IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පොල්වලට උපරිම සිල්ලර මිලක්

(හර්ෂණ තුෂාර සිල්වා)

අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් පොල්වලට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.

ඒ අනුව අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 70ක් ලෙසත්, වට ප්‍රමාණය අඟල් 12ත් 13ත් අතර පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 65ක් ලෙසත් වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 60ක් ලෙසත් නියම කර ඇත.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව එම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

මේ අනුව ඉහත සඳහන් කර ඇති උපරිම මිලවලට වඩා ඉහළ මිලකට අලෙවි කිරීම, අලෙවිය පිණිස තැබීම හෝ අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම හෝ සිදු නොකළ යුතු බව නියෝග කරන බව ද අදාළ ගැසට් පත්‍රයේ දැක්වේ.

 



අදහස් (31)

පොල්වලට උපරිම සිල්ලර මිලක්

Perera Friday, 25 September 2020 07:21 PM

දැන් ප්‍රශ්නය ඉවරයි. සිම්පල් වැඩක්නේ...

:       0       16

Nandalal DE SILVA - France Friday, 25 September 2020 10:48 PM

මාරයිනේ..!!! පොල්ගෙඩියටත් අතිවිශේෂ ගැසට්පත්‍රයට ඇතුල් වෙන්න ලැබුණේ මුල් වරටද කියලා මගේ සීයා අහනවා. මගේ ආච්චි නම් කියන්නේ, පොල්ගන්න කඩේට යනකොට දැන් ඉතින් පොඩිඑකාගේ පොත්බෑග්එකේ තියෙන අඩිකෝදුවත්, ටේප්එකත් අරන් යන්න වේවි කියලයි. පොල්ගෙඩිය වෙනුවෙන් මේ වගේ විශ්මකර්ම වැඩකරන්න ඉතින් පෙන්ෂන් ගිය ආමි එකේ කෙනෙකුට ඇරෙන්න වෙන කාටද ඔහොම දෙයක් කරන්න පුළුවන් කියලා අහනවා. දැන් ඔබට සතුටුද? දැක්කද මගේ වැඩ කියලා අපේ අය අහනවා.

:       3       34

chandima Friday, 25 September 2020 10:58 PM

අඟල් ගණන මනින්නේ ලෙල්ලත් එක්කද? පොල් මුඩ්ඩත් එක්කද? නැතිනම් බාගෙට ලෙලි ගහලාද? ඒත් නැතිනම් පොල්කට්ට මතුවෙනකල් හොඳින් සුද්ද කරලාද? වැඩේ ටිකක් සංකීර්ණයි ජනරාල්තුමෝ...?

:       0       39

LIYNAGE Saturday, 26 September 2020 12:45 AM

පසුගිය මැතිවරණ සමයේ වර්තමාන රජය ජනතාවට පොරොන්දු වුයේ පොල් කඩලා ගාලා දෙන්නම් කියා වුවත් මේ වනවිට රජය සූදානම් වන්නේ පොල් කිරලා මැනලා දෙන්නට බව පැහැදිලිය.

:       4       39

චමින්ද Saturday, 26 September 2020 01:31 AM

භාණඩල මිල තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම මත කියලා මෙයට වසර 45 කට පමණ පෙර පාසැල් යන කාලේ මම ඉගෙන ගත්තා. මේ කාලේ පොල් හිඟය සහ ඉල්ලුම අනුව මිළ ගණන් ඉහළ ගොස් තියෙනවා. එහෙම තියෙද්දී පොල් වැවීමක් නැතිව අතීසාරෙට අමුඩ ගහනවා වගේ මිලක් නියමකර ගැසට් කරලා වැඩක් නැහැ. පොල් ඇමතිට පොල් කඩන්න වගේම වවන්නත් හිතක් පහළ වේවා!!!

:       2       45

maal Saturday, 26 September 2020 02:15 AM

දැන් හමුදාවද මේ වගේ මෝඩ තීරණ ගන්නේ? රටට ගිය කලක්. නායකයා නීති දානකොට ගෝලයෝ ඊට එහා.

:       3       41

Prasad Saturday, 26 September 2020 02:49 AM

හිටන් මීට වඩා හොඳයිනේ.. කරන විකාර දැක්කම..

:       5       41

jayasekaraSaturday, 26 September 2020 03:38 AM

ඔව් ඔව් හිටන් මීට වඩා කොච්චර හොඳද කියලා තේරෙනවා. මේ දවස්වල පාස්කු කොමිසම ඉස්සරහා සාක්කි දෙන දේවල් ඇහුවාම... නියමෙට ජාතික ආරක්ෂාව ගැන සලකා තිබෙනවා. පොල්ගෙඩියට උපරිම සිල්ලර මිලක් කිව්වාම විකාර... ජාතික ආරක්ෂාව බිංදුවටම වැට්ටුව එක හොඳයි. ‘‘ මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි‘‘

:       41       10

PrasadSunday, 27 September 2020 12:09 AM

පාස්කු ප්‍රහාරයේ බොහෝ සැකසහිත තැන් ඇත.

