හර්ෂණ තුෂාර සිල්වා
රාජ්‍ය ආයතන ප්‍රසම්පාදන කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය එළැඹෙන අගෝස්තු (9) වැනිදාට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත කරගත යුතු බව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු නිහාල් වික්‍රමසූරිය මහතා අද (14) පැවැසීය.
මේ වනවිට එම මාර්ගෝපදේශ කෙටුම්පත ගැසට් කර ඇති බවත් අදාළ මාර්ගෝපදේශ ජනාධිපති ලේකම් කාර්යාලයට යවා ඇති බවත් වික්‍රමසූරිය මහතා කීය. රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සම්බන්ධයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (14) පැවැති මාධ්‍ය හමුවකදී වික්‍රමසූරිය මහතා එම කරුණු කීය.
ජනාධිපති ලේකම් කාර්යාලයට යවා ඇති අදාළ මාර්ගෝපදේශ ජනාධිපතිවරයාගේ අධ්‍යයනයෙන් පසු අග්‍රාමාත්‍යවරයාට යවන බවත් ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවත් හෙතෙම කීවේය.
මෙම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පසුගිය මැයි 9 වැනිදා අංක 2070/15 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. මාර්ගෝපදේශ අද (14) කතානායක කරු ජයසූරිය මහතාට නිල වශයෙන් බාර දුන් බව ද සභාපතිවරයා කීවේය.
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යනු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කළ කොමිෂන් සභා නවයෙන් එකක් බව සඳහන් වික්‍රමසූරිය මහතා මේ නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සහ අත්පොත් කාර්යක්ෂම, ඵලදායී ආර්ථිකයන් සහ සමානාත්මතාවයෙන්, විනිවිදභාවයෙන් සහ සාධාරණ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලී ඉලක්ක කරගෙන සකස් කර ඇති බව ද කීය.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය එළිදකි