බිඟුන් මේනක ගමගේ
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ප්‍රථම වරට පිහිටුවා ඇති ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව මගින් සැකැසූ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය සංශෝධනය සඳහා සිය යෝජනා හා නිරීක්ෂණ ලබාදීමට කැබිනට් මණ්ඩලය අවස්ථාව ඉල්ලා ඇත.
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සැකැසූ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හා ක්‍රියා පටිපාටිය පසුගිය මැයි 9 වැනිදා ගැසට් කරන ලද අතර එය මාස තුනක් ඇතුලත පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීමට නියමිතව පැවැතිණි.
එහෙත් ඇමැතිවරුන් මෙසේ සිය යෝජනා හා නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට අවස්ථාව ඉල්ලාසිටීම නිසා එම මාර්ගෝපදේශ සංග්‍රහය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පමා විය හැකි යැයි කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
රාජ්‍ය ආයතනවලට අවශ්‍ය වන භාණ්ඩ, වැඩ, සේවා, තොරතුරු පද්ධති හා උපදේශකවරුන් තෝරා ගැනීම සහ සේවයේ නියුක්ත කිරීමට අදාළ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සකස් කිරීම ජාතික ප්‍රසම්පාදන කොමිසම වෙත පවරා ඇති මූලික කාර්ය වේ.
එම නිසා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඵලදායීතාවය ඉහළ නැංවීම, විධිමත්ව ප්‍රසම්පාදනය සැලසුම් කිරීම, ක්‍රමානුකූලව ලන්සු ඇගයීම, කොන්ත්‍රාත් පරිපාලනය වැනි අවශ්‍යතා සපුරාලීමෙන් මහජන මුදල් ඉතිරිකරගැනීමට හැකි වන්නේ යැයි පැවැසිණි.
මාර්ගෝපදේශ සංග්‍රහය බලාත්මක වන්නේ පාර්ලිමේන්තුවේ සම්මතවීමෙන් පසුවය.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ප්‍රසම්පාදන මාර්ගෝපදේශ බලාත්මක වීම පමාවේ