IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පොලිතින් තහනමේ ගැසට් නිවේදනය එයි

පොලිතීන් භාවිතය හා ඒ ආශ්‍රිතව භාණ්ඩ නිපදවීම සහ විකිණීම තහනම් කිරීමේ ගැසට් නිවේදනය අද (1)  නිකුත් කෙරිණි.
ඒ අනුව මයික්‍රෝන 20 ට අඩු පොලිතින් භාවිතය හා විකිණීම තහනම් කෙරෙනු ඇත. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර සියලුම ආකාරයේ පොලිඑතිලින්, පොලිප්රොටපිලින්,පොලිඑතිලීන් නිෂ්පාදන හෝ පොලිප්රො, පිලින් නිෂ්පාදන දේශපාලන, සාමාජයීය, ආගමික, ජාතික, සංස්කෘතික හෝ වෙනත් යම් උත්සව හෝ අවස්ථාවලදී සැරසිලි සඳහා භාවිතය තහනම්.

වැඩි ඝනත්වයෙන් යුතු පොලිඑතිලීන් අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගෙන බෑග් නිෂ්පාදනය, විකිණිම, නොමිලේ ලබාදීම, ප්‍රදර්ශනය කිරිම හෝ භාවිත කිරිම තහනම් කරමින් ජනපති අත්සනින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එසේ ගැසට් නිවේදන මගින් අද සිට පොලිතින් භාවිතය තහනම් කළද ලබන ජනවාරි 1 වැනිදා තෙක් නීතියෙන් දඬුවම් නොකරන බවත් රජය දන්වා සිටී.
 



අදහස් (10)

පොලිතින් තහනමේ ගැසට් නිවේදනය එයි

gayan Friday, 01 September 2017 09:17 AM

වැඩේ නම් උපරිම හොදයි. එත් කෝ ආදේශකයක් ?? රජය ඒ ගැනත් සිතිය යුතුයි..

:       308       31

SamanFriday, 01 September 2017 10:41 AM

හැම දේටම රජය ඕනේ නම් මිනිස්සු මොකටද. මොලයක් දීල තියෙන්නේ ආපු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. නැතුව රජය හැම දේම කරනවා නම් පෞද්ගලික අංශයක් ඕනේ නෑනේ.

:       5       156

shirly kurera Friday, 01 September 2017 10:06 AM

රටට අවශ්‍යම දෙයක්. පරිසරයට වැඩිම හානියක් පොලිතින් සිද්ධ වුණා. 1977 ට ඉස්සර ලංකාවේ පොලිතින් භාවිතා උවුනේ නැත. කෙසෙල් කොලේක බත් පාර්සලයක් කන්න බාල පරපුරට වාසනාව උදාවී ඇත.ජයවේවා

:       2       74

nuwan Friday, 01 September 2017 10:44 AM

මුදලාලිලා දැනටම වැඩ අල්ලලා බත් පැකට් එක රු10 කින් වැඩිවෙලා. බත් පැකට් කවරෙට 15 ක් යනව කියා බත් පාර්සලේ රු 10 කින් ඉහළට

:       1       69

PITIGALA MILANO Friday, 01 September 2017 11:29 AM

ගෙදර උයාගෙන කන හොඳ පුරුදු ඇතිකරගන්න.

:       1       74

සමන් - ඕමානය Friday, 01 September 2017 02:33 PM

මට මතකයි අපේ කාලේ බත් පාර්සල් කෙසෙල් කොලේ වගේම තෙල් කඩදාසියේ ( oil paper ) ඔතනවා. කඩවල් වල ගියාම එක්කෝ පත්තර කඩදාසියක ඔතනවා. එහෙම නැත්නම් කඩදාසි කවරයක දාලා දෙනවා. මේවා යලිත් භාවිතයට පැමිණියයුතු ආදේශක නොවෙයිද? දේශීය කර්මාන්ත වශයෙන් මෙය කල නොහැකිද?

:       1       29

Dr. Edward Perera Germany Friday, 01 September 2017 11:54 PM

හොඳ දෙයක් කරන කොට ඒක අගයන්න පුළුවන් ජනතාවක් හදන්න මෙතෙක් බලයේ සිටි කිසිම කණ්ඩායමකට බැරිව තියෙනවා. පරිසරය මවක් මෙන් සලකා එය රැකගන්න එක්සත් වෙනවා වෙනුවට විකල්ප හඳුන්වා දී නැතැයි මැසිවිලි කීමෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. පොලිතීන් නැතුව මුළු ඉතිහාසයම අද දක්වා දිගු ගමනක් පැමිණ සිටියදී අද දිනයේ පොලිතීන් වෙනුවෙන් හඬා වැළපෙන්නේ ජාතියේ හතුරන් පිරිසක්.

:       0       0

roshan Saturday, 02 September 2017 02:33 AM

මෙය ඉතා හොඳ තීරණයක්...

:       0       3

රෝහන Saturday, 02 September 2017 08:18 AM

මෙය ඉතාමත් හොඳ දෙයක්. රටට හෙන ගැහුවත් සල්ලි පමණක් හොයන මුදලාලිලා ට බය නොවී මෙය අකුරට ම ක්‍රියාත්මක කරන්න.

:       0       3

ranasinghe Saturday, 02 September 2017 11:32 AM

2015 ජනවාරි වලින් පස්සේ ගත්ත හොඳම තීරණය මේක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 171 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 636 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 179 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 189 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 740 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 247 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site