෙන විෂය පථය මදි හින්ද වෙන්න ඇති තවත් දෙන්න හදන්නෙ. දැන් මහ බැංකු හොරුන්ගෙ මහ මොලකාරයන්ට දීපු දඩුවම මොකද්ද. හාල්මැස්සෝ විතරක් හිරේ දාල වැඩක් නැහැනේ.

:       0       808

rama Tuesday, 01 May 2018 03:51 AM

විසය මාරු කලට වැඩක් නේ ඔළුගෙඩි මාරු කරන්නේ නැතුව මොනවත් කරලා වැඩක් නේ මහජනතාවගේ බදු බර ඓයන් කරන්නේ නැතුව

:       0       61

Ranga Tuesday, 01 May 2018 04:38 AM

ආනේ...විද්‍යාත්මකව විෂය පථය මොකක්ද කියල හොයාගන්න අවුරුදු 3 ක් ම ගිහිල්ලනෙ...

:       0       0

Rasi Tuesday, 01 May 2018 04:59 AM

දැන් සියලු දෙනාම ලෑස්ති වෙන්න, හෙට ඉදල රට වේගයෙන් විද්‍යාත්මකව දියුණු වෙන්න යන්නේ.

:       0       0

wimal Tuesday, 01 May 2018 05:10 AM

අහවල් දෝෂය අද නොවේ හෙට!!!!!!!!

:       0       0

ලුම්බිණි Tuesday, 01 May 2018 05:20 AM

ඇමති මණ්ඩල සංඛ්‍යාව අඩු කර දුන්නොත් ලොකුම සේවයක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

මහ පුවරුව

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 5538 17

මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා


අපි ඔක්කොම එකම බිමක අරගලකරුවන්
2025 පෙබරවාරි මස 04 1951 14

රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.


නිදහස් උළෙල ඇරැඹෙයි
2025 පෙබරවාරි මස 04 1697 4

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.


තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි
2025 පෙබරවාරි මස 03 3124 9

නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා


කෝටි ගණනක ලුණු විනාශවෙන්න ඇරලා
2025 පෙබරවාරි මස 03 3705 8

ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්


කසිප්පු වලියකට තුනක් මරලා
2025 පෙබරවාරි මස 02 2695 7

වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site