:       0       1

theshan Saturday, 26 September 2020 03:01 AM

පොල් වගේම පොල් පොහොර සහ අනෙකුත් ඒවත් දුන්නා නම්... මොකද පොල් වගාකරුවන් වැටිලා ඉන්න අමාරුවේ. මේවා කලට වෙලාවට නැති නිසා කවුරුත් දන්නෙත් නැහැ. වුවමනාවකුත් නැහැ.

:       0       17

mahinda Saturday, 26 September 2020 03:23 AM

පොල් ගෙඩියේ ප්‍රමාණය මැන ගැනීම සඳහා පොල් රාජ්‍ය අමාත්‍යාංශය රටපුරා පොල් පාර්භෝගිකයින් සඳහා නොමිලේ වර්නියර් කැලිපර් ලබාදීමේ වැඩ පිළිවෙලක් අරඹා ඇත. වර්නියර් කැලිපරය කියවීම නොදන්නා අයට ඊට අදාල පුහුණුවක් ඔබ පළාතේ පොහොටුවේ ප්‍රාදේශීය, හිටපු පළාත් සභා, පාර්ලිමේන්තු මන්ත්‍රී හෝ පොහොට්ටුවේ ශාඛාවේ නිලධාරි මහතකු මගීන් ලබාගත හැක.

:       0       35

senaSaturday, 26 September 2020 07:49 AM

මහින්දට අමතක වෙච්ච කොටස මම ලියන්නම්කෝ.. වර්නියර් කැලිපරයකින් විශ්කම්භය හොයාගෙන ඊට පස්සේ අරය හොයලා ඒකෙන් පරිධිය හොයාගන්න පුළුවන් කැල්කියුලේටර් නිකන්ම දෙනවලු.. අනේ මේ අයට වඩා හිටපු අය කොච්චර හොඳද? 

:       0       20

jayasekaraMonday, 28 September 2020 03:49 AM

පොල්ගෙඩියට උපරිම සිල්ලර මිලක් කිව්වම... අනේ කලින් හිටිය අය කොච්චර හොදද කියලා හිතෙන අසිරිමත් ජාතියක් ඉන්නකල් රට හදන්න බැහැ...

:       1       0

RIHAN Saturday, 26 September 2020 03:54 AM

දැන් පොල්ගන්න යද්දී රෙදි මනින යාරෙ ටේප් එකත් ගෙනියන්න වෙයි. අනේ රටට ගිය කලක්...

:       0       24

Polkaru Saturday, 26 September 2020 05:22 AM

පොල් අඟල හරියට මනින්න. මොකද මුඩ්ඩත් මනිනවා. 69ට මුඩ්ඩ ඕනෑවුණාට අපිට එපා.

:       0       23

PrabhaSunday, 27 September 2020 03:07 PM

වට ප්‍රමාණය මනින්කොට මුඩ්ඩ අහුවෙනවා කියලා පළමු වතාවට.

:       0       0

smaraweera Saturday, 26 September 2020 06:15 AM

පොල් වවන අයගේ ආදායම ඉහළ යන්න ඕනෙ නැද්ද? හැමදාම පොල්වල මිල එකම අගයක තියෙන්න ඕනෑද? හිඟන්නාගේ පවා ආදායම වැඩිවෙලා තියෙද්දී පොල්ගෙඩියකට ඉල්ලුම සහ සැපයුම අනුව මිල තීරණය වෙන්න දීලා හිටියා නම් ඉවරයි.

:       1       12

sampath Saturday, 26 September 2020 06:43 AM

පොල්ගස් කැපීම, පොල් ඉඩම් කට්ටිකර විකිණීම තහනම් කරන්න පුළුවන්. මණ්ඩලේ අයගේත්, පොල් සංවර්ධන අමාත්‍යාංශයේත් කාර්ය සාධනය බලන්න පොල් වගාවට හානිකරන සතුන් සහ සොරුන් පිළිබඳව තීරණ ගන්න. ඒ වගේම පොල්ගස් නගින්නන්ගේ මිල ගණන් ගැන අවධානය යොමුකරන්න.

:       0       10

Bamunuarachchi Saturday, 26 September 2020 06:52 AM

ආණ්ඩුව අනවශ්‍ය දේට හොටදානවා. පොල්මිල තීන්දු වෙන්නේ තිබෙන ප්‍රමාණය හා අවශ්‍යතාවය මතයි. මගේ වත්තේ පොල් තියෙනවා. ගෙඩියක් 80යි. කැමැති නම් අරන් යන්න. අකමැති නම් නිකන් ඉන්න. පොල් වේලුණාම මම තෙල් හින්දා ගන්නවා. එහෙ ගමේ මිනිස්සු කාර් ගත්තාම මෙහෙ අපි පාරවල් ලොකු කරන්න ඉඩම් දෙන්න ඕනේ.. ඒ වගේම පොල්වතු කැබැලිකර අරගෙන පොල් ගස් කපලා ගෙවල් හදාගත්තාම එන පොල් හිඟයට අපි ලාබෙට පොල් දෙන්න ඕනේ. නාලා වරෙන්කෝ...

