(ක.ග කරුණාරත්න)
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල්වල මානසික රෝග සායනවලින් 2016 වසරේ ප්‍රතිකාර ලබාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 17627 ක් වන බවත් ඔවුන්ගෙන් වැඩිම පිරිසක් මානසික ආතතිය නිසා ඇතිවන විෂාදිය සහ සියදිවි නසා ගැනීමට තැත් කළ අය බවත් සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
පොලොන්නරුව මහ රෝහලෙන් පමණක් පසුගිය වසරේ මානසික රෝග සඳහා පුද්ගලයින් 10948 දෙනකු ප්‍රතිකාර ලබාගෙන තිබේ.
බකමූණ රෝහලෙන් පසුගිය වසරේ මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇති රෝගීන් ගණන 1512 ක් වන බවත් ඔවුන්ගෙන් සියයට 53 ක් සියදිවි නසා ගැනීමට තැත් කළ අය වන අතර සියයට 31 ක් විෂාදි රෝගීන් බවත් පොලොන්නරුව දිස්ත්‍රික් කේන්ද්‍රගත මානසික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ලක්ෂ්මන් සේනාරත්න මහතා පැවසීය.
පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී අද (03) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.
ඔක්තෝබර් මස 10 වෙනි දිනට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය සැමරීම නිමිත්තෙන් මේ මස 10 සහ 11 වැනිදා පොලොන්නරුව මහ රෝහල් පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත මානසික සෞඛය පිළිබඳ ප්‍රදර්ශනය ඇතුළු ක්‍රියාකාරකම් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා එම හමුව පැවැත්විණි.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පොලොන්නරුවේ බහුතරයකට මානසික ආතතිය
menna Tuesday, 03 October 2017 12:29 PM
පොලොන්නරුවට විතරක් වෙන්නේ කොහොමද, මුළු ලංකාවේම බහුතරයකට මානසික ආතතිය වෙන්න ඕනේ. ලොකුවට කියන්නේ පිරිසිදු බුදුදහම තියෙන්නේ ලංකාවේ කියල.
gamaya Tuesday, 03 October 2017 04:19 PM
අපි දැනගත්තේ ජනවාරි අට වෙනිදා ඉඳල.
Senarath Tuesday, 03 October 2017 04:24 PM
මේ මිනිස්සු වැඩි කොටසක් ගොවින් හෝ කම්කරු රැකියා කරන උදවිය. දැන් ගොවීන්ට වැලේ වැල් නැහැ. ඒ මිනිසුන්ගේ සියල්ල මේ කන්න දෙක තුනට ඉවරයි. කුලී වැඩ ඇත්තෙත් නැහැ. ඒ වගේම වකුගඩු ලෙඩ. එත් රජයට වගේ වගක් නැහැ. සුරංගනා කතා කියා කියා ඉන්නවා. මේ මිනිස්සු ජිවත් වෙන එක පුදුමයි.
Maheshika Tuesday, 03 October 2017 07:36 PM
ලංකාව පුරාම මෙහෙම තමයි. මිනිස්සු ප්‍රශ්නවලින් මිරිකිලා,
Rohana Wednesday, 04 October 2017 02:15 AM
අධික ආසාවන්, අසීමිත අපේක්ෂාවන්, ලද දෙයින් සතුටුනොවිම, ආවේගශීලිත්වය, සරල ජීවිතයක් ගත නොකිරීම ආර්ථික ගැටළු, රෝගිබාවයන්, බලාපොරොතු සුන්වීම් ජීවිතයේ යථාර්ථ බවය පිළිබද අවබෝදයක් නැතිකම. මත්පැන් හා මත්පෙති පාවිච්චියට ඇබ්බැහි විම. වෛද්‍ය නිලධාරි රෝගීන්ගේ මානසික සුවයක් ඇති කිරීමට දේසනා පැවැත්විය යුතුය. සමාජයක මානසික ආතතිය මේ දශකයේ පැවතීම යහපත් දෙයක් නොවේ, පාලකයන්ගේ අවධානය යොමුවේවා. බුදු බණ ඇසුවට මදි .ඒවා තම ජීවිතයට ඇතුලත් කරගත යුතුය. ටෙලි නාට්‍යවල පාලනයක් රජය විසින් ඇතිකළ යුතුය. තරුණ තරුණියන්ගේ ලිංගික අසාවන් උත්තේජනය වන ආකාරයේ දර්ශන නතර කිරීම සුදුසුය.
lasantha Wednesday, 04 October 2017 03:52 AM
මේක වෙන්න බැහැ. පොළොන්නරුවේ ඉදල රට පාලනය කරන නායකයෙකුත් ඉද්දි මානසික ආතතියක් එන්නේ කොහොමද.
isuru Wednesday, 04 October 2017 06:50 AM
අනේ මම දන්නේ නැහැනේ. දැන් 2020 වෙනකම් බෙහෙත් ගන්න කියන්න. ඊට පස්සේ වෙනසක් කරමු.
kumara (gulf) Friday, 06 October 2017 01:18 PM
අා... ජනාධිපතිත් පොළොන්නරුවේම නේද?