(ඩබ්. ඒ. පියතිලක )
පොළොන්නරුවේ වකුගඩු රෝගින් සංඛ්‍යාව 5578ක් වී ඇති බවත් පසුගිය දෙසැම්බර් 31 වන විට වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව 5377 ක් වූ බවත් ඉන් පෙනි යන්නේ මසකට සිය දෙනෙකු ඊට ගොදුරුවන බවත් යැයි පොළොන්නරුව මහ රෝහලේ වකුගඩු රෝග නිවාරණ අංශයේ වෛද්‍ය මලින් මෙත්තසුරිය මහතා පවසයි.
එයින් වැඩිම සංඛ්‍යාවක් වර්තා වන්නේ මැදිරිගිරිය ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් බවත් එහි රෝගින් 1626ක් ද දිඹුලාගල 1040ක් ලෙස ද තමන්කඩුව 985ක් සහ ඇළහැර 569ක් ලෙසත් රෝගීන් වාර්තා වන බව ඒ මහතා කියයි.
පාලනයක් නොමැති දියවැඩියාව සහ අධික රුධිර පිඩනය සදහා වෛද්‍ය නිර්දේශ අනුව ප‍්‍රතිකාර ලබා නොගැනිම සහ මුත‍්‍රා මාර්ග ආශි‍්‍රත ගල් මුත‍්‍රා අසාදන තත්වයන් ද වකුගඩු රෝගයට බලපාන බවත් වල් නාශක කෘමි නාශක සහ රසායනික පොහොර භාවිතය ද මේ සඳහා බලපාන බවත් මෙත්තසූරිය මහතා පෙන්වා දෙයි.
තවද වැඩුණු වැඩිහිටියකු විසින් සෞඛ්‍ය නිර්දේශ අනුව අවම දිනකට පානය කළයුතු ජල ලිටර් 3 පානය නොකිරිමත් ප‍්‍රධාන ලෙස මීට බලපාන බව ඒ මහතා කියයි.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පොලොන්නරුවේ වකුගඩු මාරයාට මසකට 100 ක් බිලි