IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පොල්ගොල්ලේදී බස් රියට බෝම්බ තැබු කොටි සිව්දෙනා වසර 10ක් හිරේට

 

(මනෝප‍්‍රිය ගුණසේකර)

මහනුවර පොල්ගොල්ලේදී මගී ප‍්‍රවාහන බස් රථයකට බෝම්බයක් තබා එහි ගමන් ගත් මඟීන් තිදෙනෙකු ඝාතනය කර තවත් විශාල පිරිසකට තුවාල සිදුකිරීම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවන්ට වරද පිළිගත් හිටපු කොටි සාමාජිකයින් සිව්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා වසර 10 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් අද  (02)  නියම කළේය.

විත්තිකරුවන් මෙම සිද්ධියට අදාළව වසර 10කට අධික කාලයක් තිස්සේ රිමානඞ් බාරයේ පසුවන බව කියමින් නීතීඥ ලක්‍ෂමන් පෙරේරා සහ නීතීඥ අසිත විපුලනායක යන මහත්වරුන් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකරුවන්ට නියම කළ සිරදඬුවම් කාලය වසර 05ක කාලයකින් ගෙවී යන පරිදි ක‍්‍රියාත්මක කිරීමට විනිසුරුවරයා නියම කළේය.

චෝදනාවට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ විශ්වනාදන් රමේෂ් කුමාර් හෙවත් ඉබ්බන්, කාලිඅම්මන් මනෝහරන් හෙවත් මනෝ, වේලූ යෝගරාජ් හෙවත් සුදා සහ රාමනාදන් නදුදීපන් හෙවත් දීපන් නමැත්තන්ටය.

2008 ජුනි මස 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මහනුවර පොල්ගොල්ලේදී මගී ප‍්‍රවාහන බස් රථයකට බෝම්බයක් තබා එහි ගමන් ගත් මඟීන් තිදෙනෙකු ඝාතනය කොට තවත් විශාල පිරිසකට තුවාල සිදුකිරීම සඳහා ආධාර අනුබල දුන් බවට නීතීපතිවරයා මෙම විත්තිකරුවන් සිව් දෙනා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබිණි.

මෙම විත්තිකරුවන් සිව්දෙනා පමණක් අත්අඩංගුවට ගෙන සිටි අතර මුත්තුසාමි රාජ්කුමාර් හෙවත් කන්නා සහ නඩරාජා වසන්ත කුමාර් හෙවත් දයාලන් නමැති විත්තිකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් දෙදෙනා නොමැතිව මෙම නඩුව කැඳවන ලදී.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් අදාළ චෝදනාවන්ට තමන් වරද පිළගන්නා බව දැනුම් දුන්හ.

ඒ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ලක්‍ෂමන් පෙරේරා සහ නීතීඥ අසිත විපුලනායක යන මහත්වරුන් කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ලෙස පශ්චත්තාප වන බවත් ඔවුන් මෙම සිද්ධියට අදාළව වසර 10ක පමණ කාලයක් රිමාන්ඞ් බාරයේ පසුවන හෙයින් ඔවුන්ට ලිහිල් දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා විත්තිකරුවන්ට වසර 10ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කොට එය වසර 05ක කාලයකින් ගෙවී යන පරිදි ක‍්‍රියාත්මක කිරීමට නියම කළේය.

 

 

 



අදහස් (6)

පොල්ගොල්ලේදී බස් රියට බෝම්බ තැබු කොටි සිව්දෙනා වසර 10ක් හිරේට

dilan Tuesday, 02 October 2018 11:57 AM

මොන විහිලුවක්ද මේ..!? මිනිස්සු තුන් දෙනෙක් මරලා අවුරුදු පහයිද සිර දඩුවම?!

:       0       0

Indhika Tuesday, 02 October 2018 12:33 PM

අපිත් මිනිස්සු තුන් දෙනෙක් මරලා වරද පිළිගත්තොත් වසර 5ද හිරේ යන්නේ? එක්කෙනෙක් මැරුවොත් අවුරුදු එකහමාරක්. එහෙමද?

:       0       0

hera Tuesday, 02 October 2018 12:35 PM

මේ වගේ නඩු තීන්දු ජාත්‍යන්තරයට පෙන්වන්න, කොටින්ගේ හැටි තේරුම් ගන්න.

:       0       1

මම Tuesday, 02 October 2018 01:16 PM

මිනීමැරීමට දඩුවම වසර 10ක් ද ? බස් එකක සෙනග මැරීමට තැත් කිරීම ?

:       0       1

wishwa Tuesday, 02 October 2018 03:56 PM

තුන් දෙනෙක් මරපු විශාල සංඛ්‍යාවකට තුවාල සිදු කරපු බස් රථයකට අලාබහානි කරපු කොටින්ට අවුරුදු 10 ක් සිර දඬුවම්. රටට හානි කරපු කොටි යුද්ධයේදී මරපු වීර රණ විරුවන්ට මරණ දඬුවම්? මේවා පුදුම නීති. අහන්නත් කණගාටුයි.

:       1       0

athura Wednesday, 03 October 2018 03:56 AM

දැන් අර කොටියට නිදහස දුන්නා කියලා අදහස් දාපු කට්ටිය මේ වගේ එකකට කිසිම ප්‍රතිචාරයක් නැහැ නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 185 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 93 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 123 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 477 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 169 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 524 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 744 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site