:       3       18

nimalSaturday, 26 September 2020 12:12 PM

බමුණා ඉඩම් හිමි පොල් වැවිලිකරුවකු බව නොකියා කියා ඇත. පොල් විකිණීමට සහ පොල්ගෙඩියක මිල රුපියල් 80 සඳහන් කළද බමුණාගේ ගම් පළාත කොහෙද කියා සඳහන් කළහොත් රජයේ මිලට වඩා වැඩියෙන් පොල් ගැනීමට අප සූදානම්. කිරන්නෙත් නැත. මනින්නේත් නැත.

:       2       5

BamunuarachchiSaturday, 26 September 2020 01:40 PM

මිනිස්සුන්ට පොල්වතු තිබෙන්නේ ඉන්න ගම් පළාතෙම නෙවෙයි. මම ඉන්න පළාත කොහේ වුණාම මොකෝ..? පොල් ඉඩම් කෑල්ලක් තියෙනවා නම්

:       2       3

PrasadSunday, 27 September 2020 12:11 AM

බමුණුට කඩේ යාම වෙනුවෙන් ඩේසි ආච්චිගෙන් පොල් වත්තක් තෑගි ලැබී ඇත.

:       0       1

samira Saturday, 26 September 2020 06:58 AM

මේ කරන අය මොනතරම් මෝඩද? පොල්කටුව පිටින් මුඩ්ඩ හැර කිරුවාම ගණනක් කියනවා නම් ඉවරයිනේ... දැනටමත් සමහර පළාත්වල පොල් කිරලා දෙන්නේ..

:       0       8

Nihal Saturday, 26 September 2020 08:01 AM

අපේ ගමේ පොල් හොරකම් කරන කෙනා ළඟදී මැරුණා. හිටියා නම් කෝටිපතියෙන් වෙන්න තිබුණා. හරිම කණගාටුයි.

:       0       13

siri Saturday, 26 September 2020 08:24 AM

පොල් ඇමති කෙනෙකුත් පත් කරන්නයි තියෙන්නේ... රටකට ගිය කලක්..

:       0       13

ගල්බමුනුSunday, 27 September 2020 01:14 AM

මෙන්නෙ බොලේ ගැසට් එක නිකුත්කලා විතරයි. අපේ පළාතේ දැන් පාරකවත් යන්න බැරි තරමට පොල් වෙළෙන්දො පිරිලා පොල් වෙළදාම කරනවා. කොහෙන් ගෙනා පොල්ද මන්දා

:       0       1

nimal Saturday, 26 September 2020 04:36 PM

බමුණ කොළඹ, කුරුණෑගල හලාවත පොල් ත්‍රිකෝණයේ හෝ වෙන පැත්තක වුවත් ප්‍රශ්නයක් නැත. ඔබ විදේශගත සිටියද අපට කම් නැත. ඔබගේ පොල් ඉඩම තිබෙන ලංකාවේ ඕනෑම තැනකට පැමිණ පොල් ගැනීමට අප සූදානම්. ඔබගේ පොල් ඉඩම බලාකියාගන්න කණ්ඩායමට අවසරයක් දෙන්න. මේ පැමිණ තිබෙන පොල් අර්බුදයෙන් රට ගලවාගැනීමට අපට සහයෝගය දෙන්න. අඩුම ගණනේ ලක්ෂ 69ක ජනතාවට පොල්සම්බෝල සමග බත් හෝ පාන් කන්නවත් පුළුවන් වාතාවරණයක් සකසන්න අපට සහයෝගය දෙන්න. මේ වෙලාවේ බමුණ ඔබට සිතන්නට තිබෙන්නේ ඔබලා පත්කරගත් ගෝඨාගේ රජයට සහයෝගය දක්වන්නේ කෙසේද කියා කියමිස පොල් වැඩිමිලට විකුණා පව් සිද්ද කරගන්න අවස්ථාවක් නොවන බව අමතක නොකරන්න..

:       0       1

BamunuarachchiMonday, 28 September 2020 12:35 PM

රටේ පොල් නැතිවීමට ගෝඨාභය වගකිව යුතු නැහැ. පොල්වතු කට්ටිකර විකුණුවේ 1980 කාලේ සිටයි. දැන් මිනිස්සු ඒවල පව් ගෙවනවා. අපි බලාගෙන ඉන්නවා. පොල් මිල වැඩිවුණාට කිසිම රාජ්‍ය නායකයෙක් වගකිව යුතු නැත.

:       1       0

Walter White Saturday, 26 September 2020 11:52 PM

මම හිතාගෙන ඉන්නේ නම් ස්ටෙන්සිල් එකක් කප්පවාගෙන ගිහින් ඒවායින් පොල් ටෙස්ට් කර බලන එක.

:       0       0

rana Sunday, 27 September 2020 05:12 AM

හ හා ඔය එන්නේ, ඔය එන්නේ ඔහොම යමු, ඔහොම යමු.

:       0       1

Kumara Monday, 28 September 2020 04:49 AM

දැන් රටට විහිළු සැපුයුවා හොඳටම ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 39 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 61 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 318 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 128 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 375 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 588 2

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site