IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


පලාගල පුරාවිද්‍යා භූමියක් ඩෝසර් කරලා


(කුෂාන් ජයවර්ධන)

පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහඋරැලෑව ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා භූමියක ස්මාරක කිහිපයක් ඩෝසර් කිරීමට කටයුතු කළ පිරිසක් සොයා  ගල්කිරියාගම පොලිසිය විමර්ශණ අරඹා තිබේ.

පුරාවිද්‍යා කලාපය භාර නිලධාරීන් විසින් ගල්කිරියාගම පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව එම පොලිස් විමර්ශණ ආරම්භ කර තිබේ.

මහඋරුලෑව ප්‍රදේශයේ අක්කරයක පමණ භූමියක් සැකකරුවන් විසින් මෙලෙස ඩෝසර් කර හෙළි කර තිබේ. වගා කටයුතු සඳහා බව පවසමින් එම භූමිය ඩෝසර් කර ඇති බව දැනට සිදුකළ මූලික පොලිස් විමර්ශණවලින් හෙළිව තිබේ. එම භූමියේ තිබූ ඉපැරණී ගල්කණූ ඇතුලු පැරණී ස්මාරක රැසක් ඩෝසර් කර දමා සැකකරුවන් ඒවාට හානි සිදුකර තිබේ. එම ඩෝසර් කළ භූමිය අවටද ඉපැරණි චෛත්‍ය ඇතුලු පුරාවස්තු රැසක් දැකගන්නට ලැබේ.

 විනාශ කර ඇති පුරාවිද්‍යා නටබුන් සහිත එම ඩෝසර් කළ භූමියට පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් 1993 දී වාර්ෂික බලපත්‍රයක් ද නිකුත් කර ඇති බව මූලික පොලිස් විමර්ශණ වලදී හෙළිව තිබේ. ආඬියාගල මාරසිංහ හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචි අයෙකුගේ නමින් එම බලපත්‍රය නිකුත් කර තිබේ.
ඩොසර් කිරීම සිදුකර ඇති ප්‍රදේශය පුරාවිද්‍යා ස්මාරක සහිත භූමියක් බවටද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කර තිබේ. පුරාවිද්‍යා පනත අනුව පැරණි ස්මාරයක සිට මීටර් 400ක ප්‍රේරක කලාපයක් පවතින බව පුරාවිද්‍යා නිලධාරීහු පවසති.

මෙම කලාපය භාර පුරාවිද්‍යා නිලධාරියා විසින් එම  පුරාවස්තු හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාම පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර තිබේ. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.



අදහස් (8)

පලාගල පුරාවිද්‍යා භූමියක් ඩෝසර් කරලා

ashan Saturday, 09 January 2021 06:40 AM

කුමටද මෙහි පාලකයින්, නීතිය සහ විනිසුරුවන්?

:       1       22

anula Saturday, 09 January 2021 08:17 AM

බුද්ධ ශාසන සහ පුරාවිද්‍යා එකට එන අයට එතනට ආවට පස්සේ නින්ද යනවා. ජනතාවම මේවා හොයලා බලලා මේ අයට දැනුම් දෙන්න ඕනෑ. මහජන මුදලින් පඩි ගන්නේ... ඇහැ කණ පියාගෙන ඉන්නද?

:       0       1

Rata Perata Saturday, 09 January 2021 08:44 AM

ඕක මොකක්ද? සර්ම ගිහින් සිංහරාජෙ මැදින් පාරකපන හැටි කියලා දුන්නේ.. මේ අය බලයට ගෙනැල්ලා දැන් අපාට විඳවන්න වෙලයි තියෙන්නේ..

:       1       0

dhamneth Saturday, 09 January 2021 10:12 AM

සියලුම ඩෝසර් රියදුරන්ට නීතියක් පැනවිය යුතුයි. පුරාවිද්‍යා ගොඩනැගිලි ගල්කණු පිළිම ස්මාරක ආදිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා පොලිසියේ ලිඛිත අවසරයක් නැතිව ඩෝසර් කිරීම බරපතල වරදක් බව දන්නවා.

:       2       13

මෝ Saturday, 09 January 2021 10:50 AM

රටේ කරුමෙට ජනතාව පත්කරගත් පාලකයින්.. මොවුන්ට පවුල් පිටින්ම පඩිසන් දෙන කාලය වැඩි ඈතක නෙවෙයි...

:       2       13

Raveendra Saturday, 09 January 2021 12:26 PM

පක්ෂ භේදයකින් තොරව "කිනම් හෝ කාලකන්නි දේශපාලුවෙකුගේ" ඍජු හෝ වක්‍රාකාර සම්බන්ධයක් නියත වශයෙන්ම මෙම නිවට ක්‍රියාව පසුපසින් තිබිය යුතුමයි.

:       0       15

Demuni Uduwara Saturday, 09 January 2021 01:10 PM

ඇත්තටම සමාවෙන්න නීතියක් නැති රටක්..

:       0       10

Rohana rajakaruna Sunday, 10 January 2021 04:23 AM

කෝ වැඩ බැරි ටාසන්..? ජනමාධ්‍යෙයන් පිම්බුවා. දැන් බලන් ගියාම සිරිසේනටත් අන්තයි. ගහපු බෙදපදේකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. ජාතිවාදය වපුරලා රට විනාශ කරන්න විතරයි පුළුවන්. රටේ පාලම්, බෝක්කු හැදුවා කියලා රට පාලනය කරන්න පුළුවන් නම් මේසන් බාස් කෙනෙක් රටේ ජනාධිපති වෙන්න සුදුසුයිනේ. කියලා වැඩක් නැහැ. රට අනාථයි. නන්නත්තාරයි..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 668 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 1082 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 241 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1788 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2165 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 110 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 268 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 203 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site